Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
“...ඇත්තටම ඒක ඒ වෙලාවෙ දංගෙඩියට බෙල්ල තියනවා වගේ වැඩක්.. ඒ විදිහේ දෙයක් කරන්න මෙසේ පුතෙකුට බෑ ! අතන - මෙතන - කොතන වුවත් ඔහුට වෙනසක් නොවීය!!” - නික්ම ගිය ඒ සොඳුරු කලාකරුවා ගැන නෑසූ කතාවක් මෙන්න - Photos

- “...ඇත්තටම ඒක ඒ වෙලාවෙ දංගෙඩියට බෙල්ල තියනවා වගේ වැඩක්.. ඒ විදිහේ දෙයක් කරන්න මෙසේ පුතෙකුට බෑ ! අතන - මෙතන - කොතන වුවත් ඔහුට වෙනසක් නොවීය!!” - නික්ම ගිය ඒ සොඳුරු කලාකරුවා ගැන නෑසූ කතාවක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,175 Views
“ඒක නිකං "අයියන්ඩිය බිය නොවන්න..
මැරෙන සැටි මම පෙන්වමි" වගේ කතාවක්.”
 
වේදිකාවෙත්, ටෙලි තිරයෙත්, සිනමාවෙත් අතිදක්ෂ රංගන ශිල්පියෙකු වන, සරත් චන්ද්‍රසිරි පසුගිය දිනෙක සඳහටම දෙනෙත් පියාගත්තා. 
 
හිරු ටීවී ඔස්සෙ විකාශය වූ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයේ "තෝමස් අංකල්"ගේ නික්ම යාම බොහෝ කලාකරුවන් පිරිසක් සංවේගයට පත් කළ බව රහසක් නෙවෙයි...

මේ අපූරූ කලාකරුවා ගැන ප්‍රවීන ගී පද රචක ආනන්ද පද්මසිරි අපූරූ සටහනක් තබා තිබුණා. එමෙන්ම සාරංග දිසාසේකර ද සරත් චන්ද්‍රසිරි කලාකරුවාගේ කිසිවෙකු නොදැන සිටි කතාවක් මුහුණු පොතෙන් හෙළි කළා.
 
මේ තියෙන්නෙ ඒ කතාව.........
 
"උලත් එකයි පිලත් එකයි.." දර්ශනය නිසා අතන - මෙතන - කොතන වුවත් ඔහුට වෙනසක් නොවීය. මේ සරත් චන්ද්‍රසිරි කලාකරුවා කලා කටයුත්තක් අතර ලද විවේකයක බංකුවක් මත නින්දක් ලබන අයුරු සහ දැන් බණ්ඩාරගම ගල්තුඩේ 176/A නිවසේ අවසන් නින්දේ සිටින අයුරු ....!!!
 
