Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
07
"ඒක හීනයක්, එහෙම නැටුමක් මම නම් ජිවිතේට නටලා නැහැ, අනෙක් අය ගැන හිතලා මට වචනයක් කියන්න බැහැ .." - කෝකිල පවන්

- "ඒක හීනයක්, එහෙම නැටුමක් මම නම් ජිවිතේට නටලා නැහැ, අනෙක් අය ගැන හිතලා මට වචනයක් කියන්න බැහැ .." - කෝකිල පවන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47 Views
කෝකිල පවන් කියන්නේ ළමා නළුවෙක් විදිහට සිනමාවට එක් වූ චරිතයක්. ඒ ළමා නළුවා දැන් ළමා කෑල්ල හලලා නළුවෙක් බවට පත් වෙලා. මේ කාලේ වඩාත් කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා. එදාට වඩා අද ඔහුට ආදරේ කරන පිරිස ගොඩ නැගිලා. මේ දවස්වල රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ඔහුව දකින්න ලැබෙන්නේ බාබුගේ චරිතයෙන්. බාබුට ආදරේ නොකරන කෙනෙක් නැහැ. ඒ වගේම තමයි ඔහුගේ කටහඬට ආදරේ කරන අයත් බොහෝයි. බාබූ ලස්සන හීනයක් දකිනවා. ඒ හීනේ වටේට ඉන්නේ කෝකිල පවන්. ඒ ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැන කතා කරන්න අපි අපේ කතාබහකට ඔහුව එකතු කර ගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

ගැයුමෙන් ආයෙමත් ප්‍රයෝජන ගත්තා නේද කෝකිල..?
ඔව්. මේ දෙවැනි අවස්ථාව. පළමු අවස්ථාව උදාවෙන්නේත් හිරු නාළිකාව ඔස්සේම තමයි. ඒ ආදර මායාව කියන නාට්‍යයේ හඬ කැවීම ප්‍රධාන භූමිකාවකට එක් වෙමින් ගීතයක් ගායනා කරන්න ලැබීම. අයෙමත් අවස්ථාවක් ලැබෙනවා නිවන්ත ප්‍රසාරණ කියන අධ්‍යක්ෂවරයා නිර්මාණය කරන රැල්ල වෙරළට ආදරෙයි කියන නාට්‍යට. මේ ගීතය නම් මම හිතන්නේ ලොකු වෙනසක් වෙයි. මොකද මගේ රටාවෙන් මිදිලා ගැයෙන ගීතයක්. ඒ ගීතය ගායනා කරන්නේ නාට්‍යයේ ඉන්න බාබු දකින හීනයක් විදිහට. මේ ගීතයේ සංගීතය අශාන් ප්‍රනාන්දුගේ, පද දුමින්දගේ. ගීතය කැමරා කරන්නේ ඇඩම්ස් ඇතුළු කණ්ඩායම. ඒ වගේම ලස්සන රූපරචනාවක් විදිහට අධ්‍යක්ෂණය කරන්නේ නිවන්ත ප්‍රසාරණ විසින්.
 
මගේ රටාවෙන් පිට පැන්න ගීතයක් විදිහට මම දකින්නේ, හාත්පසින්ම වෙනස්. මේ වෙනස මගේ ආදරණිය රසිකයින් වැළදගනියි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ශෝෂල් මිඩියා කියන ගණුදෙනුවට කදිමට ගැලපෙන ගීතයක්. මෙය හෙට එළිදක්වනවා. trending වෙයි කියලා හිතනවා.
 
කෝකිලගේ නර්තන හැකියාවත් එළියට ආවා..?
පාටි එකකට ගිහින් යන්තම් නැටුවට මෙහෙම නැටුමක් නම් මම මිට කලින් නටලා නැහැ. මේ ගීතය මීගමුවේ රූගත කළේ. හොඳට නැටුවා. නැටිල්ලක් තිබ්බේ.
 
බාබුට ආදරේ කරන රසිකයින් එතැනට එක්රොක් වෙන්න ඇති..?
මීගමුව, වෙන්නප්පුව , හලාවත පැත්තේ ඉන්න බොහෝ දෙනෙක් ඇවිත් කතාබහ කළා. ප්‍රතිචාර නම් ඉහළයි. ෂූටින් කරන්නවත් ඉඩක් නැති විදිහට සෙනග පිරිලා හිටියා. ඒ ප්‍රතිචාර ගැන හරිම සතුටුයි.
 
ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යට ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩිවෙන්න හැම චරිතයකම සාර්ථකත්වය බලපෑවා කියලා කියන්න ඕන, වීරවර්න, සිවා, මාකස්, බාබු, සත්‍යා, දිල්කි මේ හැමෝගේම එකතුවෙන් තමයි මිලියන ගණනක ජනතාව එකතු වුනේ.
 
