සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සෝබර්ස් තිසේරා කුසලාන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් රැස් කරගෙන තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ ධනංජය ද සිල්වා නොදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව එකසිය පනස් තුනක්.
ඔහු සිය ක්‍රිකට් දිවියේ ලකුණු එකසිය පනහේ සීමාව පසුකර ගියේ දෙවැනි වරටයි.
ඔහුගේ ලකුණු 53 ඇතුළත හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් අන්තර්ගත වී තිබුණා.
ඊට අමතරව ලසිත් ඇඹුල්දෙනිය සමඟ නව වෙනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 107 ක අගනා සම්බන්ධතාවක් ගොඩ නගන්නටත් ඔහු සමත් වුණා.
දිනය නිමා වන විට පන්දු 110 ක ට මුහුණදෙමින් එක් 6 පහරක් පමණක් එල්ල කරමින් ලසිත් ඇඹුල්දෙනිය රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 25ක්.
තරගයේ තුන්වන දිනය නිමාවන විට කඩුලු දෙකක් දැවී ලකුණු 46 ක් ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හයක් අද දිනය තුළ බිඳ වැටුණා.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 19ක් ලබා සිටි චරිත් අසලංකයි.
ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ලකුණු දෙකක් ලබා සිටිය දී දැවී ගියා.
පිටියේ සිටි ධනංජය ද සිල්වා සමඟ එක් වූ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම යම් තරමකින් සවිමත් කරන්නට සමත් වුණා.
රමේෂ් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 25ක් ලබා සිටියදීයි.
ඉන් අනතුරුව සුරංග ලක්මාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් දෙදෙනාත් අඩු ලකුණු සංඛ්‍යාවන් ට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරේ වැටෙන ලකුණු පෙන්නුම් කරමින්.
කෙසේ වෙතත් එක් අන්තයක් රැකගෙන කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා සමග එක් වූ ලසිත් ඇඹුල්දෙනිය ලකුනු 221ට කඩුලු 8ක් බිඳවැටී අසීරු තත්ත්වය සිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328 දක්වා ඉහලට ගෙන එන්නට සමත් වුණා.
මේ අනුව ඔවුන් තරගයේ සිව්වන දිනය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු දෙසිය හැත්තෑ 279 ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු දෙකක් අතැතිවයි.
පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වීරසාමි පෙරුමල් ලකුණු සීයකට කඩුලු 3ක් දවාගත් අතර, රොස්ටන් චේස් ලකුණු 82කට කඩුලු දෙකක් දවා ගත්තා.
හෙට තරගයේ අවසන් දිනයයි.
UPDATE:
ධනංජය ද සිල්වාගෙන් ශතකයක්...
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී ධනංජය ද සිල්වා සිය ශතකය ලබා ගත්තා.
ඒ පන්දු 187කට මුහුණදෙමින්. මෙම ශතකය රැස් කර ගැනීම සඳහා ඔහු විසින් කොදෙව්වන්ට එරෙහිව හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සිය ලකුණු තුළට එක් කරගත්තා. ධනංජය සිල්වා අද (02) දිනයේ දී ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙහි 08 වැනි ශතකයයි.