“අනේ බුදුසරණයි...
තිස්තුන් කෝටියක් දෙවිවරු රකින්නෝනා මිසී නෝනේ..”
මුහුණු පොතේ සැරිසරන ඔබටත් මේ ඡායාරූපය ඇහැ ගැටෙන්නට ඇති. (හෙදියක් මවක වැළඳගෙන සිටින සේයාරුව.) ඒ ඡායාරූපය අතිශය සංවේදී එකක් බවට පත් වෙනකොට ඒ ඡායාරූපයේ කතාව හොයාගෙන ගිය අපිට අපූරූ නිර්මාණයක් හමුවුණා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූපයේ ඇත්තම කතාව..
සංවේදී ඔබත් ඒක කියවලා බලන්න......
දරුවෙක් ප්‍රසූත කරපු මවක්...
මානසික ආතතියට පත් මවක්...
ලෙයින් වැදූ දරුවා එපා සිතෙන...
ජීවිතේ එපාම යැයි සිතෙන...
මහම මහ කරුමක්කාර ලෙඩක්...
නිට්ටාවටම සුව කරන්නත්....
නොසලකා අතැර දාන හිමියෙක්ට...
සුදු කොඩි අදින්නට පාර කපන්නත් පුළුවන් ...
මානසික ආතතිය ඒ තරම් දරුණු තත්වයක්...
අපේ අත් මත ඕනෙ තරම් සැනහිලා ඇති...
තොරතෝංචියක් නැතිව කියවලා ඇති...
ඒ වචනත් එක්ක බඳවටා එතුණ අත්...
මට අමතක කලා මං හෙදියක් බවත්...
කඳුළුත් පිරුනා... එලියට නොහෙළුවත්...
නෑ විනාඩි සෑහෙන ප්‍රමානයක්...
ඔය වැලඳ ගැනීම ඕමම තිබුනා...
වාඩි කරවලා.. බත් අනල කවලා...
පම්ප් එකෙන් අයින් කරද්දි...
ඇඟට පැනලා "කුක්කූ" ගාන මගේම පොඩි එවුන්....
වේල් කීයක් බඩ පුරවන කිරි බිංදුද මේ අහක ලන්නේ..
ලෙයින් පෙඟුන සනීපාරක්ෂක තුවාය්ත් මාරු කරලා...
"අනේ බුදුසරණයි ... තිස්තුන් කෝටියක් දෙවිවරු රකින්නෝනා මිසී නෝනේ.."
තිස්තුන් කෝටියක් දෙවියනේ...
මේ ලෝකෙට දරු පැටව් දෙන්න ඉන්න අම්මලා...
මේ ලෝකෙට කිරි දරුවෝ ජනිත කරවපු අම්මලා...
අම්මලාගේ අත් මැද්දෙ කිරිපැටව්.. නැලවෙනා....