Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
"ගෙදර ඉන්නකොට නම් කට්ටි පැන පැන හිටියේ, එහෙම කරනවා කියන්නේ සල්ලි විසි කරනවා වගේ වැඩක්..." - මාධනි මල්වත්ත

- "ගෙදර ඉන්නකොට නම් කට්ටි පැන පැන හිටියේ, එහෙම කරනවා කියන්නේ සල්ලි විසි කරනවා වගේ වැඩක්..." - මාධනි මල්වත්තHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,466 Views
ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කෙරීගෙන යනවා. ඊට අමතරව අවුරුදු දෙකකට වැඩි කාලයක් කොරෝනා නිසා ඈත් වුණු වේදිකා නාට්‍යය රංගනය ඉදිරියේදී ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා .

කාර්ය බහුල වෘත්තියක නියැලෙන කොට නිවසේ කටයුතු අතපසු වෙන්නෙ නැද්ද?
මොන තරම් රාජකාරි බහුල වුණත් ගෙදරින් පිට වෙනකොට ඒ සියල්ල සැලසුම් කරලයි යන්නේ. සැලසුමකට අනුව වැඩ කරන එක මගේ ජීවිතේම කොටසක්. ඒ නිසා ගෙදර හිටියත් නැතත් නිවසේ කටයුතු සියල්ල මා අතින් සිදුවෙනවා .
 
ගෙදර ඉන්න දවසට ?
ගෙදර ඉන්න දවසට මම ආසම දේ තමයි පුතා කන්න කැමතිම කෑම හදලා දෙන එක. එයා හරි ආසයි කටට රහට කන්න.
 
පුතා ආසම කෑම මොනවාද ?
මම හරිම රසට හදන” කහ බතට” පුතා ගොඩක් කැමතියි. මීට අමතරව ඉතිං චිකන්, පෝක් කරි වලටත් ගොඩක් ආසයි. එයා හරිම කැමති විවිධ රස වලට. මම හදන ප්‍රයිඩ් රයිස් එකට කැමතියි. ඒ වගේම අමුතු විදිහකට හදන කරවිල මාලුව ටත් ගොඩක් ආසයි.
 
අපිත් ආසයි රසට කහ බත හදන හැටි දැන ගන්න ?
කීරි සම්බා තමයි මම කහ බත හදන්න ගන්නේ. ළූණු, රම්පෙ, කරපිංචා, සුදුලූනු, ඉඟුරු, එනසාල්, කරාබුනැටි ,කුරුඳුපොතු, ඔක්කොම හොඳට තලලා තෙම්පරාදුවට දානවා. ඊට පස්සේ හොඳට හෝදලා වතුර බේරෙන්න තියපු හාල් ටිකක් ඒ තෙම්පරාදුට දානවා. ඔක්කොම තෙලෙන් කලවං කරලා ඒකට පොල්කිරි දානවා. වතුර වෙනුවට දාන්නෙ පොල්කිරි. අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කහ එකතු කරනවා. හදල බලන්නකො රස. ඒ වගේමයි බත හැදෙන කොට හරිම සුවඳයි .
 
පුංචි කාලේ ඉඳලම රසට උයන්න පුළුවන්ද ?
ගෙදර ඉන්නකොටනම් ඉව්වෙ නැහැ. කට්ටි පැන පැන හිටියේ. අම්මගෙ බල කිරිල්ලට පොල් නම් ගාලා දෙනවා. ඒ ඇරෙන්න උයන්න හරියටම පටන් ගත්තෙ බැඳලා ආවට පස්සෙ. ඉස්සර නම් ඉතින් නිතරම අම්මගෙන් කෝල් කර කර අහනවා වෑංජන හදාගන්නෙ කොහොමද කියලා. තුනපහ දාන ප්‍රමාණය, ලූනු, අමු මිරිස් කොච්චර ඕනෙද, පොල්කිරි කොච්චර ඕනේ ද කියාලා අහනවා .ඔය විදිහට වැරදි වැරදි තමයි හරියට උයන්න ඉගෙන ගත්තේ .ඉස්සර මම හදන කෑම මටම කටේ තියන්න බැහැ. එහෙම උනහම මමම අඩුපාඩු හදා ගත්තා. දැන්නම් ඕනම කෑමක් කටට රහට හදන්න පුළුවන්...
 
