Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
24
"අපි හොරා කාලා පොහොසත් වුණු අය නෙමෙයි, මැතිණියට බෙන්ස් තියෙද්දී තිස්සමහාරාමයේ හිටපු අපිටත් තිබ්බේ බෙන්ස් එකක්.." - පියාගේ දේශපාලනය නිසා තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ගැන මාලක සිල්වා කියයි

- "අපි හොරා කාලා පොහොසත් වුණු අය නෙමෙයි, මැතිණියට බෙන්ස් තියෙද්දී තිස්සමහාරාමයේ හිටපු අපිටත් තිබ්බේ බෙන්ස් එකක්.." - පියාගේ දේශපාලනය නිසා තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ගැන මාලක සිල්වා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"එතකොට මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් .." 
 
"මම ඉස්සර හිටපු මාලක නෙමෙයි, මමත් දේශපාලනයට එනවා.."
 
"මමත් මගේ ඉස්කෝලෙක වාහන එළවගෙන ආපු අයගෙන් එක්කෙනෙක්.."
 
මර්වින් සිල්වා කියූ සැණින් හැමෝගෙම හිතට එන්නේ ඔහු දේශපාලන ජිවිතයේ ඉන්න චන්ඩියෙක් කියලා. කොහොම නමුත් ජනතාවගේ ආදරේ ලබන්නත් ඔහුට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි කාලයක් දේශපාලනයේ රැදී සිටියේ. ඔහුගේ පුත් මාලක සිල්වා ගැනත් තියෙන්නේ ඒවගේම මතයක් තමයි. නමුත් ඔහු නම් තවම දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කාලයක් ඔහු ගැනත් ජනතාව කතාබහ කළා. ඒ නිසාම ඔහු අපේ කතාබහකට සම්බන්ධ කරගත්තා. මේ මාලක සිල්වා අපිත් එක්ක කතාබහකට එකතු වූ අයුරුයි.

මාලක සිල්වා කාලයක් චන්ඩියෙක් විදිහට හංවඩු ගැහුවා නේද..?
මම නම් චන්ඩියෙක් නෙමෙයි. අහිංසකයෙකුත් නෙමෙයි. සාමාන්‍ය විදිහට ජිවත් වුණු තරුණයෙක් කියන්න පුළුවන්.
 
නයිට් ක්ලබ්වල ප්‍රසිද්ධ චරිතයක් නේද..?
මම කොහෙවත් චන්ඩිකම් කළා කියලා ප්‍රසිද්ධ වෙලා නැහැනේ. ප්‍රසිද්ධ වුණේ නයිට් ක්ලබ්වල රණ්ඩු වෙලා තමයි. මත්පැන් ගත්ත අය මාත් එක්ක රණ්ඩු වෙලා තියෙනවා. ගුටි කාලත් තියෙනවා, ගහලත් තියෙනවා. නමුත් චන්ඩියෙක් නම් නෙමෙයි. ක්ලබ් යනවා කියලා හැමදාම ගියෙත් නැහැ. මාසෙට දෙතුන් වතාවක් ගියෙත්. ඔය කියන විදිහට මට ක්ලබ් චන්ඩියෙක් කිව්වට නම් කමක් නැහැ.
 
ඔබේ පියා මර්වින් සිල්වා මන්ත්‍රීවරයෙක් හැටියට වගේම අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා, ඇයි ඔබ දේශපාලනයට එන්නේ නැත්තේ, එන්න අදහසක් නැද්ද..?
ඉස්සර නම් මට එහෙම අදහසක් තිබෙන්නේ නැහැ. නමුත් මේ රට යන විදිහට නම් මට හිතෙනවා දේශපාලනයට සම්බන්ධ වෙලා ජනතාවට සේවය කරන්න ඕන කියලා. තවම ස්ථිර අදහසක් නැහැ. හිතුණොත් දේශපාලනයට එනවා, නැවත දේශපාලනයෙන් තාත්තාව දකින්නත් පුළුවන්. එහෙම නැත්තම් මාව දකින්නත් පුළුවන්.
 
