Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
03
"පවුල් ආරවුල් නිසා ඔහුගේ මරණයට බිරිඳව සැක කළා .." - සැලසුම් සහගත ඝාතන දැයි සැක කෙරෙන ක්‍රිකට් ලොව කැළඹූ අබිරහස් මරණ

- "පවුල් ආරවුල් නිසා ඔහුගේ මරණයට බිරිඳව සැක කළා .." - සැලසුම් සහගත ඝාතන දැයි සැක කෙරෙන ක්‍රිකට් ලොව කැළඹූ අබිරහස් මරණHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80 Views
‘ඇති වූ සියල්ල නැති වී යා යුතු ය. ජීවයක් බිහි වූයේ යම් සේ ද යම් දිනෙක එය අවසන් විය යුතු ය. එහෙත් එය සොබාදහමේ නියාමනයන්ට අනුව සිදු නොවන්නේ නම් එය ගැටලුවකි. එවැනි හඳුනා නොගත් මරණ සිහිපත් කිරීමට හේතු වූයේ පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හදිසියේ මියගිය තණතීරු සකසන්නා සම්බන්ධ පුවත ය.

හැන්සි ක්‍රොන්යේ, බොබ් වුල්මර්, රාජේශ් පීටර්, ටර්ටියස් බොෂ්, පර්සි හාර්ඩි, නවුමන් හබීබ් ක්‍රිකට් ක්‍රීඩාවට හුරුපුරුදු නම් කීපයකි. මේ විවිධ කාලයන් හි දී ක්‍රීඩා කරමින් ක්‍රිකට් ලොවට දායකත්වය සැපයූ ක්‍රීඩකයක් කිහිප දෙනෙකි. එසේ ම ඔවුහු එක් සුවිශේෂී හේතුවක් නිසා ම සමාන වෙති.
 
ඒ ඔවුන් මෙලොවින් සමුගත්තේ අබිරහස් ආකාරයට වීම නිසා-වෙනි. ඔවුන් සියලු දෙනා ම අකාලයේ නිවී ගිය ක්‍රිකට් තරු ලෙසටත් හැඳින්විය හැකි ය. මේ ක්‍රීඩකයින්ගෙන් ඇතැම්හු අන්තර්ජාතික ක්‍රීඩකයෝ වූහ. ඇතැමුහු පළමු පෙළ ක්‍රීඩකයෝ වූ හ.
 
පර්සි හාර්ඩි (එංගලන්තය)
පර්සි (1880-1916) පළමු පෙළ ක්‍රීඩකයෙකි. වමතින් පන්දුවට පහර දෙනු ලැබී ය. දකුණතින් මඳ වේග පන්දු යැවී ය. ඔහු පළමු පෙළ තරග සියයකට ක්‍රීඩා කළේ සමර්සෙට් ප්‍රාන්තයට යි. හෙතෙම ක්‍රීඩා කළ ලන්ඩන් නුවර පිහිටි කිංග්ස් ක්‍රොස් දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුළ තිබිය දී ඔහුගේ නිසල සිරුර සොයා ගත්තේ ය. ඔහුගේ උගුරු දණ්ඩ කැපී තිබිණි. පර්සි ගේ මියගිය සිරුර අසල ලේ තැවරුණු පිහියක් ද විය.
 
ඔහු සිය දිවි නසාගත් බවට එකල බොහෝ දෙනා විශ්වාස කළහ. ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ පර්සි යම් මානසික පීඩාවකින් පෙළුණු තැනැත්තකු වීමයි. ඔහු කලක් සේවය කළේ හමුදාවේ ය. නැවත වතාවක් යුද සේවයට යෑමට සිදු වෙතැයි සිතමින් ඔහු තම දිවි තොර කර ගන්නට ඇතැයි ද සමහරු විශ්වාස කළ හ. එසේ වූවත් ඔහුගේ මරණයට නිල හේතුවක් කිසි දිනක වාර්තා වූයේ නැත.
 
රාජේශ් පීටර් (ඉන්දියාව)
1981-1982 තරග වාරයේ ඉන්දීය පළමු පෙළ ශුරයන්ට හිමි වන රංජි කුසලාන දිනා ගත්තේ දිල්ලි කණ්ඩායම යි. රාජේශ් එලෙස කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු විය. දකුණත් පිතිකරුවකු වූ ඔහු දකුණතින් මඳ වේග පන්දු යැවී ය.
 
1959 වසරේ උපත ලැබූ රාජේශ් 1995 වසරේදී සැක සහිත ලෙස නවදිල්ලි නුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක පිහිටා තිබූ සිය නිවෙස තුළ දී මිය ගොස් සිටියේ ය. කෙසේ නමුත් රාජේශ් ගේ මරණයට හේතුව කිසිදා තහවුරු වූයේ නැත.
 
ටර්ටියස් බොෂ් (දකුණු අප්‍රිකාව)
‘සුදු අකුණු සැරය’ ලෙස ප්‍රචලිත වූ ඇලන් ඩොනල්ඩ් සමඟ කලක් දකුණු අප්‍රිකාවේ සිටි වේගවත් ම පන්දු යවන්නා වූයේ බොෂ් ය. තහනම නිමා වීමෙන් පසු ව දකුණු අප්‍රිකාව සහභාගී වූ පළමු ටෙස්ට් තරගය පැවැත්වූයේ 1992 වසරේ දී ය. එම තරගයට බොෂ් ද ක්‍රීඩා කළේ ය. එමෙන්ම එම වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායමේ ද ඔහු සාමාජිකයකු විණි. බොෂ් (1966- 2000) කලක් මාංස පේශී දුර්වලතා රෝගයකින් පීඩා විඳිමින් සිට පසු ව මිය ගියේ ය.
 
