“මේ Photo එක මම අරන් දැන් අවුරුදු ගානක් වෙනවා.”
ගායන ශිල්පියෙක් ලෙස කවුරුත් ආදරය කරන සචිත් පිරීස්, මුහුණු පොතෙත් අතිශය ජනප්රිය චරිතයක්. පසුගිය දවසක ඔහු මුහුණු පොතේ පළ කරපු ඡායාරූපයකට සංවේදී ප්රතිචාරයක් ලැබිලා තිබුණා.
එම ඡායාරූපයේ පුද්ගලයෙකු ඇවිද යන අයුරු දැක්වෙනවා.
"දෙයියනේ! ඔය ඇවිදන් යන්නෙ මගේ තාත්තී, එයා නැතිවෙලා දැන් අවුරුදු තුනක්. මේ ෆොටෝ එක දැක්කම ඇඟ හිරි වැටුණා" කියලා කෙනෙක් ඡායාරූපයට "කමෙන්ට්" කරලා තිබුණා.
කොහොම වුණත්, සචිත්, ඒ ඡායාරූපය සහ කමෙන්ටුව පළ කරමින් තවත් සටහනක් ඔහුගේ මුහුණූ පොතට එක් කළා.
එහි දැක්වුණේ,
"මේ Photo එක මම අරන් දැන් අවුරුදු ගානක් වෙනවා. මම දුක් වෙනවා මේ ඉන්න මාමාගෙ මූන පේන්න එක පින්තූරයක් ගන්න බැරිවුන එක ගැන." කියලයි.
ඡායාරූප කිහිපයක් පහතින්..