Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
03
“අප්පා කරන්ට් එක ගියා නේද ? කන්ඩත් නෑ බොන්ඩත් නෑ, ගෑසුත් නෑ, දැන් කරන්ටුත් නෑ” - ලංකාවටම කරන්ට් එක ගිය වෙලාවේ වෙච්ච අකරතැබ්බ මෙන්න - උත්සව කිහිපයකටත් බාධා - මන්ත්‍රීවරු දෙන්නෙක් ලිෆ්ට් එකේ හිරවෙලා - Video

- “අප්පා කරන්ට් එක ගියා නේද ? කන්ඩත් නෑ බොන්ඩත් නෑ, ගෑසුත් නෑ, දැන් කරන්ටුත් නෑ” - ලංකාවටම කරන්ට් එක ගිය වෙලාවේ වෙච්ච අකරතැබ්බ මෙන්න - උත්සව කිහිපයකටත් බාධා - මන්ත්‍රීවරු දෙන්නෙක් ලිෆ්ට් එකේ හිරවෙලා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
“තව මොන මොනා නැතිවෙයි ද දන් නෑ..”
 
දිවයින පුරා බිඳ වැටුණු විදුලිය සැපයුම අද (03) රාත්‍රිය වන විට මුළු මුනින්ම යථා තත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
 
මෙම හදිසි බිඳ වැටීම් සම්බන්ධයෙන් අද පස්වරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ හැර සියලු බලාගාරවල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 2ක කාලයක් ගත වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
 
අද පෙරවරු 11 යි 30ට පමණ දිවයින පුරා හදිසියේ විදුලිය බිඳවැටුණු අතර මෙය මෙම සතියේ සිදු වූ 2 වන විදුලි බිඳ වැටීමයි.
 
පසුගිය සඳුදා රාත්‍රියේ ද විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලිය විසන්ධි වුණා.
 
අද සිදු වූ විදුලි බිඳ වැටීමට හේතුව මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර් රණතුංග සඳහන් කළේ.
 
කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන විදුලි ඉංජිනේරුවරුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බවයි.
 
සාමාන්‍යාධිකාරීවරයා එසේ ප්‍රකාශ කර පැය කිහිපයක් ගතව යන්නටත් මත්තෙන් විදුලි ඉංජිනේරු සංගමය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවයි.
 
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එරෙහිව ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතර, අද දිනයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව එය අත්හිටවූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩු සඳහන් කළා.
 
කෙසේ වෙතත්, විදුලි සැපයුම බිඳ වැටීමත් සමග අඹතලේ හා බියගම පවිත්‍රාගාරවලින් ජලය සැපයෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක ජලය සැපයුමට ද බාධා එල්ල වුණා.
 
එමෙන්ම, දුම්රිය ධාවනයට මෙන්ම ඉන්ධන අලෙවියට ද බාධා එල්ල වූ අතර, ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලීම් ද දක්නට ලැබුණා.
 
මාර්ග සංඥා ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ඇතැම් මාර්ගවල රථ වාහන තදබදයක් ද දක්නට ලැබුණු අතර, රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.
 
මේ අතර, ඊයේ (02) රාත්‍රියේ කඩුවෙල - වැලිවිට විදුලි පාරිභෝගික අධිකාරි, ප්‍රදේශයේ සිදුවූ විදුලිබිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රම උපාය අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
 
ඒ අදාළ විදුලි බිඳ වැටීම කඩා කප්පල්කාරි පිරිසක් විසින් සිදුකරන ලද්දක් ද යන්න විමර්ශනය කරන ලෙස ඉල්ලමින්.
 
ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
 
මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටද අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.
 
ඒ ලලිත් එල්ලාවල, තුෂාර ඉඳුනිල් කියන මන්ත්‍රීවරුන් දෙදෙනාටයි. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා විදුලි විසන්ධිවීම සිදුවන අවස්ථාවේදී විදුලි සෝපානයේ සිට ඇත්තේ.
 
කෙසේ වුවත් මන්ත්‍රීවරුන් දෙදෙනාට මිනිත්තු 15ක කාලයක් එලෙස විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවී ඇති අතර අතිරේක විදුලි ජනන යන්ත්‍ර මගින් පාර්ලිමේන්තු සංකිර්ණයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු ඔවුන්ට ඉන් එලියට ඒමට හැකිව තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top