තත්පර තිහක් තුළදී වේදනාවකින් තොරව මරණය ලබාගැනීමට හැකි යන්ත්‍රයක් නිපදවීමට ස්විට්සර්ලන්ත සමාගමක් කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඒ සඳහා එරට රජය අනුමැතිය ලබා දී ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් පැවසෙන්නේ.
මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය භාවිතයට ගැනීමට එරට රජය අවසර ලබා දී ඇත්තේ 2020 වර්ෂයේ 1300ක් සිය දිවි නසාගැනීමට කටයුතු කිරීමත් එසේ සියදිවි නසාගත් පිරිස අතිශය වේදනාවකට පත්ව මිය යාමත් හේතු කරගෙන බවයි සඳහන් වන්නේ. සියදිවි නසා ගන්නා පුද්ගලයා එම යන්ත්‍රය තුළට ගොස් ඔහුම එය ක්‍රියාත්මක කළ යුතුයි.
අංශ භාග රෝගියෙකුට වුවත් අංග චලන මගින් එය ක්‍රියාත්මක වන බවත් සඳහන්. එරට මෙන්ම බොහෝ රටවලින් ඊට විරෝධය ආවත් එරටේ ලබන වසර වනවිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.