Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
08
"මම කවදාවත් මහත් වෙන්නේ නෑ, ඇටසැකිල්ලක්ම විතරයි, ඒ මදිවාට එක ඇහැකුත් අන්ධයි..." - ජිවිත කතාව නොදැන හැදුණු කතා නිසා ලෝකයක් අනුකම්පා කළ Lizzieගේ සංවේදී කතාව

- "මම කවදාවත් මහත් වෙන්නේ නෑ, ඇටසැකිල්ලක්ම විතරයි, ඒ මදිවාට එක ඇහැකුත් අන්ධයි..." - ජිවිත කතාව නොදැන හැදුණු කතා නිසා ලෝකයක් අනුකම්පා කළ Lizzieගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,712 Views
Lizzie Velásquez කියන නම කෙනෙකුට නුහුරු වුවත් ඒ රූපය බොහෝ දෙනෙකුට හුරුපුරුදුයි. ඊට හේතුව ඇගේ ස්වරූපයයි. සාමාන්‍ය මිනිස් රූපයකට වඩා ටිකක් වෙනස් නිසාම බොහෝ දෙනෙක් ඇයව හඳුන්වා දුන්නේ ලොව සිටින කැතම කාන්තාව කියලයි. ඒ වචන ටික තමයි ඇයගේ ජීවිතෙත් වෙනස් කරන්නේත්. වර්ෂ 1989 මාර්තු මස 13 වැනිදා ලස්සන අම්මා තාත්තා කෙනෙකුට දාව උපත ලබන ඇය අවලස්සනයි කියලා ඒ අම්මා තාත්තා අහක දැම්මේ නැහැ.

ආදරණිය දියණියව ලස්සනට තියන්න උගන්වන්න තනියම සමාජය එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙනවා. "දවසක් මම මියුසික් වීඩියෝ හොයමින් ඉන්නකොට එක පාරටම එයා දැක්කා වීඩියෝවක්.
 
 "ලෝකයේ කැතම කාන්තාව" කියලා තමයි ඒ වීඩියෝවේ තිබ්බේ, ඒ මොහොතේ මගේ හිතට ආවේ එකම එක දෙයයි. ඒ මේ වීඩියෝ එක කවුරු හැරු දැක්කොත් කියලා, නමුත් ඒ වෙද්දී ඒක ගොඩක් අය බලලා තිබ්බා. ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ මොහොතේ මගේ අත් වෙව්ලනවා, නමුත් මට හිතුණා ඒකෙ තිබ්බ ප්‍රතිචාර කොයි වගේද කියලා කියවලා බලන්න. මේකිව දැක්කට වැඩිය හොදයි ඇස් අන්ධ වුණා නම් , අපෝ මගේ ළමයෙක් නං මම මේ කෙල්ලව ඉපදුන ගමන්ම මරලා දානවා, චී.. මේ හොල්මන ගින්නට දාලා පුච්චන්නයි තිබ්බේ..."
 
 මේ වගේ අදහස් තමයි තිබ්බේ. ඊට ප්‍රතිචාර දක්වලා තිබ්බ කිසිකෙනෙකුට හිතෙන්න නැතුව ඇති මම මේවා කියවලා කම්පා වෙයි අපහසුතාවයට පත් වෙයි කියලා. මම හිතුවා එක්කෙනෙක් හරි මගේ හොදක් කියලා ඇති කියලා. ඒ නිසා මම ඔක්කොම කියෙව්වා, අනේ මම ගැන කිසිම කෙනෙක් හොදක් තියා අනුකම්පා කරලාවත් නැහැ, මම ශාපයක් කියලා විතරයි හැමෝම දැක්කේ, මම මහා පවුකාරියක් කියලා විතරයි එයාලා දැක්කේ...එදා මම හොඳටම ඇඩුවා. මගේ අම්මා තාත්තා මේ වීඩියෝ එක දැක්කොත් කියලා මම බය වුනා.. එදා දවසම මම කල්පනා කළා, අන්තිමට මම ධනාත්මක සිතුවිලි ඇති කරන කතා බැලුවා, මම වගේ කරදරයට පත් වූ අය ගැන හෙව්වා. 
 
තනියම නැගිටින්නේ කොහොමද කියලා හිතුවා.. දවස් ගණනක් මගේ කතාව එක එක විදිහට කියලා වීඩියෝ කළා. පසුව මම කාමරේට වෙලා තනියම කතා කළා, ඒ මොහොතක මට හිතුනා මම කතා කරන දේ යූටියුබ් දාන්න, මම වගේම හිරිහැර වලට ලක් වෙන මිනිස්සු වෙනුවෙන් කතා කළා..ඒ හිරිහැර වලට නොබියව මූණ දෙන්නේ කොහොමද කියලා ඒ අයව දැනුවත් කළා.. ඊට පස්සේ මම TEDx talk කියන වැඩසටහනට ඉදිරිපත් වුණා..ඒ වැඩසටහන මිලියන ගානක් මිනිස්සු බැලුවා..Lizzie Velásquez කියන මම එක රැයකින් ජනප්‍රිය වුණා.. මම කොච්චර දුක් වුනාද කියලා මගේ දුක ලෝකයම දැනගත්තා. මම මේ තරම් අවලස්සන වුනේ උපතින්ම උරුම වෙලා තිබුණ දුර්ලභ රෝගයක් හින්දා කියලා හැමෝම දැනගත්තා, මගේ ඇගේ මේදය ප්‍රතිශතය බින්දුවයි.. 
 
මම කවදාවත් මහත් වෙන්නේ නෑ.. ඇටසැකිල්ලක්ම විතරයි.. ඒ මදිවාට එක ඇහැකුත් අන්ධයි..මේවා මිනිස්සු නොදැනයි කතා කිව්වේ..මගේ කතාව අහලා හැමෝම මට ශක්තියක් වුනා.දැන් මම ශක්තිමත් කෙනෙක්. මම ගැන දැන් ලෝකයම කතා කරනවා. මම වගේ හැමෝම වෙනුවෙන් මම අදටත් සටන් කරනවා.." 
 
ඇය කියන්නේ එහෙමයි.
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top