ඔමික්‍රෝන් ප්‍රභේදය, කෝවිඩ්-19 අවසන් ප්‍රභේදය වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය වන බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, වෛරසය පවතිනතාක් විකෘතිතා ඇති විය හැකි බවයි.
ඒ අනුව මින් ඉදිරියටද තවත් නව ප්‍රභේද ඇති විය හැකි බැවින්, අසත්‍ය ප්‍රචාර පිළිබඳ අවධානය යොමු නොකරමින් නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලාගත යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.