දේශපාලඥයෙක් වෙන්න ජනතාව මනාප දෙන්න ඕන, දැන් පවතින දේශපාලනය තුළ ජනතාව ඉන්නේ කලකිරීමෙන්, ඒ වගේ කාලයක ඔබ දේශපාලනයට පිවිසීම සාර්ථක වෙයි කියලා හිතනවද..?
ඒක නම් ඇත්ත. ජනතාව කලකිරීමෙන් ඉන්නේ. මම නම් කියන්නේ දේශපාලනයට එන්න ඕන සල්ලි දැකලා තියෙන මිනිස්සු, සල්ලි නැති හෝ සල්ලි දැකලා නැති මිනිස්සු දේශපාලනයට අවොත් වෙන්නේ ඒ අය ඉස්සරලම සල්ලි හම්බකරන එක. මම කොහොමත් පොඩි කාලේ ඉදලා සල්ලි දැක්ක කෙනෙක්. මගේ තාත්තා දේශපාලකයෙක් වෙන්න කලින් ව්‍යාපාරිකයෙක්. අම්මගේ පවුලේ අයත් එහෙමයි. අපි හිඟන්නෝ නෙමෙයි. සල්ලි දැකලා තියෙන මිනිස්සු දේශපාලනයට අවොත් ජනතාවට සේවයක් වෙයි. එහෙම අය ඉන්නවා.
 
ඔබේ පියා බලයේ ඉන්නකොට දේශපාලනයට ආවේ නැත්තේ ඇයි ..?
බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නේ දෙමාපියන්ගේ බලපෑම් එක්ක, බලකිරීම් නිසා දරුවෝ දේශපාලනය සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. මගේ තාත්තා මට බල කළේ නැහැ. මට දේශපාලනයට කැමැත්තක් තිබ්බෙත් නැහැ. පුංචි කාලේ ඉදලා තාත්තා දේශපාලනය කරනවා මම දැකලා තියෙනවා, ඒක හරිම කටුක අත්දැකීමක්. ඔය හේතු නිසා තමයි මම දේශපාලනයට අවේ නැත්තේ. නැත්තම් තාත්තා බලයේ ඉන්නකොට මම දේශපාලනයට ආවා නම් දිනන්නත් තිබ්බා.
 
පියාගේ බියකරු දේශපාන ජිවිතේ එක්ක ඔබේ කුඩා කල ගෙවනේ කොහොමද, තිස්සමහාරාමේ ගෙවුණු ජිවිතේ සුන්දර ඇති ..?
ගමක ජිවත් වෙන්න ඕන එහි අසිරිය හා නිදහස විඳින්න. මම තවමත් මගේ බිරිඳ එක්ක ගමේ යනවා. එහෙ ඉන්න ජනතාව මම ඇසුරු කරනවා. එකට කාලා බිලා විනෝද වෙලා එනවා. ඒක සුන්දර අත්දැකීමක් එදත් අදත්. නමුත් තාත්තාගේ දේශපාලන ජිවිතේ පවුලක් හැටියට අපිට දැඩිලෙස පිඩා ඇති කළා. අපි පුංචි කාලේ තිස්සමහාරාමේ හිටියේ. 
 
ඒ කලේ අපේ පවුලට ලොකුවට බලපෑම් ආව. ජේ වී පී කාලේ අපේ ගෙදරට වෙඩි තිබ්බා. වෙඩි වැදිලා මගේ තාත්තාගේ සහෝදරියයි එයාගේ සැමියයි මැරුණා. . ඒ වගේම මගේ තාත්තට වෙඩි වැදුණා. හරි බයෙන් ජිවත් වුණු කාලයක් තිබ්බ. ඒ කාලේ ජිවිතයක් තිබ්බේ නැහැ කිව්වොත් හරි. කිසිම නිදහසක් නැහැ. උදේ නැගිටිද්දීත් රෑට නින්දට යද්දිත් ගෙදර මිනිස්සු පිරිලා තිබ්බ පරිසරයක් තිබ්බේ. නිදහස් ජිවිතයක් දැක්කේ නැහැ.
 
පියා දේශපාලනයෙන් මදක් ඈත් වෙලා ඉන්න නිසා දැන් ඒ සතුට නිදහස ඔහුත් එක්ක භුක්ති විදිනවා ඇති..?
මෙහෙමයි මටයි තාත්තාටයි එකට වාඩි වෙලා ඉන්න පුළුවන් විනාඩි කිහිපයක් විතරයි. මොකද එයාටත් තරහා යනවා මටත් තරහා යනවා. දෙන්නගේ කතාබස්වල නොගැලපීම් තිබ්බොත් දෙන්නටම තරහා යනවා. ඒ නිසා අපි දෙන්නා එකට වාඩි වෙලා කතාබහ කරනවා අඩුයි. දේශපාලන මත නිසා තමයි අපි දෙන්නා රණ්ඩු වෙන්නේ. කොහොමත් පහුගිය අවුරුදු 5ක් ඇතුළත අපි ගෙදරක් ඇතුලේ තියෙන්න ඕන පවුල කියන එක තිබ්බා. හැමෝම ගෙදර හිටපු නිසා. සතුටින් ජිවත් වෙනවා, ඒ වගේම කියන්න ඕන තාත්තගේ දේශපාලන ජිවිතේ නිසා අම්මා තමයි පුදුම කට්ටක් කෑවේ කියන එක.
 
