ඒ අතර, සිංහල භාෂාවෙන් ද ඇතැම් පිරිස් ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ඇයද තිබෙනු දක්නට ලැබිණි.
ඉස්ලාමාබාද් නුවර පිහිටි 'Global Youth Association' සංවිධානයේ සභාපති කාශිෆ් සහීර් සිය ට්විටර් ගිණුම ඔස්සේ සිංහල භාෂාවෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, “පකිස්ථානු ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත (දියවඩන) පවුලේ අයගෙන් මම සමාව අයදිනවා" යනුවෙනි.
පකිස්ථානු ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහ ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියෝදනගේ පවුලේ අයගෙන් මම සමාව අයදිනවා.????????
— Kashif Zaheer (@KKamboh) December 3, 2021
එමෙන් ම, ඒ.ආර්. ඛාන් නමැති තවත් පකිස්ථාන වැසියෙකු ඔහුගේ දැඩි කනගාටුව පළ කරමින් සඳහන් කර තිබුණේ, ඉස්ලාම් ධර්මය හෝ පකිස්ථානය යනු මෙවැන්නක් නොවන බව ය.
#SriLanka I AM SORRY! ???? THIS IS NOT ISLAM OR PAKISTAN! I AM SORRY ????
— AR Khan (@Ateequrrehman79) December 3, 2021
ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100ක් පමණ අත්අඩංගුවට ගැනීමට පකිස්ථාන බලධාරීන් කටයුතු කර තිබේ.
එරට අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (දෙසැ. 3) නිවේදනය කළේ, මෙම නින්දා සහගත සිද්ධිය සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දීමට පියවර ගන්නා බව ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට අදාළ තොරතුරු පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ය.
පකිස්ථානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නැමැත්තා වධහිංසා පමුණුවා ඊයේ (දෙසැ. 3) ඝාතනයට ලක්ව තිබිණි.
ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා කරමින් විශාල පිරිසක් ගල්මුල්වලින් පහර දී ඔහු ඝාතනයට ලක්වූ පසු දේහය පුළුස්සා දමා ඇති බව මාධ්‍ය වාර්තා වල සඳහන් විය.
පකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, මුහම්මද් නබි තුමාගේ (Holy Prophet) පෝස්ටරයක් ඉරා පොඩි කර කසළ බඳුනකට දැමූ බවට චෝදනා කරමින් මෙම ඝාතනය සිදු කර ඇති බව ය.
ඇඟළුම් ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.