Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
03
“පුහුණුකරුවෙකුට දිය හැකි උණුසුම්ම සමුගැනීම මෙයයි.. ඔබේ නික්ම යාම අපට ඇත්තෙන්ම දුකක්..!” - ශ්‍රී ලංකාවට සමුදෙන, මිකී ආතර් ගැන, ක්‍රීඩක දිමුත් ලියූ සංවේදී සටහන - Photos

- “පුහුණුකරුවෙකුට දිය හැකි උණුසුම්ම සමුගැනීම මෙයයි.. ඔබේ නික්ම යාම අපට ඇත්තෙන්ම දුකක්..!” - ශ්‍රී ලංකාවට සමුදෙන, මිකී ආතර් ගැන, ක්‍රීඩක දිමුත් ලියූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77 Views
“මම මේ රටට හරිම ආදරෙයි, මේ තරුණ ක්‍රීඩකයින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය වර්ණවත් කරාවි.”
 
නිමාවට පත් වුණු ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් ගැටුම මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අපූරූ සිහිවටනයක් බවට පත් වෙද්දි, තවත් විශේෂත්වයක් වූයේ, මෙරට පුහුණුකරු මිකී ආතර්ගේ සේවය මෙරටට ලැබෙන අවසන් තරගය ද මෙය වීම නිසයි.
 
ඒ අනුව මෙම තරගාවලිය නිමවීමෙන් පසුව මිකී ආතර් යළි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය මෙහෙවර ලබා දෙන්නෙ නැහැ.

කෙසේ වෙතත් පූර්ණ තරගාවලි ජයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය මෙතෙක් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ට මහත් හරසරයක් ලෙසයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
 
මේ අතර ක්‍රීඩක දිමුත් කරුණාරත්න ද සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබමින් මිකී ආතර්ට සමු දී තිබුණා.
 
මේ අතර, මිකි ආතර්ගේ සිය සමුගැනීමේ කතාවේදී සියලු ක්‍රීඩකයින් ට ස්තුති කරන්නටත් අමතක කළේ නැහැ.
 
ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටි වසර 2 අතිශයින් ස්මරණීය යි.
 
මෙහි ගෙවුණු සෑම තත්පරයකටම මම ආදරෙයි.
 
ඇත්ත වශයෙන්ම මෙම වසර දෙක ඉතාම තීරණාත්මක වසර දෙකක් වුණා.
 
එහි ඇතැම් අවස්ථා මට මහත් සංවේගයක් ගෙන දෙනවා.
 
හැබැයි මම සන්තෝස වෙනවා, මම කණ්ඩායම අත්හැර යනකොට කණ්ඩායම තියෙන ස්ථානය ගැන, මට එය තිබූ තැනින් ඉහළට ඔසවන්නට හැකියාව ලැබුණා.
 
මම මේ රටට හරිම ආදරෙයි,
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ශක්තිය ගැන කතා කරනවා නම්, ඔවුන්ට තිබෙන්නේ ඇදහිය නොහැකි දක්ෂතාවන්.
 
මේ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය වර්ණවත් කරාවි.
 
ඒ වගේම තමයි දිමුත් වගේ ජේෂ්ඨ ක්‍රීඩකයින් ඔහු මා මේ තනතුර භාර ගත් දා පටන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දස්කම් දක්වමින් සිටියා.
 
තරුණ ක්‍රීඩකයින් තෝරාගෙන ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ දක්ෂතා ප්‍රකට කරන්නට ලබා දුන් අවස්ථාවේ ප්‍රතිලාභ දැන් අපි විඳිනවා.
 
පුහුණුකරු හැටියට මට මීටත් වඩා සතුටු වෙන්න දෙයක් නෑ, මම ඔවුන්ට විශ්වාසය ලබා දුන්නා, ඒ වගේම අඛණ්ඩව අවස්ථාව ලබා දුන්නා.
 
ඒ දුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔවුන් දස්කම් දක්වනවා.
 
මා පුහුණුකරු ලෙස සිටි වසර දෙක ගැන නැවත හැරී බලනවා නම් මේ අතරවාරයේ කිසිම දවසක මට ඔස්ට්‍රේලියාවට යන්න හැකියාවක් ලැබුනෙ නෑ.
 
මම 2019 නොවැම්බර් මාසේන් පස්සේ මගේ දියණිය දැකලා නෑ. ඒ වගේම තමයි ජෛව බුබුලකින් තවත් ජෛව බුබුළකට මාරුවෙන එක ක්‍රීඩකයින්ට වගේම අපිටත් අතිශය පීඩාකාරී දෙයක් වුණා.
 
මෙහිදී තරග තහනමට ලක්ව සිටින ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මිකී ආතර් කියා සිටියේ, වත්මන් ක්‍රීඩා පිටිය තුළ සමාජ මාධ්‍ය ක්‍රීඩකයින්ගේ පැවැත්මට සහ බිද වැටීමට විශාල කාර්ය භාරයක් ඉටු කරන බවයි.
 
ඒ තත්ත්වය තේරුම් ගෙන ඒ තත්ත්වයන්ට අනුකූලව තමන්ගේ ක්‍රීඩාව සහ එදිනෙදා පැවැත්ම සකසා ගැනීම අද ක්‍රීඩකයින් ඉදිරියේ ඇති විශාල අභියෝගයක් බවත් ඔහු කියා සිටියා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top