Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
08
“...අම්මා කලබලෙන් දුන් ඇමතුමෙන්, අද උදේම අපි කඩාගෙන අම්මගෙ ගෙදර ගියා.. ප්‍රවෘත්තිවල අපි දැකල තිබ්බට ගෙදර ඇතුළේ බෝම්බෙ පත්තු වෙනකම්.... අපිට දැනෙන් නෑ අසරණකම!” - මධුමාදව අරවින්ද, හදිසියේම මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.. - Photos

- “...අම්මා කලබලෙන් දුන් ඇමතුමෙන්, අද උදේම අපි කඩාගෙන අම්මගෙ ගෙදර ගියා.. ප්‍රවෘත්තිවල අපි දැකල තිබ්බට ගෙදර ඇතුළේ බෝම්බෙ පත්තු වෙනකම්.... අපිට දැනෙන් නෑ අසරණකම!” - මධුමාදව අරවින්ද, හදිසියේම මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,922 Views
“අම්මලගෙ ගෙදර 455 වෙනි ගෙදර පරීක්ෂණයෙන් සමත් උන....
දැන් පිපුරණට පස්සෙ මොකද අපි කරන්න ඕනේ...”
 
"පුපුරන ගෑස්" මේ දවස්වල රටේ ප්‍රධානම මාතෘකාවක්.. දවස ගානේ, පුපුරන ගෑස්වල වීඩියෝ එහෙමත් සමාජ මාධ්‍යයේ අපිට දැකබලාගන්න පුළුවන්...! මේ අතරතුරේ ගායන ශිල්පි මධුමාදව අරවින්දත් ඔහුට වුණ ඇබැද්දියක් ගැන සඳහන් කරමින් මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.
 
එම සටහන පහතින් බලන්න....

