Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
" මම මෙතෙක් කල් ප්‍රතිරූපයක් නඩත්තු කළාද කියලාවත් මම දැනගෙන සිටියේ නැහැ.." - ආච්චිට හාල් ගරන්න කියූ ඉන්දිකා උපමාලි දැන් කියන කතාව

- " මම මෙතෙක් කල් ප්‍රතිරූපයක් නඩත්තු කළාද කියලාවත් මම දැනගෙන සිටියේ නැහැ.." - ආච්චිට හාල් ගරන්න කියූ ඉන්දිකා උපමාලි දැන් කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,899 Views
ගායිකාවක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් රටම හඳුනන ඇය ඉන්දිකා උපමාලිය. හරවත් සහ නිර්මාණාත්මක නිර්මාණයන් තුළින් ලාංකික රසිකයන් අතරට එන ඇය ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරනවා. මේ ඉන්දිකා ගැන අලුත් තොරතුරුයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?
අලුත් වැඩේට ලැබෙන ප්‍රතිචාර සමඟ සහ අනෙක් වැඩකටයුතුත් සමඟ ජීවිතේ හොදින් ගෙවෙනවා.
 
ආච්චිට හාල් ගරනා නිසා ගැන කතා කරමු?
අවුරුදු දෙකක් තිස්සේ පමණ මෙවැනි වෙනස් නිර්මාණයක් කරන්න අදහසක් මගේ ඔළුවේ තිබුණා. පවතින සමාජ ආර්ථික සහ දේශපාලනික වටපිටාව තමයි මෙවැනි ගීතයක් කරන්න මාව පොලඹවනු ලැබුවේ.
 
මේ ගීතයට ඔබ පාදක කරගෙන තිබෙන්නේ උත්ප්‍රාස රසය අනූන කවියක්?
ඔව්. මෙය කුමාර හෙට්ටිආරච්චිගේ කවියක්. මම මේක දැක්කේ ඔහුගේ මුහුණු පොතේ. වර්තමාන සමස්ත සමාජය පෙන්වන කැඩපතක් නිසා මම මෙය නිර්මාණයට පාදක කරගන්න සිතුවා. ගීත රචනාවක් වගේ නොවෙයි සාමාන්‍යයෙන් කවියක සම්පූර්ණ අදහස උකහා ගන්න සමස්ත කවියම කියවිය යුතුයි. කවියක් වීම නිසා මෙම පදරචනාවේ නිර්මාණාත්මක ශක්‍යතාව ඔප් නැංවිලා තිබෙනවා. ඒ වගේම කවි පන්තිය මුල සිට අගට යන තෙක්ම ලියවී තිබෙන්නේ ලාංකේය ජනවහර යොදාගෙන. පසුගිය කාලයේ අපිට ඇසුණු ගීත බොහෝමයක් ආදරය, විරහව පදනම් කරගත් ඒවා. එතනින් එහාට ගිය නිර්මාණ දකින්ට නැති තරම්. කලාව තුළින් ඉන් ඔබ්බට ගිය යමක් කළ හැකි නිසාම මම මේ කවිය තෝරා ගත්තා.
 
මෙය ඔබ ගායනා කරන ශෛලියෙන් වෙනස්ව ගායනා කළ ගීයක්?
මෙහි තනුව නිර්මාණය කළේ මම. මෙය Blues කියන ශෛලියෙන් නිර්මාණය වූවක්. මෙම ශෛලිය බොහෝ වේලාවට කළු ජාතිකයන් ඔවුන්ගේ ආවේගයන් සහ ගැටලු පිළිබඳ ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්න යොදා ගන්නවා. මම දන්න විධියට ලංකාවේ කාන්තා හඬකින් මෙවැනි ගීතයක් ගායනා කරන පළමු වතාව මෙය. බොහෝ දෙනෙක් සිතන්නේ මගේ ශෛලිය ඔපෙරා ශෛලිය කියලා. මම ඔපෙරා ගායිකාවක් විධියට ජනප්‍රිය වෙලා තිබුණට ඇත්තටම මම විවිධ ශෛලීන්වල ගීත ගායනා කරලා තිබෙනවා. මම නිර්මාණයක් කරන විට එම ප්‍රකාශනය කරන්න අවශ්‍ය සුදුසුම ශෛලියෙන් නිර්මාණය කරන්න පෙලඹෙන කෙනෙක්.
 
