Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
“..පර්ස් එක අතුරුදහන්! කට්ටිය මත්පැන් පානය කරලා තියෙනවා එතැන.. පස්සෙ මෙයාලා **** ගිහින් තියෙනවා...” - පසුගිය දවසක රටක් කළඹමින් මහවැලියේ සැඟවුනු අමිල මැරුණාද ? මැරුවාද ? සැඟවුනු කතාවක් එළියට එයි - Video

- “..පර්ස් එක අතුරුදහන්! කට්ටිය මත්පැන් පානය කරලා තියෙනවා එතැන.. පස්සෙ මෙයාලා **** ගිහින් තියෙනවා...” - පසුගිය දවසක රටක් කළඹමින් මහවැලියේ සැඟවුනු අමිල මැරුණාද ? මැරුවාද ? සැඟවුනු කතාවක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

81 Views
“බොඩියක් හමු වුණාම අපි ඒක ඉක්මනට
මෘත ශරීරාගාරයට ගේනවා.”
 
පසුගිය දිනවල මධ්‍යම කඳුකරයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ වික්ටෝරියා වේල්ල දක්වා ගමන් කළේ වෙනදට වඩා ප්‍රචණ්ඩ ව ය.
 
අතොරක් නොමැතිව ඇද හැළුණු වැසි හේතුවෙන් ඇතිවූ නාය යෑම් හා ගං වතුර නිසා මියගිය හා අවතැන් වූ පුද්ගලයන් පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබියදී එක්වරම ගුරුදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයෙන් අසන්නට ලැබුණු අමුතුම කතාවකි. ඒ මෝටර් රථයක් එම ප්‍රදේශයෙන් මහවැලි ගඟට වැටීමය.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තිදෙනා අතරින් එක් අයකු අතුරුදන් වූ අතර ඔහුගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ අනතුර සිදුව පැය විසි අටකට පමණ පසුය.
 
මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයට අයත් කොටසේ අඩි 40 ක පමණ ගැඹුරේ මඩේ සිරවී තිබී මළ සිරුර සොයා ගනු ලැබුවේ යුද, නාවික සහ පොලිස් ජීවිතාරක්ෂක අංශ ඒකාබද්ධව කළ මෙහෙයුමකිනි.
 
අනතුරින් මිය ගියේ මහනුවර ගුරුදෙණියේ මාලිගාතැන්න ද සොයිසා වත්තේ පදිංචි අමිල අනුෂ්ක ඒකනායක නැමැති අයෙකි. තිස් නව හැවිරිදි වියේ පසුවූ ඔහු අවිවාහකයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැදවූ පුද්ගලයා සහ එහි සිටි තවත් අයකු දිවි ගලවා ගැනීමෙන් පසු මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව තිබුණි.
 
මෙම අනතුර සිදුව තිබුණේ පසුගිය 28 දින රාත්‍රී 10.00 ට පමණය. දිවි ගලවා ගත් දෙදෙනා රෝහල ගතව ඇත්තේ ඉන් පැය තුනකට පමණ පසු ය. ඒ අතර තුර ඔවුන් නිවෙස් වලට ගොස් ඇඳුම්ද මාරු කරගෙන ඇති බවට තොරතුරු දැන ගන්නට තිබෙන බව මියගිය අමිලගේ ඥාතීහු පවසති.
 
වාහනය පදවා තිබුණේ ගුරුදෙණිය මාලිගාතැන්නේ පදිංචි 29 හැවිරිදි ඉසුරු සුරංජිත් නැමැති තරුණයෙකි. ඔහු මියගිය අමිලගේ මිතුරෙකි. මෝටර් රථයේ පිටුපස අසුනේ අමිල සමඟ ගමන් ගෙන තිබුණේ සුරංජිත්ගේ මාමාය.
 
රත්නපුරයේ පදිංචි හතළිස් හත් හැවිරිදි ඔහු නමින් රුක්මන් සූරියබණ්ඩාරය.
 
''ගුරුදෙණිය පාරේ දී වාහනය එක පාරට ම ලිස්සලා පාරෙන් එළියට පැනලා ගඟට පෙරළුණා. වැස්සයි කළුවරයි නිසා මොකුත් පෙණුනේ නැහැ. කාර් එක වතුරේ තිබුණේ. මම අත්තක් අල්ලගෙන උඩට ආවා. මාමයි මායි දෙන්නම අමිලගේ නම කියමින් එයාව හෙව්වා. ඒත් කිසිම සද්දයක් නැති නිසා අපි කන්ද නැඟ ගෙන පාරට ආවා. ''අනතුර සිදුවන අවස්ථාවේ රිය පැදවූ ඉසුරු එසේ පැවසුවේ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
 
අනතුරින් පසු මෝටර් රථය සොයා ගැනීමට යුද හා නාවික හමුදා සාමාජිකයන්ටත් පොලීසියටත් මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. කිමිදුම් කරුවන් අවස්ථා කිහිපයකදී ගං පතුළට ගොස් සිදු කළ පරීක්ෂා කිරීම්වලින් පසු එය සොයා ගනු ලැබුවේ අඩි 40 ක පමණ ගැඹුරේ තිබියදීය.
 
ඒවන විට අතුරුදන්ව සිටි අමිලගේ සිරුර මෝටර් රථයේ තිබෙනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළත් සැවොම මවිතයට පත්වූවේ ඔහුගේ සිරුර එහි නොවීම නිසාය.
 