අම්මට රසට කෑම හදන්න පුලුවන්ද ?
අපොයි ඔව් .අම්මා නුවර පළාතේ .අම්මට ඕනෑම කෑමක් හරිම රසට උයන්න පුළුවන්. අම්මා ට ලොකු අත් ගුණයකුත් තිබුණා කියලා මම නිතරම විශ්වාස කරා.
 
ඔබටත් අත්ගුණය තියෙනවද ?
මට නම් උයන්න පුරුදුවුනේ පළපුරුද්දෙම්මයි. මුලදී කටේ තියන්න බැරුව කෑම හදපු මම අද වෙනකොට හරිම රසට කෑම හදන්නෙ පළපුරුද්ද නිසාමයි.
 
කෑම හදන කොට මොන වගේ කරුණු ගැන ද ඔබ සැලකිලිමත් වෙන්නේ?
පෝෂ්‍යදායි සමබර ආහාරයක් ගැන හිතනවා. ඊට අමතරව ගැලපීම ගැන ගොඩක් හිතනවා .ගුණය වගේම රස ,වර්ණය ගැනත් හිතනවා. කෑම එක දැක්කහම මුලින්ම හිත පිරිල ,පසුව බඩ පිරෙන්නයි මම කෑම හදන්නෙ ..
 
මුළුතැන්ගෙයි ඉන්නකොට රේඩියෝ අහන්න ටී බී බලන්න පුරුදු වෙලා ඉන්නවා ද ?
නැහැ. මම හරිම ආසයි ශබ්ද නැතුව නිස්කලංකව ඉන්න .ඒ නිසා උයනකොට කරන වැඩේට හිත යොමු කරලා කරන්න ගොඩක් කැමතියි .
 
උයන ගමන් කරන පුංචි පුංචි පුරුදු ටිකකුත් තියෙනවා නේද?
ඔව් ඔව් යනකොට අමුවෙන් කන්න පුළුවන් එළවළු කෑල්ලක් දෙකක් කටේ දාගන්නවා ගොටුකොළ සම්බෝල හදන දවසට ගොටු කොළයක් දෙකක් කටේ දා ගන්නවා. මම කොහොමත් පලතුරු වුණත් බ්ලෙන්ඩ් කරන්නෙ නැහැ. පලතුරු බ්ලෙන්ඩ් කරහම ඒවායේ අඩංගු ස්වභාවික තන්තු කොටස විනාශ වෙනවා කියලා මම අහලා තියෙනවා. සීනි එකතු කරන්නේ නැතුවයි මම පලතුර පලතුරු විදිහටම කන්න පුරුදු වෙලා ඉන්නේ.
 
නවීකරණය වුණු මුලුතැන්ගේ ගැන ඔබට මොකද හිතෙන්නෙ ?
කාලයේ තාලෙට අප වෙනස් විය යුතුයි. කාර්යබහුල ජීවිතය පහසු කරන්න මුළුතැන් ගෙට ආපු උපකරණ හොඳයි. නමුත් නුවර පළාතේ පුංචි කාලේ ඉඳලා මම දැකපු මුළුතැන්ගේ සුන්දරත්වය අද වර්තමානේ කොන්ක්‍රීට් වනාන්තරවල දකින්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. දර ලිප, වංගෙඩිය,මිරිස් ගල, කුරහන් ගල, කුල්ල, ඇතුල්පත වගේම, ලුණු පොල් කට්ට කහ ගුලිය, මිරිස් ගුලිය මේ ඔක්කොම දැක්කහම එදා කුස්සිය හරිම සිරියාවන්තයි .
 
මුලුතැන්ගේ පිරිසිදු කම වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ ?
කුස්සිය අස් කරන්න කියලා වෙනම වෙලාවක් තියාගන්නේ නැහැ. උයනකොටම ලූනු පොත්තක්වත් දකින්නේ නැති වෙන්න මුලු
කුස්සියම අස්කරන ගමන්මයි මම උයන්නෙ. අනිත් එක තමයි මම ගෙදර නැති උනත් ඕනෑම කෙනෙකුට කුස්සියට ඇවිත් බඩු අරගෙන උයන්න පුළුවන් විදිහට තමයි මුළුතැන්ගෙයි සියලු බඩු ස්ථානගත කරල තියෙන්නෙ. කුස්සිය පිළිවෙලට තියෙනවා නම් ඒක මනසටත් හරි නිදහසක්....
 