ළමා නළුවෙක් විදිහට හඳුනාගෙන හිටපු කෝකිලව පසු කාලයේ දකින්නේ තරුණ නළුවෙක් හැටියට, ඒ වගේ කෙනෙකුට ඉක්මනට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩනගා ගන්න අමාරුයි, නමුත් ඔබ ඒ අභියෝගය ජය ගත්තා නේද..?
ඔව්. ඒක විශාල අභියෝගයක්. මම හිතනවා ඒ අභියෝගය මම ජයගත්තා කියලා. ළමා නළුවෙක් වෙලා පසුව කාලයක් නොදක ඉදලා තරුණ කාලේ නැවත රංගනයට එකතු වුවා කියලා හැමෝටම ජනතාව ආදරේ කරන්නේ නැහැ. අපි කරන චරිත ඔස්සේ තමයි නැවත ප්‍රතිචාර ගොඩ නැගෙන්නේ. මට එහෙම වෙන්න පුළුවන් වුනා. මට ජනතාව ආදරේ කරනවා. බාබුට ආදරෙයි. ප්‍රවීන රංගන ශිල්පින් මට ආදරෙයි. උදව් කරනවා. ඒවා හරියට වටිනවා.
 
ඔබ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යට සම්බන්ධ වෙන්න කලින් එය අනුසරයක් කරගත් චිත්‍රපටය නැරඹුවාද..?
ඔව්. හරිම ලස්සන නිර්මාණයක්, ප්‍රධාන චරිත තුනත් හරි ලස්සනට ගොඩනගලා තිබ්බා. ඒ නිසාම තමයි නිවන්ත අයියා මට මේ නිර්මාණයට කතා කළාම සම්බන්ධ වෙන්න ආස හිතුණේ. ඊට අමතරව අවුරුදු 15කට විතර කලින් සිනමාවේ මගේ පළමු තාත්තා වූ මහේන්ද්‍ර පෙරේරා, මගේ හීරෝ වූ බිමල් ජයකොඩි වගේම රන්දික එක්ක වැඩ කරන්න මට ආස හිතුනා. මේ නිර්මාණය ගැන කතා කරද්දී හැදෙන විදිහ පිටපත කොලිටි එකක් කියලා හිතුණා. බාබුගේ රඟපෑම මට ලේසි වුනේ නැහැ. මොකද බාබුට පෙන්නෙ එක ඇහැයි, හාස්‍ය තියෙන්නත් ඕන, බියගුළුකමත් තියෙනවා. ඒ චරිතය විටින් විට වෙනස් වෙනවා. ඒ දෝලනයට මට හැඩගැහෙන්න සිදු වුනා.
 
චිත්‍රපටයත් එක්ක බැලුවම නාට්‍ය කොටස් ගණනකට දිව යනවා, ඒක තමයි අභියෝගාත්මකම. මම හිතනවා ජනතාවගේ ප්‍රතිචාර එක්ක අපි කණ්ඩායමක් හැටියට ඒ ප්‍රබල අභියෝගය ජය ගත්තා කියලා.
 
ඒ වගේම කියන්න ඕන වේෂ නිරූපනය මට හොඳින් කළා. නිර්මාණයට සම්බන්ධ සියලුම දෙනා මට දැක්වූ සහය තමයි බාබු මෙහෙම ගොඩ නැගෙන්නේ. විශේෂයෙන්ම නිවන්ත අයියට ස්තූති කරන්න ඕන. බාබුව සාර්ථකව ගොඩනැගුවට.ඒ වගේම අරුණ ජයවර්ධනට
 
බොහෝ දෙනෙක් නම් කියන්නේ ප්‍රවීනයින් කුහකයි කියලා..?
මගේ ප්‍රවීනයින් නම් මට කුහක නැහැ. මම ප්‍රවීනයින් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා අනෙක් අයගේ කෝණයෙන් බලලා මට වචනයක් කියන්න බැහැ.
 
ගෙදරින් ලැබෙන සහය කොහොමද, චරිත සඳහා විවේචන මුලින්ම එන්නේ පවුලෙන්නේ..?
මගේ බිරිඳ, ආච්චි අම්මා, සීයා, මල්ලි බිරිඳගේ පවුලේ අය. මේ හැමෝම මට සහය දෙනවා. චරිතයේ ගුණ දොස් මුලින්ම කියන්නේ ඒ අය තමයි. එතන විශේෂත්වය තමයි කෙලින්ම කියනවා අද නම් හොද නැහැ, මීට වඩා කරන්න තිබ්බා කැතයි කියලා. හොඳ නම් හොදයි කියනවා.
 
දැන් රඟපෑමද වෘත්තීය..?
රඟපාන්න එන්න කලින් වෘත්තීයෙන් හඬ කැවීම් ශිල්පියෙක් විදිහට වැඩ කළේ, දැන් නම් වෘත්තීය රංගන ශිල්පියෙක් හැටියටත් කටයුතු කරනවා. වෘත්තීය ගායකයෙක් වෙන එක තමයි මගේ ඊලග හීනය.
 
හර්ෂණී වීරරත්න
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top