මම එක්තරා ටෙලි නාට්‍යයක් සඳහා බයිලා ගීතයකුත් ගායනා කළා. මෙම ගීතයේ පද තුළ තිබෙන උත්ප්‍රාසය සහ හාස්‍ය රසය ප්‍රකාශ කරන්න හොඳම හැඩතලය විධියට මෙම සංගීත ශෛලිය සුදුසුයි කියලා මට සිතුණා. මම මෙහි තනුව නිර්මාණය කරන විට පවා ඉතාම සරල ලෙස නිර්මාණය කළේ බහුතරයක් දෙනාට සමීප වෙන්න. ඕනෑ නම් මෙය ශාස්ත්‍රීය සරල ගීතයක් ලෙසත්, ඔපෙරා ශෛලියටත් ගායනා කරන්න පුළුවන්. හැබැයි එවැනි තනු නිර්මාණයකට අපිට සිටින රසික ප්‍රජාව කුඩා වෙනවා. එය ග්‍රහණය කරගන්න බැරි කෙනා එතැනින් ඉවත් වෙනවා. සාමාන්‍ය කතා කරන භාෂාවට ළග Tone එකකින් ගායනා කළ නිසා සාමාන්‍යය ගීතයක් ගායනා කරනවාට වඩා මෙහි Tone එක සහ Mood එක ගන්න එක ටිකක් අපහසු වැඩක් වුණා.
 
මෙම ගීතයේ රූප රචනාව හරියට තිත්ත බෙහෙතක් සීනිවල දවටා දීමක් වගේ නේද?
ඔව්, මෙය ගීතයක් ලෙස නිර්මාණය වුණාට පසුව මගේ මිතුරියක් වන නදී කම්මැල්ලවීර කතාබහ කරලා තිසර ඉඹුලානට මෙහි රූප රචනය සිදු කරන්න භාර දුන්නා. ඔහුගේ අදහස වුණේ මේ ගීතය තුළින් කියැවෙන කුණු ගද ගහන ඇත්ත තුළ තිබෙන තිත්ත බව නොපෙන්වා ආකර්ෂණීය විධියට රූප රචනය සිදු කරමු කියන එක. ඒ අනුවයි රූප රචනය නිර්මාණය වුණේ.
 
මෙම ගීතයේ රූප රචනාව සහ ගායන ශෛලිය තුළින් ඔබේ ප්‍රතිරූපයට හානි වන බව ඇතැමුන් පවසනවා?
මම සිතන්නේ නැහැ එහෙම වෙනවා කියලා. කලාකරුවාගේ කාර්යභාර්යය විය යුත්තේ තමන්ගේ නිර්මාණ තුළින් යම් පණිවුඩයක් සමාජයට අරගෙන එන එක. ප්‍රතිරූපයක් නඩත්තු කරනවාට වඩා සමාජයට සිදු විය යුතු යහපත ගැනයි මම අවධානය යොමු කරන්නේ. සමස්තයක් විධියට මෙතුළින් පෙන්වන්නේ වර්තමාන සමාජය පත්වෙලා තිබෙන අවිනිශ්චිත වාතාවරණය ගැන. මෙය පෞද්ගලිකව ඉන්දිකා උපමාලි ලෙස ග්‍රහණය කරගන්න එක තමයි ගැටලුව. මෙය චරිතයක් ලෙස ගත්තා නම් ගැටලුවක් ඇති වන්නේ නැහැ. කලාකරුවාගේ කාර්යභාරය සමාජ පිළිබිඹුවක් පෙන්වන එක.
 
කලාකරුවෙක් ප්‍රතිරූපයක් නඩත්තු කළ යුතු නැද්ද?
මම සිතන්නේ ප්‍රතිරූපය කියන්නේ නඩත්තු කළ යුතු දෙයක් නොවෙයි. මම මෙතෙක් කල් ප්‍රතිරූපයක් නඩත්තු කළාද කියලාවත් මම දැනගෙන සිටියේ නැහැ. මම සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටලත් නැහැ. මම නිදහසේ මගේ කලා නිර්මාණ කළ කෙනෙක්. පළමුවැනි වතාවට තමයි මමත් අහන්නේ මේ ගීතය තුළින් මම මගේ ප්‍රතිරූපය හානි කරගත්තා කියන එක. අපේ රට මේ වන විට අපිට දරා ගන්න බැරි ලෙස සෑම අංශයකින්ම පිරිහිලා පිළිකුල් තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. එහෙම තත්ත්වයකදී ප්‍රතිරූපය පොලිෂ් කර කර සිටින එකද කළ යුතු? මම කැමැතියි ප්‍රතිරූපයක් නඩත්තු කරනවා වෙනුවට මගෙන් වෙන්න තිබෙන සමාජ මැදිහත් වීම සිදු කරන්න.
 
