Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
“...ඇමතිතුමා කිව්වා, ඒවා දොස්තරලා බලාගනියි කියලා.. මගේ පුතාට ඇවිදින්න බෑ, කතා කරන්නවත් බෑ...” - හිටපු ඇමති චම්පික ගැන නඩු විභාගයේදී එළියට ආ දේ මෙන්න - Video

- “...ඇමතිතුමා කිව්වා, ඒවා දොස්තරලා බලාගනියි කියලා.. මගේ පුතාට ඇවිදින්න බෑ, කතා කරන්නවත් බෑ...” - හිටපු ඇමති චම්පික ගැන නඩු විභාගයේදී එළියට ආ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,782 Views
“මුදලක් ලැබුණේ ජනපති අරමුදලෙන් විතරයි”
 
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තුන් දෙනෙකුට අධිචෝදනා කියවා දීම අද (02) කොළඹ මහාධිකරණයේදී සිදු කෙරුණා.
 
එමෙන්ම, නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

නඩුව අද කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේයි.
 
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට අමතරව ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාරට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලට එරෙහිව නීතිපතිවරයා විසින් මීට අදාළව අධි චෝදනා ගොනු කර තිබෙනවා.
 
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ යුක්තියේ දෙවඟනගේ දෑස් රෙදි කැබැල්ලකින් බැද තිබුණත්, එම රෙදි කැබැල්ල ගලවා තමන් දෙස යුක්තියේ දෙවගනයේ බැල්ම ලබා ගැනීමට ඇතැම් විත්තිකරුවන් උත්සාහ කරන බවයි.
 
මෙයත් එවැනිම නඩුවක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී ප්‍රකාශ කළා.
 
ඔහු කියා සිටියේ 2016 පෙබරවාරි 28 වනදා පළමු විත්තිකාර හිටපු අමාත්‍යවරයා අපරීක්ෂාකාරි ලෙස පැදවූ ජිප් රථයක් පැමිණිලිකාර තරුණයා ගමන් කළ යතුරුපැදියේ ගැටී ඇති බවයි.
 
අසල සිටි පුද්ගලයන් විමසූ විට වාහනය තුළ සිටි පුද්ගලයා තමා ඇමතිවරයෙකු බව සඳහන් කළේ යැයි ද පසුව දෙවන විත්තිකරු තමා රථය පැදවූ බව පවසමින් පොලීසියට ඉදිරිපත් වූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
 
ඔහු චෝදනා කළේ විත්තිකරුවන් සමාජ, දේශපාලන සහ නිලබලය උපයෝගි කර ගනිමින් සත්‍යය යටපත් කිරීමට උත්සාහ කළ බවයි.
 
අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන් විසින් ගෙන ආ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අතර, පසුව ඔවුන්ට විවෘත අධිකරණයේදී අධිචෝදනා කියවා දෙනු ලැබුවා.
 
එම චෝදනාවට තමන් නිවැරදිකරු බවයි විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.
 
ඉන් අනතුරුව සිද්ධියෙන් අනතුරට පත් සංදීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ පියා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.
 
එහිදී ඔහු කියා සිටියේ තම පුතු සනීප කර දෙන ලෙස අවස්ථා 3කදී අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ විජේරාමේ පිහිටි ඔහුගේ නිවසටම ගොස් උදව් ඉල්ලා සිටියත් ඊට කිසිදු සහයක් ඔහු පළ නොකළ බවයි.
 
නඩුව වැඩිදුර විභාගය ජනවාරි මස 11 වනදා දක්වා කල් තැබුණා.
 
මේ අතර, ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලැබ මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top