Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
16
"කොටට ඇඳුම් ඇදලා මට ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නැහැ, ඒ චරිත මම භාර ගත්තේ නැහැ.." - අශිකා මතසිංහ

- "කොටට ඇඳුම් ඇදලා මට ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නැහැ, ඒ චරිත මම භාර ගත්තේ නැහැ.." - අශිකා මතසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,154 Views
"එයාට ඒක කරදරයක් නෙමෙයි.."
 
 "මම රඟපාන එක එයාලට වාසියි, ඒ නිසා එපා කියන්නේ නැහැ.." 
 
වෙළෙඳ දැන්වීමකින් ජනතාව අතරට ගොස් ඒ ජනප්‍රියත්වය වසර ගණනාවක් පුරාවට ඒ විදිහටම තියාගෙන ඉන්න හැමෝටම බැහැ. අශිකා මතසිංහ කියන්නේ නමට වඩා රුව නිසා ජනතාව අතරට ගිය රංගන ශිල්පිනියක්. ඉදහිට නිර්මාණයකින් දකින්න ලැබෙන අශිකා අහස් මාළිගා නාට්‍යයෙනුත් දැකගන්න ලැබුණා. නිර්මාණවලින් වැඩිය දකින්න නැත්තේ ඇයි කියන ප්‍රශ්නය වගේම ඇයගේ නවතම තොරතුරු දැනගන්න අපි ඇයත් එක්ක කතාබහ කළා. මේ අශිකා ගැනයි.

අශිකා වැඩිය දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි නේද..?
වැඩිය දකින්න නම් ලැබෙන්නේ නැහැ තමයි. නිර්මාණ භාර ගන්නේ තෝරා බේරාගෙන. ඒ විදිහට අවුරුදු දෙකකට පස්සේ තෝරා ගත් ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා. මේ දිනවල එහි රූ ගත කිරීම් කරනවා. ඊට අමතරව හිරු ටෙලි ෆිල්ම් කිහිපයකින්ම දැකගන්න ලැබුණා. නත්තල් නාට්‍යටත් මට හිරු එකෙන් ආරාධනා කළා. එයටත් සම්බන්ධ වෙනවා.
 
නිර්මාණවලින් ඉදහිට දකින එක ප්‍රතිචාර ලබන්න හෝ නිර්මාණ සඳහා ආරාධනා ලබන්න අවාසියක් නෙමෙයිද..?
මම ඒ කරණා දෙක ගැනම එතරම් හිතන්නේ නැහැ. මට සුදුසු චරිතයක් තිබ්බොත් නිර්මාණකරුවන් මට ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රතිචාර ලැබෙනවා මම කරන හැම චරිතයකටම වගේ. මම අහස් මාලිගා නාට්‍යයේ අහිංසාගේ අම්මගේ චරිතයට රංගනයෙන් දායක වුණා. ඒකටත් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. වෙනස්ම චරිතයක් නිසා. මේ දවස්වල විකාශය වෙන දිවිතුරා නාට්‍යටත් ආරාධනා ලැබුණා චාමර අයියාගෙන්. නමුත් මට එයට සම්බන්ධ වෙන්න බැරි වුණා කොවිඩ් ප්‍රශ්න එක්ක. දරුවෝ නිසා.
 
මේ දිනවල ඒ නාට්‍ය අතිශය ජනප්‍රියයි, ඒ චරිතය භාර නොගැනීම ගැන දුකක් නැද්ද..?
දිවිතුරා නාට්‍ය බලද්දී අපරාදේ ඒ චරිතය භාර ගත්තේ නැත්තේ කියලා දැන් හිතෙනවා. දුකයි ඒත් මොනා කරන්නද දරුවෝ ගැන හිතන්නත් ඕනනේ.
 
දරුවෝ දැන් ලොකුයි නේද, ඒ ගැනත් මතක් කරමු..?
තුන් දෙනාම ලොකුයි. පාසල් යනවා. ලොකු දුවට වයස 11යි, දෙවැනි පුතාගේ වයස අවුරුදු 10යි. චුටි පුතාට අවුරුදු 6යි. කොරෝනා නිසා අනිත් දරුවන්ට වගේම මගේ දරුවෝ තුන්දෙනාටත් අධ්‍යාපන වැඩ අඩාල වුණා. කොහොම නමුත් දරුවන්ගේ වැඩත් කරගෙන නිර්මාණවලට දායක වෙනවා.
 