නමුත් පසුව හෙළි වූයේ ඔහුගේ මරණය ශරීරයට විෂ ඇතුළත් වීමෙන් සිදුවූවක් බවයි. එහි දී සැකය යොමු වූයේ බොෂ්ගේ බිරිය වෙත යි. ඔවුන් දෙදෙනා අතර පවුල් ආරවුල් පැවති
 
බව පරීක්ෂණවල දී හෙළිදරව් විණි. කෙසේ හෝ බිරිය වරදකාරිය කිරීමට තරම් සාක්ෂි සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ දී ක්‍රිකට් ලොව අබි-රහස් මරණ අතරට බොෂ් ද එකතු විය.
 
හැන්සි ක්‍රොන්යේ (දකුණු අප්‍රිකාව)
තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්-වූ ක්‍රොන්යේ ලොව පහළ වූ ක්‍රිකට් නායකයන් අතර විශිෂ්ටත ම නාය-කයෙකි. එහෙත් 2000 වසරෙදී ඔහුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක්වීමට සිදුවිය. ඒ මුදලට තරග පාවා දුන් බවට පිළිගත් නිසාවෙනි. අවසානයේ ක්‍රොන්යේ (1969 -2002) අකාලයේ මිය ගියේ ය. ඒ ඔහු ගමන් ගත් කුඩා ගුවන් යානය අනතුරකට පත්වීමෙනි.
 
එම යානයේ සිටි එක ම මඟියා ද ක්‍රොන්යේ විය. මෙම අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනාත් මිය ගිය හ. එකී අනතුර ගැන විවිධ මත වාර්තා විය. මින් ප්‍රධාන ම මතය වූයේ මෙම ගුවන් අනතුරට මුදලට ඔට්ටු අල්ලන්නන් සම්බන්ධ බවයි. එහෙත් කිසිවක් කිසි-වකුත් ඔප්පු කළේ නැත.
 
බොබ් වුල්මර් (එංගලන්තය)
කලක් අන්තර්ජාතිකව ක්‍රීඩා කළ වුල්වර් පසුව වඩාත් ප්‍රචලිත වූයේ පුහුණුකරුවකු ලෙසටයි. 2007 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේත් වුල්මර් ය. කෙසේ වෙතත් අයර්ලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයකට ලක් වූ පාකිස්තානයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිණි. එය සිදුවී ගත වූයේ පැය කිහිපයක් පමණි. වුල්මර්ගේ නිසල සිරුර ඔහු නවාතැන් ගෙන සිටි ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර හෝටල් කාමරයේ තිබිය දී හමුවිය.
 
ජැමෙයිකානු පොලීසිය මුලින් ම පැවසුවේ වුල්මර් මිය ගොස් තිබෙන්නේ ගෙල සිරකරගෙන බව යි. නමුත් පසුව පැවති පරීක්ෂණය තුළින් විවෘත තීන්දුවක් ලබා දෙනු ලැබී ය. එහිදී තීන්දුව වූයේ මෙය පොලීසිය පැවසූ ආකාරයට හෝ ස්වාභාවික හේතුන් මත සිදු වූවක් නොවන බවයි.
 
ඒ අනුව වුල්මර්ගේ මරණයත් අබිරහසකි. කෙසේ වෙතත් මෙම මර-ණයටත් ඔට්ටු අල්ලන්නන් සම්බන්ධ බවට පිරිසක් විශ්වාස කරති. හිටපු දකුණු අප්‍රිකානු නායකයෙක් වූ ක්ලයිව් රයිස් පැවසුවේ වුල්මර්ගේ මරණය මිනී මැරුමක් බවයි. හිටපු ඔස්ට්‍රේලියානු නායකයකු වන ඉයන් චැගල් පැවසුවේ වුල්මර් ස්වාභාවික හේතුන් මත මිය ගිය බවට තමන් විශ්වාස නොකරන බවය.
 
නවුමන් හබීබ් (පාකිස්තානය )
නවුමන් (1979-2011) පළමු පෙළ ක්‍රීඩකයෙකි. හෙතෙම දිනක් සිය නිවෙස අසල පිහිටි ව්‍යායාම් මධ්‍යස්ථානයට නික්ම ගියේ ය. එහිදී ඔහු අතුරුදන් විය. පසුව ඔහුගේ සිරුර හමුවුණේ නිවෙස අසල තිබිය දී ය. මුලින් එය ද මිනීමැරුමක් බවට විශ්වාස කළේ ය. එහෙත් පසුව එම මරණයට ද පෙර මරණවල මෙන් නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි විය.
 
කෙසේ නමුත් මේ සියලු මරණ සිදුව තිබුණේ අභාග්‍ය සම්පන්න හා සැක සහිත ආකාරයට ය. ඒ සියලු මරණ පිටුපස ඇති අබිරහස දුටු එක ම සාක්ෂිකරුවා සොබාදහම ය. එහෙත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට සොබා-දහම උත්සහ නොකළ නමුත් මරණ සම්බන්ධයෙන් ඉතිරි කළ සැකසංකා අදාළ මරණ සිදුවූ ආකාරය ගැන සමාජය තුළ අදටත් යම් යම් අනුමාන ගොඩනංවා තිබේ.
 
 
 
ප්‍රශාන්ත ඇල්පිටිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top