උයන වෙලාවට කවුරු කුස්සියෙ ඉන්නවට ද කැමති?
ඉක්මනින් වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න නිසා කාගෙවත් උදව්වක් ඕනේ ඕනෙ නෑ . සමහර වෙලාවට පුතා තනි නොතනියට කුස්සියේ ඉන්නවා.
 
පුතෙක් මුළුතැන්ගෙයි කටයුතු දැන ගෙන සිටීම වැදගත් කියලා හිතනවද ?
ඔව්. මගේ පුතා උසස් පෙළ හදාරන වයසෙ ඉන්නේ. අදටත් මම නිවසේ නැත්නම් පුතා ඔහුට අවශ්‍ය දේවල් හදාගන්නව. නිවස පිරිසිදු කරනවා. නිවසක වගකීම බිරිඳක් මවක් දැරිය යුතුයි කියන මතය අද වෙනකොට සමාජයෙන් බොහෝ දුරට ගිලිහී ගිහින් . ඒ වෙනසට මම ගොඩක් කැමතියි .මගේ පුතත් ඒ වෙනසට හැඩගැසිය යුතුයි කියලා මං විශ්වාස කරනවා.
 
කෑම හදන්න ගිහින් වැරදිලා තියෙනවද ?
ඔව් ....ඔව්.... එහෙම ඒව නං ගොඩක් වෙනවා. ලඟදිම වෙච්ච මතකයක් තමයි කේක් එකක් හදන්න ගිහිල්ලා වැරදුණ එක.
 
හැමදාම විශේෂ කෑමක් ඔබ අතින් පිළියෙල වෙනවා නේද?
 
ඔව් ...”
 
දෝණිගේ” (සුරතලෙට නිවසේ ඇති කරන බැල්ලිය) කෑම වේල වරද්දන්නෙ නැහැ .එයා හරිම ආසයි චිකන්, බටර්, යෝගට් එක්ක බත් කන්න. එයා කන්න කැමතිම විදිහට කෑම හදලා දෙන එක ත් මම හරිම සතුටින් කරන දෙයක්.හැමදාම කුරුල්ලන් ටයි ,ලේනුන් ටයි කෑම දාලා එ අය සතුටින් කෑම කන විදියත් කුස්සියට වෙලා බලන් ඉන්න එක මගේ විනෝදාංශයක්.
 
අරපිරිමැස්ම වෙනුවෙන් මොනවද කරන්නේ?
අපේ අම්මලා අත්තම්මලා වගේ හාල් මිටක් අරන් තියන එක ,මිරිස් කරල් ටිකක් අරන් තියන එක අද මගේ අතින් වෙන්නේ නැහැ.. නමුත් බත් ඇටයක්වත් අහක දාන්නෙ නැති වෙන්නයි මම උයන්නේ .මොකද කෑම අපතෙ දානවා කියන්නේ සල්ලි විසි කරනවා වගේ වැඩක්. ඒ නිසා වියදම් කරන රුපියල ටත් වටිනාකමක් හැමතිස්සෙම දෙන විදිහටයි කෑම වේල පවා පිළියෙල කරන්නේ.
 
ගෙදරට කවුරු හරි ආවොත් ඔබම ද උයන්නේ ?
අපොයි ඔව් .විස්සක් විසිපහක් ආවත් අවශ්‍ය විදිහට කෑම ටික හදන්නේ මගේ අතින්මයි.
 
ඔබ උයපු කෑමක් කවුරුහරි අගය කරහම මොකද හිතෙන්නේ ?
රඟපෑම කදී අගය කිරීමක් ලැබුනහම හිතට දැනෙන සතුට වගේම සතුටක් මහන්සි වෙලා කටට රහට කෑමක් හදලා දුන්නම අගය කිරීම මහා ලොකු උත්තේජනයක් හිතට දැනෙනවා . මගේ පුතා නිරතුරුවම මං හදන කෑම ගොඩාක් රසයි අම්මා කියලා අගය කරනවා . ඒ හිතට හරි ලොකු ශක්තියක්.
 
අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top