ලිංගික දුර්වලතාවයකින් පෙලෙනවා නම් ඉවත් වෙන්නට අයිතියක් තිබෙනවාද ලිංගිකව ප්‍රාණවත්වීමේ දුර්වලතාවය
මේ තත්ත්වය අපි බහුලව කතා කරන සමාජයේ දකින්න ලැබෙන රොගයක්.
සමාජයේ ඇති මානසික රෝග අතර තවත් සැඟවුණු රෝගයක් කොහොම වුණත් මේ රෝගය ලජ්ජා විය යුතු වත් සැඟවිය යුතු වත් සමාජයෙන් කොන් කල යුතුවත් රෝගයක් නෙවෙයි සමහරු මෙම රෝගය ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වුවත් මෙය බෙලහිනතාවයක් නොව දුර්වලතාවයක් බව වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි සමහරු කියන්නට පුළුවන් ලිංගික දුර්වලතවයකින් පෙළෙන පිරිමියෙකුගෙන් ඉවත්වන්නට කාන්තාවන්ට අයිතියක් තිබෙනවා කියලා.
ඒ වගේම කාන්තාවකගෙන් වෙන් වන්නට පිරිමියෙකුට අයිතියක් තිබෙනවා කියලා.නමුත් ඒ තීරණය එම යුවළ තීරණය කළ යුතු දෙයක් මිස අපි බලෙන් පැටවිය යුතු දෙයක් නෙමෙයි. කොහොම වුණත් ඔබ ලිංගික දුර්වලතවයකින් පෙලෙනව යැයි ශෝකයට පත් වෙන්න එපා.
චිත්ත ධෛර්යය අඩාල කර ගන්නට එපා ලිංගික දුර්වලතවය කියන්නෙත් තවත් එක්තරා මානසික රෝගයක් මේ රෝගය සඳහා විවිධ හේතු බලපානවා රෝගයට බලපාන ප්‍රධාන හේතුව ලිංගිකත්වය සදහා අපේ හිත තුල ඇති තැතිගැන්ම හා බය ලිංගික ක්‍රියාවලියට අවාසිදායක ලෙස බලපෑමයි. වෙන වචන වලින් කිව්වොත් ලිංගිකත්වයට ඇති බය නිසාමයි ලිංගික ශක්තිය අඩු වන්නේ. මේ සදහා අතීත අත්දැකීම් වගේම වර්තමාන සම්බන්ධතා හා හැගීමුත් බලපානවා.
ඒ නිසා ආත්ම ශක්තිය තබාගැනීම ලිංගික ශක්තිය නොවෙනස්ව තබා ගැනීමට ඉතාම වැදගත්. මෙයට අමතරව විවිධ ස්නායුගත රෝග හෝ නහරගත රෝග,මත් පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය ලිංගික දුර්වලතාවය ඇතිවීමට බලපාන්නට පුළුවන්.
ලිංගික දුර්වලතාවයක් ඇති වූ අවස්ථාවකදී මේ පිළිබඳව ඇති අපහසත්මක ප්‍රකාශ වලට දුර්මත වලට බය නොවී ළඟම ඇති රෝහලක මනසික සෞඛ්‍ය සායනයක පිහිට පතනවා නම් මේ දුර්වලතාවය කෙටි කලකින්ම ඔබට අඩුකරගන්නට පුළුවන් ඒ සදහා මනෝ විද්‍යාතමක ප්‍රතිකාර වගේම බෙහෙත් වර්ගත් තිබෙනවා.
මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්