නිර්මාණය කියැවීම වෙනුවට පුද්ගලයා කියැවීම පිළිබඳ ගැටලුවක් ලාංකික රසික ප්‍රජාව තුළ තිබෙනවා නේද?
ඔව් පැහැදිලිවම. අපේ රටේ රසිකත්වය තවම දියුණු මට්ටමක නැහැ. එයට හේතුව අපි බොහෝ දුරට දකින්නේ නිර්මාණ නොවෙයි ඕපාදූප. ඉන්දිකා උපමාලි වගේ කෙනකුට ආච්චිට හාල් ගරනා නිසා වගේ ගීතයක් කියන්න සුදුසු නැහැ කියලා සිතනවා නම් එය පසුගාමී අදහසක්. හැම වෙලාවෙම කලාකරුවාට තමන්ගේම දැක්මක් තිබිය යුතුයි. ලේඩි ගාගා වගේ ගායිකාවක් ගත්විට ඇයට පැහැදිලිවම සමාජ දැක්මක් තිබෙනවා. නිර්මාණයක් තුළ උපකරණයක් විධියට නිර්මාණාත්මකව තමන්ගේ ශරීරය භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ඔවුන්ට තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ ප්‍රකාශනයන් සඳහා ඉතාම උසස් ආකාරයෙන් තමන්ගේ ශරීරය යොදා ගන්නවා. මේ රූප රචනය තුළ තිබෙන්නෙත් එවැනි උත්සාහයක්.
 
ඔබ කියන්න උත්සාහ කළ කාරණාව ලාංකික රසිකාගාරය හරි තැනින් අල්ලා ගත්තා කියලා ඔබ සිතනවාද?
බහුතර සාමාන්‍ය ජනතාව හරි තැනින් අල්ලාගෙන තිබෙනවා කියලා මම සිතනවා. හරිම සරල පද මාලාවක් තිබෙන්නේ. ඔවුන් මෙම ගීතයේ වචනයෙන් වචනය කියවා ගන්න, ව්‍යාංගාර්ථ පැහැදිලි කරගන්න උත්සාහ කරලා තිබෙනවා.
 
වඩාත් යෝග්‍ය වන්නේ කලාකරුවන් පක්ෂ දේශපාලනයට මැදිහත් වීමද එසේත් නැත්නම් තම නිර්මාණ තුළින් දේශපාලනික කතාබහක් ඇති කිරීමද?
කලාකරුවෙක් පක්ෂ දේශපාලනයට මැදිහත් නොවී තමන්ගේ නිර්මාණ තුළින් අදහස් ප්‍රකාශ කරන එකට රසිකයන් විශාල වශයෙන් ගෞරව කරනවා. ලෝකයේ වෙනත් රටවල සිදු වෙන්නේ එහෙම. බ්‍රෙෂ්ට්, චාලි චැප්ලින් වගේ කලාකරුවන් නිර්මාණ තුළින් ඔවුන්ගේ දේශපාලන කියැවීම නිරූපණය කරන්න උත්සාහ කළා. මම කවදාවත් කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටලා නැහැ. ඉදිරියටත් එහෙමයි. මේ ගීතය තුළත් කියැවෙන්නේ සමස්ත දේශපාලන රාමුව ගැන. එය කියවා ගැනීමට සමස්ත ජනතාවටම ඉඩදී තිබෙනවා. කලාකරුවාගේ කාර්යය විය යුත්තේ එයයි. කලාකරුවා ස්වාධීන විය යුතුයි. ඔවුන් ජනතාව සමඟ සිටගත යුතුයි කියලායි මම සිතන්නේ.
 
ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
සමාජ දේශපාලන කියැවීමක් සහිත වෙනස් විධියේ වැඩකටයුත්තක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ මොහොතේ කලාකරුවාගේ සහ ගුරුවරුන්ගේ කාර්යභාරය අපේ රටේ මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ සඳහා කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක වැඩ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
 
 
 
කුශාන්ති අනුරාධා බණ්ඩාර
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top