ජනප්‍රිය චරිතවලට කොහොමත් විවේචන එල්ල වෙනවා, හොඳට වඩා නරක, පියාගේ දේශපාලන ජිවිතේ නිසා ඔබත් නින්දා අපහාස විඳින්න ඇති..?
අප්පෝ ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. තාත්තා අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරද්දී තමයි වැඩිපුරම නින්දා අපහාස වින්දේ දැන් කියලත් වෙනසක් නැහැ. මාලක සිල්වා කියන්නේ දේශපාලඥයෙක්ගේ පුතෙක්නේ. ඒ නිසා අපිවත් දේශපාලඥයෙක්ගේ මට්ටමටම දාලා කතා කරන්නේ. ඒ කාලේ උදේ නැගිටිද්දී පත්තරවල හෝ වෙනත් මාධ්‍යවල යන්නේ තාත්තාට බැනලා නිවුස්. හොඳක් නම් තාත්තාට කියලම නැතුව ඇති. ඒවා දකිද්දී දුක හිතිලා තියෙනවා. දේශපාලන ජිවිතේ ගැන කලකිරීම් ඇති වෙලා තියෙනවා.
 
දැන් මට අපහාස කරන අය ඉන්නේ සමාජ මාධ්‍යවල. ෆේස්බුක් එකේ නිතරම මට බණින අය ඉන්නවා. ජනතාවගේ සල්ලිවලින් ජිවත් වෙන අය කියලා බැනලා තියෙනවා. හොරා කනවා කියලා කියනවා . මේ වගේ කතා කියන අයට මම මතක් කරලා දෙන්න ඕන මම හිඟන්නෙක් වෙලා දේශපාලනය නිසා මෙහෙම ඉන්නවා කියලා හිතනවා නම් ඒක නෙමෙයි ඇත්ත කියලා. තිස්සමහාරාමේ ඉන්න කාලේ ඉදලා අපිට හොඳට සල්ලි තිබ්බා. අපි කවදාවත් හොරා කාලා නැහැ . සිරිමාවෝ මැතිණිය බෙන්ස් එකක් පාවිච්චි කරද්දී අපේ ගෙදරත් තිබ්බේ බෙන්ස් එකක්. ඊට අමතරව වාහන හතරක් තිබ්බා. එතකොට මගේ තාත්තා දේශපාලනයට ඇවිත් නැහැ. ව්‍යාපාරිකයෙක්. මමත් මගේ ඉස්කෝලෙක වාහන එළවගෙන ආපු අයගෙන් එක්කෙනෙක් අනිත් එක මම ගියේ කොළඹ ශාන්ත තෝමස් විදුහලට. ඒ වගේම මම ඉස්සර හිටපු මාලකත් නෙමෙයි. ඉස්සර වගේ දැන් මම පිස්සු නටන්නේ නැහැ.
 
මේ හැම දෙයක් එක්කම ඔබ දේශපාලනයට එනවට ඔබේ බිරිඳ කැමති වෙයිද..?
තාත්තා හැර කිසිම කෙනෙක් කැමති නැහැ අපේ පවුලේ කවුරුත් දේශපාලනය කරනවාට. මගේ බිරිඳ වෙනත් රටක කෙනෙක්. මම හිරේ ඉද්දි එයා මට හිරේට බත් ගෙනත් දීලත් තියෙනවා. එයා හරි බයයි මේ ජිවිතේට. එයා වෙන රටක කෙනෙක් වුනාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. එයා කැමති ලස්සන නිදහස් ජිවිතයක් ගත කරන්න.
 
හර්ෂණී වීරරත්න
 


May be an image of one or more people, people sitting and indoor
 
May be an image of one or more people, people standing, sunglasses, mountain and sky
 
No photo description available.
 
No photo description available.
 
No photo description available.
 
No photo description available.
 
May be an image of one or more people, people standing, outdoors and monument
 
May be an image of one or more people, people standing, sunglasses, mountain and sky
 
 
 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top