Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
"ආයෝජනය කළ සියලු මුදල් නැතිවුණා.." - ක්‍රිකට් ආයතනයට එරෙහිව දඹුල්ල වයිකින්ස් හිමිකරුවන් නීති මඟට

- "ආයෝජනය කළ සියලු මුදල් නැතිවුණා.." - ක්‍රිකට් ආයතනයට එරෙහිව දඹුල්ල වයිකින්ස් හිමිකරුවන් නීති මඟටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,214 Views
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අත්හිටුවමින් එම කණ්ඩායම විකුණා දැමීමට එරෙහිව IPG ආයතනයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දඹුල්ල වයිකින්ස් හිමිකරුවන් පවසනවා.

ඔවුන් මේ බව පවසා සිටියේ, සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එළඹෙන ඉරිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර කොළඹ දී ආරම්භ වීමට නියමිත ව ඇත්තේ, කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන්. ඒ අතුරින් ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම්වල හිමිකාරිත්වය අත් හිටුවමින් නව හිමිකරුවන් වෙත එම කණ්ඩායම් විකුණා දැමීමට තරගාවලියේ මෙහෙයුම් කටයුතු කරන ඩුබායිහි IPG ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. එම විකුණා දැමීම අත්තනෝමතික අයුරින් සිදු කර ඇති බව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකරුවන් විසින් මීට පෙර චෝදනා එල්ල කළා. 
 
මේ අතර දඹුල්ල වයිකින්ග්ස් හිමිකරුවන් ද පැවසුවේ LPL තරගාවලියෙන් සිය කණ්ඩායම ඉවත් කිරීමට එරෙහිව IPG සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. "අපි ආයෝජනය කළා අමෙරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලක්. නමුත් ලැබිච්ච දෙයක් නැහැ. ආයෝජනය කළ සියලු මුදල් නැතිවුණා.
 
 කණ්ඩායම ඉවත් කිරීමට හේතුව තවම දන්නේ නැහැ. හිමිකාරීත්වයෙන් ඉවත් කිරීම් සම්බන්ධව ලිඛිතව දැනුම් දීලත් නැහැ. නමුත් ඔවුන් පැවසුවේ අපි තවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ 50,000ක් ඔවුන්ට ණයයි කියලයි. ඇයි මම තවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ 50,000ක් දෙන්නේ. ගිවිසුම් ප්‍රකාරව LPL තරගාවලියෙන් ඔවුන් මට අමෙරිකානු ඩොලර් හාරලක්ෂ 50,000ක් දෙන්න ඕන. පසුගිය සතියේදී මට කිව්වා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මිලදී ගන්න කියලා. මට තේරෙන්නේ නැහැ සැමවිටම පරස්පර විරෝධී පිළිතුරු දෙන්නේ ඇයි කියලා. ඇයි ඔවුන්ට එකම දේක ඉන්න බැරි. මගේ කණ්ඩායම ඉවත් කරලා පස්සේ මෙහෙම කතා කරන්නේ ඇයි.
 
 අවසානයේදී ඔවුන්ගේ සෙල්ලමෙන් ඉවත්වෙන්න අපි තීරණය කළා. ඒ වගේම අපිට කිව්වා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මිල දී ගත්තොත් අපි උදව් කරන්නම් ICC ප්‍රශ්නෙ විසඳගන්න කියලා. මට තේරෙන්නේ නෑ මොකක් ද ICC එකෙන් විසඳගන්න තියෙන ප්‍රශ්නෙ කියලා. IPG ආයතනය තමයි මට හමුවුණු කිසිදු වෘත්තිමයභාවයක් නැති ආයතනය. 
 
කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වගකීම පැහැර හැරලා ඉන්නේ. මෙම තත්ත්වය ගැන ඉතාමත් කනගාටුයි. මම හිතනවා ඔවුන් මේ ගැන තේරුම් ගනී කියලා සහ එය නිවැරදි කරයි කියලා. එසේ නො වුණ හොත් අපි නීතිමය පියවර ගන්නවා.''
 
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට වැඩි යමක් ලැබෙන දින තුනේ තරගමාලාව අතහැර මුදල් පසුපස හඹා යමින් එල් පී එල් තරගාවලිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි. අරවින්ද ද සිල්වා මූලිකත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුව අදාල තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්පයක් ඉදිරිපත් කර ඇති නමුත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුණු කූඩයට දමා ඇති බවත් ඔහු චෝදනා කළා.
 
 මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් පසුපසම හඹා යෑම හරහා සිදු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම බවයි හිටපු ක්‍රිකට් නායකයා පවසන්නේ. සෑමවිට ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පිවිසෙන පුද්ගලයින් පත්වන සෑ ම ක්‍රීඩා අමාත්‍යවරයකු ම තමන්ගේ පාලනයට නතු කර ගන්නා බවත් මේ වන විට සිදු ව ඇත්තේ ද එම කාරණය ම බවත් ඔහු කියා සිටියා. 
 
එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් එල් පී එල් තරගාවලිය සම්බන්ධයෙන් විධිමත් විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි නමුත් එය ද සිදු නො වන තත්ත්වයක් මතු ව ඇති බව පෙන්වා දෙන අර්ජුන රණතුංග පවසන්නේ, යම් හෙයකින් ස්වාධීන විගණනයක් සිදු කරන්නේ නම් ඒ හරහා බොහෝ මුල්‍ය වංචාවන් ඇතුළු කරුණු කාරණා රැසක් අනාවරණය කරගත හැකි බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top