=======================
 
සරත් චන්ද්‍රසිරි කියන්නෙ මාර චරිතයක්…
වේදිකාවෙ සරත් අයියත් එක්ක වැඩකරන්න මම වාසනාවන්ත වුනා. ඒ "මී හරක්" සහ "ඒකා සාක්කුවේ" වේදිකා නාට්‍ය වල.
සරත් කොතලාවලගේ "ඒකා සාක්කුවේ" එකේ චන්ද්‍රසිරි අයියා එකකට එකක් වෙනස් චරිත කීපයක්ම කරනවා. මායි පුබුදුයි මුළු නාට්‍ය පුරාම රඟපාන්නෙ දම්වැලකින් ගැටගැහිලා. දම්වැලේ එක කොනක් මගෙ ඉනේ.. අනිත් කොන පුබ්බාගෙ අතේ ගැටගැහිලා.. අපි දෙන්නම නාට්‍යයේ මුල්ම විනාඩියෙ ඉඳලා අවසාන තත්පරය වෙනකන්ම වේදිකාවේ.. මුළු නාට්‍ය පුරාම ඒ දම්වැලෙන් ගැලවිල්ලක් නෑ.
දවසක් අපට පොළොන්නරුව පැත්තෙ show එකක්.. අපි කොළඹින් උදේ පාන්දරම නාට්‍ය බස් එකේ පිටත් වුනා. පුබ්බා විතරක් film shoot එකක් ඉවර කරලා මහනුවර ඉඳන් එනවා.
3.30, 6.30 shows දෙකම තියනවා.. අපි ලෑස්තිවෙන ගමන් පුබ්බා පිටත්වෙලාද කියලත් බලනවා.. කුමුදු නිශාන්ත තමයි නාට්‍ය නිශ්පාදක. මේ shows දෙක organise කරලා තියෙන්නෙත් කුම්මාමයි.. ඒ නිසා මිනිහා වෙනදට වඩා tension එකේ ඉන්නෙ.
Show එකට වෙලාව ලංවේගෙන එනවා. අපි makeup කරලා ready වෙලා ඉන්නෙ.. මොකක්හරි ප්‍රමාද දෝෂයක් නිසා පුබ්බා මහනුවරින් පිටත්වෙන්න පරක්කුවෙලා.. කට්ටියම දැන් කලබල වෙලා. කුම්මා තමයි වැඩිපුරම අප්සට් ගහලා ඉන්නෙ. ලොකුම අවුල පුබ්බා කරන චරිතෙට වෙන කවුරුවත් පුහුණුවෙලා නැති එක.
Hall එක අතුරුසිදුරු නැතුව පිරිලා.. මෙච්චර ආසාවෙන් නාට්‍ය බලන්න බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ හරවලා යවන එකනං කොහොමවත්ම කරන්න බෑ..
ඒත් මොනවා කරන්නද? කිසිම පෙර පුහුණුවක් නැතුව පුබ්බා කරපු චරිතෙ වෙන කෙනෙක් කොහොම කරන්නද? ඒ විතරක්ද.. මුළු නාට්‍ය පුරාවටම මාත් එක්ක දම්වැලකින් ගැටගැහිලා ඉන්නත් ඕනෙ.
පුබ්බට වෙලාවට ඒගන්න බෑ.. දැන් ඒක sure. නාට්‍ය කණ්ඩායමම තක්බීර් වෙලා ඉන්නෙ. එක එක්කෙනාගෙන් විවිධ අදහස් එනවා.. හැබැයි show එක කෙරෙනෙ තැනටනන් නෙවෙයි. ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලලා 3.30 show එක cancel කරමු කියලා තමයි අන්තිම යෝජනාව.
"Show එකක් cancel කරන එක හොඳ නෑ බං. පුබ්බාගෙ එක මම කරන්නන්" මෙන්න එකපාරටම සරත් චන්ද්‍රසිරි අයියා එහෙම කියපි. ඒක නිකං "අයියන්ඩිය බිය නොවන්න.. මැරෙන සැටි මම පෙන්වමි" වගේ කතාවක්. ඇත්තටම ඒක ඒ වෙලාවෙ දංගෙඩියට බෙල්ල තියනවා වගේ වැඩක්..
චන්ද්‍රසිරි අයියත් හැම තිස්සෙම විහිළු තහළු කරන නිසා මේකත් කිව්වේ බොරුවටද කියලා එකපාරටම අපට හිතුනා.. නෑ එයා serious.
ඊට පස්සෙ වෙච්ච දේවල් ටික හීනයක් වගේ.. අපි දම්වැලෙන් ගැටගැහිලා රඟපෑවා.. මටත් සරත් අයියත් එක්ක කිසිම පෙර පුහුණුවක් නැතුව ඒ අභියෝගය බාරගන්න වුනා.. එයා එච්චර ආදර්ශයක් දෙද්දි මම ඒක නොකර කොහොමද?
එදා තමයි මම "සරත් චන්ද්‍රසිරි" කියන අසහාය රංගන ශිල්පියාව හරියටම දැක්කෙ.. තමන්ගෙ නොවන චරිතයකට, කිසිම පෙර පුහුණුවක් නැතිව, එක නිමේෂයකින් ඒ විදිහට අවතීර්ණ වෙන්න එසේ මෙසේ පුතෙකුට බෑ. ඇරත් ඒ මොහොතේ ප්‍රේක්ෂකයා සහ නාට්‍ය කණ්ඩායම ගැන හිතලා තමන්ගෙ ආත්ම ගරුත්වය පරදුවට තියලා ඒ ගත්ත තීරණය? ඒ තමයි ඔහු තුල තිබුණු ආත්ම විශ්වාසය වගේම ඊට වඩා ඉහලින් තිබුණ මනුස්සකම.
එදා දම්වැලේ එහා කොනේ ගැටගැහිලා ඉඳලා මං ඔයාගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා සරත් අයියේ.. අද ඔක්කොම දම්වැල් ලෙහාගෙන ඔයා හොරෙන්ම යන්න ගිහිල්ලා..
ආයෙත් මේ සංසාර දම්වැලේ තවත් පුරුකකදි මුණගැහෙමු අයියේ...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top