අම්මගෙ ගෑස් වයරයත් පිපිරුනා
ගිනි ගන්න උනා......
ගොඩක් අයගෙ අම්මල
මට මතක් උනා....
අම්ම කලබලෙන් දුන් ඇමතුමෙන්....
අද උදේම අපි කඩා ගෙන අම්මගෙ ගෙදර ගියා..
ප්‍රවෘත්ති වල අපි දැකල තිබ්බට...
ගෙදර ඇතුලෙ බෝම්බෙ පත්තුවෙනකම්....
අපිට දැනෙන් නෑ .... අපෙ අසරනකම..
කාට කියන්නද....
මොකක්කරන්නද....
ඔය වගේ දාහක් හේතු හිත හිත අපි ඉගිලුනා අම්මලගෙ ගෙදරට......
ඇයට අනතුරක් නෑ... ඇගේම පිහිටෙන්...
තාත්තා ටත් අනතුරක් නෑ....
අයියට අනතුරකුත් නෑ..
ටික දවසකට කලින්, අම්මගෙ ගෑස් එකට සබන් පෙන දාල අපි බැලුව .
මුකුත් වෙලා තිබ්බෙ නැ....
ඒත් මාසයක් පාවිච්චි කරන ගෑස් එක මේපාර දවස් 13 ඉවර උනා....
ඒකටකමක් නෑ කියල අපි කිව්වෙ....
එහෙම උනේ ඇයි කියල අපි දන්නෙ නැති නිසා...
අම්මගෙ අතිරේක ගෑස එක හයියකරල සබන් පෙන
විද්‍යා ව කලා.... (කොච්චර දිවුනු ජාතියක්ද අපි)
ඒකත් මුකුත් නෑ....
ඒ උනාට ඒක ගෑස් කොහෙන් හෝ කාන්දු කරල
අම්මගෙ කුස්සියෙ අද ගිනි තිබ්බ..
වහල , වටපිටාවෙ භාජන කිහිපයක් විනාශ කරල... අම්මට මුකුත් නොකර ඒ ගින්න
තාත්තා අතින් නිවිලා ගිහින්...
ඇත්තටම කාටවත් මුකුත් නොකියා...
ඔබට කියන්නේ.....
හෙට ඔබට මෙය වෙන්න පුලුවන්....
ගෙදරටම එවල තියෙනව අවුරුදු 73 මේ රට කරවපු හැමෝම එකතු වෙලා අපිට....
පරීක්ශනාගාරයක්.....
පිපිරෙනවද නැද්ද බලන්න...
ජයවේවා ....
අම්මලගෙ ගෙදර 455 වෙනි ගෙදර පරීක්ශනයෙන් සමත් උන....
දැන් පිපුරනට පස්සෙ මොකද අපිකරන්න ඕනේ...
හරි මන් කියන්නම්...
ගින්න නිවා ගන්න...
ගෑස් එක එලියෙන් තියන්න...
තුවාල ඇත්නම් බෙහෙත් කරගන්න,
ගිනි ගත්ත තැන් , බඩු ගොඩක් ගසා විසිකරන්න,
ගිනි ගත්ත වහලට වහල් කෑල්ලක්දා ගන්න...
බූමිතෙල්, දර හෝ විදුලි ලිපක් හොයාගන්න..
එක්කො මේක අදිරාජවාදී බලල් ඇටයක් කියල සැක කරයි තව සැට් එකක්...
අරකට්ටියක් දාල තියෙනවා වියත්තු ටිකක්..
උන් කුස්සියට රිංගල ඔබෙන් ප්‍රශ්න අහයි...
ගිනි ගන්නකොට කොහෙද රත් උනේ.. කොහෙද නිවුනේ කියල..... තටු මාරු උනාද බුරිය උල් උනාද කියල අහයි.....උන්වත් ගෙන්න ගන්න...
ගෙදර ගිනි ගත්ත බව ඔබට ඉන්න හිතවතුන්ට කියන්න...
නැත්තම් මෙහෙම බුකියේ දමන්න...
මොන මගුලක් හරි කරන මගුල් ටික ඔක්කම ඔබම කරගන්න...
ඉතිං සාදු කාරයක් දෙන්න පිංවත...
අපිත් ඔන්න එහෙමම කරගත්තා.....
අර මාද්‍ය ට කියන එකයි කුස්සුයට රිංගන වියත්තු ටිකටයි දේසපාලුවො ටිකටයි කිව්වෙ නෑ ඉතිං... චොරි හරිද...
ඔය ඔක්කම ටික ඉවර උනාම...
පුපුරපු නැති ලෝකෙ තියෙන කැතම කුනු හරුප ටිකක් ගෑස් එක ලගින් අම්මගෙ
තියල ආව.......
දවසක පුපුරවන්න......
ඒ කුනු හරුප වලට පාටක් නැ
හැඩයක් නෑ....
ඒවා අවුරුදු හැත්ත තුනක් රටට පරන..
මටත් අවුරුදු තිහක් තිස්සෙ (18 චන්ද අයිතිය ලැබිල තිහයි මට ) හොදට අත් වින්ද කුනු හරුප...
එහෙම කුනු හරුප ගොඩක් ගොඩාක් ගෙවල් වල ලොකු වෙනව, හැදෙනව, මිරිකි මිරිකි ඉන්නව...
එහෙම් ඇත්ත මිනිස්සු දවසක පුපුරාවි...
එතකම් ඒ මිනිස් ගින්න ... රත් උනාවෙ...
ගෑස් පිපුරුනාම අපි බේරුනා......
හැබැයි අරකුනු හරුප ටික පුපුරන දා....
මොන පාටින් හැන්ගිලා හිටියත් .....
මොන ලාංචනයෙන් මර්සිය දැම්මත්....
මොන නමින් ආවත්....
බහුතරයක් තක්කඩියන්ට හැම පාටෙම...
හොදට දැනෙයි....
ගෑස් වලින් අපෙ අම්මලට මුකුත් උනේ නෑ...
ඒ නිසා අවුරුදු හැත්තෑ තුනක් අපිට සැපම දුන්න..
නුබලාගේ අම්මලාව ආදරෙන්.....
මතක් කරා කියන්න ...
මොකද ඒ අහිංසක අම්මලව බොහෝ අයමතක්කරනව මේ ටිකේ....
කියවන ඔබ පරිස්සමට ....
ඔබේ ගෑස් ලිපත් දන්නේ නෑ
අපේ අම්ම වගේම ඇයි එහෙම උනේ කියල..
පරිස්සම්වෙන්න.... ඔබ ලංකාවෙ නම්... ගෑස්පාවිච්චි කරනවනම්,
ආන්ඩු කරපු , නොකරපු එක සුනර්කයෙක්වත්
අද වෙනකම් හොයල නෑ ගැස්, ගෑස්ලිප්, රෙගුයුලේටර්, බට, ගැන මොන කෙහෙල්මලක් වත්.....
අද ඔබේ පරීක්ෂණය දිනය විය හැකියි....
අපි හොයල පිපිරිල මුන්ට කියමු....
දවසක පාටක් නැති පක්ශයක් නැති කැකෑරෙන කුනු හරුපවලින්....
අපි පුපුරමු.....
මදු මාදව අරවින්ද.....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top