ඔබේ කාර්යබහුලකම එක්ක ඔබට රඟපාන්න එපා කියලා දරුවෝ කියන්නේ නැද්ද..? දරුවෝ වැඩිපුරම කැමති අම්මා ළඟ ඉන්නනෙ..?
දැන් තුන්දෙනාම ඉන්නේ තේරුම් තියෙන වයස්වල. එයාලා දන්නවා මම එයාලට අඩුවක් කරන්නේ නැහැ කියලා. මම ගෙදරට වෙලා ඉන්නවට වඩා රඟපාන එක ගැන එයාලා සතුටු වෙනවා. මම කොහොමත් කොහේ ගියත් දරුවන්ගේ වැඩ සියල්ල කරලා යන්නේ. කෑම බිම හදන්නේ එයාලගේ සියලු වැඩ වගේම ගෙදර වැඩ සියල්ල කරන්නේ මම. අම්මා කෙනෙක් විදිහට මම මහන්සි වෙන විදිහ දරුවෝ දකිනවා. ඒ නිසා මාසෙට දවසක් දෙකක් ගෙදර එයාලා එක්ක නැහැ කියලා මට දොස් කියන්නේ නැහැ. විශේෂයෙන්ම මම රඟපාන එක ගැන සතුටු වෙන්නේ එයාලට විශේෂ කෑම බීම වගේම අවශ්‍ය දේවල් වැඩිපුර ලැබෙන්නේ මම රඟපාලා උපයන මුදලින් කියලා දන්නවා. ඒ වාසි නිසා මම රඟපාන්න යනවට කොහොමත් කැමතියි.
 
අනිත් එක මම වරදක් කරන්නේ නැහැ කියලා එයාලා දන්නවා.
 
ඔබේ සැමියා හමුදා සේවයේ නියුතු නිළධාරියෙක්, ඔබ නිළියක්, ඇතැමුන් කියනවනේ හමුදා නිළධාරීන් තද නීති ක්‍රියාත්මක කරන බව, නිවෙසේදී ඔබේ සැමියාත් ඔබව වාරණ කරලාද තියෙන්නේ..?
එයා රැකියාවට නීතිරීති ක්‍රියාත්මක කළාට, ටෆ් කෙනෙක් වුණාට පවුල් ජීවිතයේදී එහෙම නැහැ. එහෙම අනවශ්‍ය නීතිරීති එක්ක පවුල් ජිවිතයක් ගත කරන්න අමරුයිනේ. මම දරුවෝ තුන් දෙනෙක් එක්ක පවුල් ජිවිතේට වෙහෙසෙන විදිහ එයා දන්නවා. එයාට අමුතුවෙන් මට නීති දාන්න හේතුවක් නැහැ. සැමියෙක් විදිහට මට උදව් කරලා පවුල් ජිවිතේ සමබරව ගෙවන්න උදව් කරනවා.
 
ඔබේ ජනප්‍රියත්වය ඔහුට කරදරයක් නෙමෙයිද..?
මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි, ඒ නිසා කාටවත් කරදරයක් නැහැ. මම පිටතට මේකප් දාලා යන්නේ නැහැ. ලිප්ස්ටික් විතරයි භාවිතා කරන්නේ. මාව ගොඩක් අය අදුරගන්නෙත් නැහැ. ඒ නිසා ඔය ගැටළු එයාට මතු වෙලා නැහැ. එයාට ඒක කරදරයක් නෙමෙයි. මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. එයාලා මුහුණු පොත ඔස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ, ඇතැම් අය මගෙන් අහනවා ඔයාද අහවල් නාට්‍යයේ ඉන්නේ කියලා. එකපාරටම අදුරන්නේ නැහැ.
 
සමාජ මාධ්‍යට එකතු කරන ඡායාරූප නිසා පවුල් ප්‍රශ්න ඇති වෙලා නැද්ද..?
නැහැ. මම සමාජ මාධ්‍යට එකතු කරන හැම ඡායාරූපයක්ම දන්නේ හරිම පරිස්සමින්. මම කොහොමත් අනවශ්‍ය විලාසිතා භාවිතා කරන්නේ නැහැ. මොකද මම දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. දරුවෝ යන්නේ රජයේ පාසල්වලට. ඒ නිසා කොට ඇඳුම් එහෙම භාවිතා කරන්නේ නැහැ. මම දාන ෆොටෝස් වලට වැරදි විදිහට ප්‍රතිචාර දක්වන්නේත් නැහැ. දැනට එහෙම නැහැ. ඉදිරිය ගැන නම් කියන්න දන්නේ නැහැ.
 
ශරීරය වැඩිපුර නිරාවරණය වෙන විලාසිතා භාවිතා කරන චරිත එහෙම ලැබුණොත් ඒ කියන්නේ ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවා ..?
කොටට ඇඳුම් ඇදලා මට ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නැහැ, මේ තියෙන ජනප්‍රියත්වය හොඳටම ඇති. අනවශ්‍ය දේවල් කරලා සමාජයෙන් බැණුම් අහන්න ඕන නැහැ. සමහර චරිත මම භාවිතා කරන්න තිබ්බ ඇඳුම් විලාසිතා නිසා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොහොමත් මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ ගැලපෙන චරිත තමයි
 
හර්ෂණී වීරරත්න
 


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top