රෝහල්ගතව සිටි පුද්ගලයන් දෙදෙනා ලබා දුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් කිමිදුම්කරුවන් සිදු කළ සෝදිසි කිරීමේදී අමිලගේ සිරුර මෝටර් රථය හමුවූ ස්ථානයට යාබදව ගං පතුලේ තිබී ගොඩගනු ලැබුවේ පස්වරු 2.00 ට පමණය.
 
ඒ වන විටත් මෙම අනතුර සම්බන්ධව බොහෝ කතා පැතිර ගොස් තිබිණි. ඒ අතර අමිලගේ මරණය ඝාතනයක් විය හැකි බවටද තොරතුරු පැතිර ගියේය.
 
මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධව මේවන විට ප්‍රශ්න රැසක් පැන නැඟී තිබේ. මහනුවර ජාතික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක භාරත පද්මසිරි විජේකෝන් මරණ පරීක්ෂණය සිදු කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
 
ඒ මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයට අයත් ප්‍රදේශයේ තිබී සොයා ගත් අමිලගේ මළ සිරුර මහේස්ත්‍රාත්වරයා හෝ මරණ පරීක්ෂකවරයා ස්ථාන පරීක්ෂණයක් සිදු කිරීමට පෙර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ඒම සම්බන්ධව විරෝධය දක්වමිනි. ප්‍රශ්නය තවත් උග්‍ර වූවේ තම පුතුගේ මරණය සැක සහිත බවට අමිලගේ මව වන අශෝකා අබේරත්න මරණ පරීක්ෂකවරයා හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟිනි.
 
මෙම ප්‍රකාශයත් සමඟ මරණ පරීක්ෂකවරයා සිද්ධිය මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරනු ලැබීය. මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දියේ ගිලීමෙන් මරණය සිදුව තිබෙන බව වෛද්‍ය වාර්තාව මගින් දක්වා තිබිණි.
 
අවිවාහකයකු වන අමිල මිතුරන් පිරිවරා ජීවත් වූවෙකි. නිතර මිතුරන් සමඟ මත්පැන් පානය කිරීමට යොමුවූ ඔහු සිද්ධිය වූ දින රාත්‍රී 7.00 පමණ වන තුරු ගමේ සිටි බවට තොරතුරු තිබේ.
 
''මල්ලීගේ ෆෝන් එක තිබුණේ කාර් එක ගඟට ගිය තැන කැලේ තිබිලා. එයාගේ පර්ස් එක තාමත් අපිට හමු වුණේ නැහැ. අනතුර සිදු වෙන්න කලින් කට්ටිය මත්පැන් පානය කරලා තියෙනවා. දැනට තිබෙන ආරංචි අනුව මෙයලා කාර් එකෙන් කුණ්ඩසාලේ බැංකුවට ගිහින් තියෙනවා ඒ.ටී.එම් එකෙන් සල්ලි ගන්න. මෙතන යම් යම් සැක සහිත දේවල් තිබෙනවා. ජලාශයට වැටුණු මෝටර් රථය ගමේ මල්ලී කෙනෙක්ගේ. ඒකට තිබිලා තියෙන්නේ තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එකක්.රෑ 7.00 ට විතර තමයි මේ ගොල්ලෝ එයාගෙන් වාහනය ඉල්ලගෙන තියෙන්නේ.'' අමිලගේ සහෝදරයා වන තිළිණ ඒකනායක පවසයි.
 
අමිල නාවික හමුදාවේ කලක් සේවය කර තිබේ. පසුව ඔහු විදේශගතව ඇත. යළි මෙරට පැමිණි පසු රැකියාවක් නොකර මිතුරන් සමඟ විනෝද වෙමින් ඔහු කාලය ගතකර තිබේ.
 
මහනුවර පොලීසියේ රථ වාහන අංශය මගින් මෙහි පරීක්ෂණ සිදුකර තිබුණේ නොසැලකිලිමත් ධාවනය නිසා වූ රිය අනතුරක් ලෙස සලකමිනි. අමිලගේ මවගේ ප්‍රකාශයත් සමඟ දැන් පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් ක්‍රියාකාර ඇති අන්දම පිළිබඳව ප්‍රශ්න රැසක් මතුව තිබේ.මේ සම්බන්ධව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පැවසුවේ මෙවන් අදහසකි.
 
''මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරනවා. මෙම අනතුරේ ස්වභාවය සැලකීමේදී යම් යම් සැක සහිත තැන් තිබෙනවා. මේ නිසා කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පරීක්ෂණ බාර දුන්නා. බොඩියක් හමු වුණාම අපි ඒක ඉක්මනට මෘත ශරීරාගාරයට ගේනවා. ඊට පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරනවා. අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් අපට සියලු කරුණු අනාවරණය කර ගැනීමට පුළුවන්. මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් ලෙස අධිකරණ වෛද්‍යවරයා දැනුම් දී තිබෙනවා. දැන් අපි කරන්නේ මේ අනතුර හිතාමතා කළ එකක්ද නැත්නම් සාමාන්‍ය එකක්ද කියලා හොයන එකයි. වාහනය රස පරීක්ෂකට යොමු කිරීම ඇතුළු පරීක්ෂණ ගණනාවක් මේ සම්බන්ධයෙන් සිදු කෙරෙනවා. ඒවා අවසානයේ අපිට තීරණය කරන්න පුළුවන් මේක ඝාතනයක්ද නැත්නම් රිය අනතුරක් නිසා සිදුවූ මරණයක්ද කියන එක.''
 
අසේල කුරුළුවංශ
ඡායාරූප-රුවන් මීගම්මන
සිළුමිණ පුවත්පතෙන් උපුටා ගත් ලිපියකි...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top