ජාතියක් ආගමක් නැතුව හැමෝම ආසාවෙන් සමරන නත්තල් දිනට පසුදා හැමෝගෙම හිත්වල පැල පදියන් වූ දවස තමයි දෙසැම්බර් 26 කියන්නේ. 2004 දෙසැම්බර් 26 දින පෙරවරු 9.35ත් 9.40ත් අතර බොහෝ පිරිසක් අසා පමණක් තිබූ කවදාවත් නොදැක්ක සුනාමියකට බිලී වුණා. තවත් පිරිසක් අතුරුදහන් වුණා. ඒ අතුරුදන් වූ අය අදටත් හොයා ගන්න නැහැ. මේ සිදුවීම ලෝකයක් කම්පාවට පත් වුණා.
ඒ වගේම වසර 17ක් ගත වුවත් තමන්ගේ අතුරුදහන් වූ අය අද එයි හෙට එයි කියන බලාපොරොත්තුවෙන් දිවි ගෙනවා. ඒ වගේ සිදුවීමක් අපිට වාර්තා වුණා. ඒ කිරුළපන ප්‍රදේශයෙන්, කතා නායිකාව හිරුණි තරුෂිකා. 2004 වර්ෂයට වයස අවුරුදු 7යි , උපන්නේ අගෝස්තු මස 14 වැනිදා. මේ වසරට ඇයගේ වයස අවුරුදු 24යි. මේ කතා නායිකාවගේ අම්මා තාත්තා වගේම අක්කා තවම ජිවතුන් අතර. හිරුණි නිවසට කොයි මොහොතේ හෝ එයි කියලා බලාගෙන ඉන්න ආදරණිය අක්කා තමයි නදුනි හංසනා වන්නිආරච්චි. 2004 සුනාමි ව්‍යසනයට මුහුණ දෙද්දී නදුනිගේ වයස අවුරුදු 14යි. තම ආදරණිය නැගණිය ගැන මතකය ආවර්ජනය කරන නදුනි හිරුත් එක්ක කී කතාව
"අපි දෙන්නම ඉගෙන ගත්තේ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ . මමයි නංගියි අම්මයි තාත්තයි ඇතුළු නව දෙනෙක් 26 වැනිදා විනෝද චාරිකාවක් ගියා. අපි විනෝද චාරිකාව ගියේ කෝච්චියේ. අපි ගිය කෝච්චියත් සුනාමියට අහුවුණා. අපි හයදෙනාගෙන් හත් දෙනෙක් බේරුණා. අපේ නෑදෑ අක්කාගේ සිරුර ලැබුණා.
නංගි අතුරුදහන් වුණා..සුනාමි ඛේදවාචකයෙන් පසුව අපේ නංගිව හොව්වා. හැම තැනම ගියා. නංගිව හොයන්න බොහෝ දෙනෙක් උදව් කරා, කෝච්චි පෙට්ටි උස්සද්දී පවා අපිට කතා කළා ඒ මිනි අස්සේ නංගිගේ සිරුර තියෙනවද බලන්න, නමුත් කිසිම තැනකින් ලැබුනේ නැහැ, පස්සේ අපි පෝස්ටර් ඇලෙව්වා නංගිව ලැබුණොත් කියන්න කියලා. ඒ විදිහට එක අංකල් කෙනෙක් අපේ තාත්තාට කතා කරලා කිව්වා නංගිව බේරුවේ එයා කියලා, වෙච්ච සිදුවීම් කිව්වා.
පසුව ඒ අංකල්ට තාත්තා කිව්ව නංගිව බේරාගත්ත තැනට එක්කගෙන යන්න කියලා, ඒ අංකල් එතනට එක්කගෙන ගියා, අපේ කෝච්චි පෙට්ටිය තිබ්බ තැනට අඩි දහයක් විතර එහාට වෙන්න ගහක් පෙන්නුවා. ඒ ගහේ අත්තක තමයි නංගි එල්ලිලා ඉදලා තියෙන්නේ, ඒ අංකල් නංගිව බිමින් තියලා එයාගේ දුව එක්ක එයාගේ වයිෆ්ව හොයන්න ගිහින්. එයාගේ වයිෆ්ගේ සිරුර ලැබිලා. අපි ඒ ගහ තිබ්බ තැනට ටිකක් නුදුරින් තිබ්බ ගෙදරකට ගියා ඒ ගෙදර පිරිමි දෙන්නෙක් ගේ අස්කර කර හිටියා, නංගිගේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා. එයාලා කිව්වා කවුරු හරි කෙනෙක් නංගිව අත්තෙන් බිමට තිබ්බා දැක්කා කියලා, ඒ අපේ නංගි කියලා තහවුරු කරගන්න පුළුවන් වුණා, නමුට්ර්හ් අපි නංගිව හොයන එක නතර කරේ නැහැ, ටික දුරක් යද්දී සුනාමි ව්‍යසනයට පත් වූ පිරිස පන්සලක හිටියා. ඔරුවකින් යන්න තිබ්බේ. අපි ඒ ඔරුවෙ හිටපු කෙනෙක්ගෙන් ඇහුවා, පොඩි ළමයෙක් හිටියා කිව්වා.
අපේ නංගිගේ හැඩරුව සියයට 90ක් කිව්වා, නංගිව බිමින් තිබ්බ අංකල් නංගි ඇදගෙන හිටපු ඇඳුම පවා කිව්වා. ඉතින් අපිට හොඳට තහවුරු වුණා නංගි ජිවතුන් අතර කියලා, පසුව අපේ අම්මව දැකලා අර අංකල් හරියට ඇඩුවා එයා බේරා ගත්ත නංගිගේ හැඩරුව අම්මගේ මුහුණ වගේමයි එයාට නංගි ගැන බලන්න බැරි වුනානේ කියලා, අවුරුදු 17ක් තිස්සේ අපි නංගිව හොයනවා, තවම ජිවතුන් අතර කියලා අපි දන්නවා එයාගේ සිරුර ලැබුනේ නැති නිසා.
එයාට මාව අමතක වෙන්න විදිහක් නැහැ, එයා කොහේ හෝ හොඳින් ජිවත් වෙනවා ඇති, නමුත් අපි ඉල්ලීමක් කරනවා ජිවතුන් අතර ඉන්නවා නම් අපිව බලන්න එක පාරක් ඇවිත් යන්න කියලා. මගේ ෆේස් බුක් එක මගින් වුනත් හොයා ගන්න පුළුවන්. ඇයි තවමත් එයා අපි ගැන හොයන්නේ නැත්තේ කියන ප්රශ්නය තියෙනවා. අපි ලඟට ඇවිත් ජිවත් වෙන්න ඕන නැහැ, නමුත් එක පාරක් ඇවිත් අපිව බලලා යන්න එන්න කියලා කියනවා.."
වසර 17ක් ගතව ඇතත් තවමත් තම නැගණියගේ මතකයන් එක්ක ජිවත් වෙන නදුනි ඉල්ලන්නේ ඒ ඉල්ලීම පමණයි.
හර්ෂණී වීරරත්න