Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
"බොරුවට ලෝකයට පේන්න උත්සව අරගෙන ඉතාම කෙටි කාලයකින් ඉවත් වෙන එකට නෙමෙයි විවාහය කියන්නේ, අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බැහැ.." - චූලක්ෂි රණතුංග

- "බොරුවට ලෝකයට පේන්න උත්සව අරගෙන ඉතාම කෙටි කාලයකින් ඉවත් වෙන එකට නෙමෙයි විවාහය කියන්නේ, අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බැහැ.." - චූලක්ෂි රණතුංගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
චූලක්ෂි රණතුංග කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ විලාසිතා නිසා කතාබහට ලක් වෙන චරිතයක්. නිරූපණ ශිල්පිනියක් හැටියට කටයුතු කරන චූලක්ෂිගේ ලස්සන විලාසිතාවලට බොහෝ දෙනෙක් කැමතියි. ඒ නිසාම ඇයටම වෙන් වූ රසික පිරිසක් ඉන්නවා. මේ චූලක්ෂි රණතුංග ගැනයි.

චුලක්ෂි මේ දවස්වල නැති ප්‍රශ්නවල පැටලෙනවාලු නේද?
අම්මෝ ඔව්. ඒක නම් ඇත්ත. ඔය කියන්නේ ළඟදීම තිරගත වෙන්න නියමිත "ගිනි මල් පොකුරු" චිත්‍රපටය ගැන. එය අධ්‍යක්ෂණය කරන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. චිත්‍රපටය තිරගත වෙන්නත් කලින්ම ප්‍රේක්ෂක අවධානය ඒ සඳහා ලැබෙමින් පවතිනවා. මේ උදයකාන්ත වර්ණසූරියගේ විසිපස්වෙනි සිනමා නිර්මාණය වීමත් තවත් එක විශේෂත්වයක්.
 
චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කිව්වොත්?
ගිනි මල් පොකුරු චිත්‍රපටයේ පියුමිගේ චරිතයට මම පණ පොවන්නේ. පියුමි කියන්නේ තමන්ගේ පාඩුවේ ජීවත් වන අහිංසක තරුණියක්. ඇගේ පෙම්වතා අතින් සිදු වන අත්වැරදීමක් හේතුවෙන් ජීවිතය උඩු යටිකුරු වන කතා මාලාවකට මුහුණපාන්න ඇයට සිදුවෙනවා. ඒ සිදුවීම් මාලාව වටා ගෙතුණු කුතුහලය, උද්වේගකර බව, ත්‍රාසය, භීතිය මේ හැමදේම පිරුණු චිත්‍රපටයක් එය.
 
ඔබට මේ චරිතය ලැබෙන්නේ කොහොමද?
මේ චරිතයට මට ආරාධනා කරන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය. මීට පෙර ඔහුගේ "ගින්දරී 3" චිත්‍රපටයේ මම උප ප්‍රධාන චරිතයක් රඟපෑවා. එහි ප්‍රධාන රංගන ශිල්පිනිය පබෝදා සන්දීපනී අක්කා. "ගින්දරී 3" චිත්‍රපටය අවසන් වන විට ඔහු මට තවත් චිත්‍රපටයකට ආරාධනා කළා. ඒ සමඟම කොරෝනා වසංගත තත්ත්වයට අපට මුහුණපාන්න වුණා. වසංගත තත්ත්වය මධ්‍යයේ ඔහු තීරණය කළා නිෂ්පාදකවරුන් කීපදෙනෙක් එකතු කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මේ චිත්‍රපටය රූගත කළෙත් කොරෝනා සමයේමයි.
 
 
අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය කොහොමද?
මේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ විසිපස්වෙනි චිත්‍රපටය. චිත්‍රපට විසිපහක් තුළින් ඔහු විවිධ වූ වස්තු විෂයන් කතාබහට ලක් කරලා තියෙනවා. කලා හා වාණිජ යන දෙපාර්ශ්වයම නියෝජනය කරමින් ආදායම් වාර්තා තියපු චිත්‍රපට කරපු අධ්‍යක්ෂවරයෙක් ඔහු. මේ චිත්‍රපටයේ පිටපතත් ඔහු විසින්ම රචනා කරලා තියෙන නිසා අපිට ඒ චරිත සහ අවස්ථා නිරූපණය කිරීමත් පහසුවක් වුණා. චිත්‍රපටයේ කාර්ය මණ්ඩලයෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. කොරෝනා සමයේ ජෛව බුබුල තුළ අපි රූගත කිරීම් කළේ. මාස තුනක් පමණ කාලයක් කොරෝනා වසංගතයේ නිසා රූගත කිරීම් නතර කරන්න සිද්ධ වෙනවා. වසංගත තත්ත්වය හමුවේ ආරක්ෂිතව "කොහොම හරි චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරමු" කියන හැඟීමෙන් මුළු කණ්ඩායම ම වැඩ කළා. මුළු කාර්ය මණ්ඩලයේම සහයෝගය නොඅඩුව ලැබුණු නිසා අපට චිත්‍රපටය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුණා.
 
"Thriller" කියන ශානරය ලංකාවේ සිනමාවට ටිකක් නුහුරුයි.
චිත්‍රපට කර්මාන්තයක් ලෙස සාර්ථක වෙන්න නම් විවිධ ශානරයන් නියෝජනය කරන චිත්‍රපට හැදෙන්න ඕන. ප්‍රේම කතාම, ඉතිහාස කතාම හැදෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. විවිධ ශානර සම්මිශ්‍රණය වුණාම ප්‍රේක්ෂකයාට තෝරාගැනීමක් සහිතව චිත්‍රපට නරඹන්න පුළුවන්. නෙට්ෆ්ලික්ස්වලින් චිත්‍රපට බලන ප්‍රේක්ෂකාගාරයක් දැන් අපට ඉන්නේ. තරුණ පරම්පරාව අපෙන් ප්‍රශ්න කරන්නේ වෙනස් චිත්‍රපට එන්නේ නැත්තේ ඇයි කියලා. ඔවුන්ට මුදල් ගෙවලා ටිකට් එකක් අරගෙන චිත්‍රපටයක් නරඹන්න ආසාව ඇති කරන්න ඕනේ. ඒ නිසා තව තවත් මේ වගේ වෙනස් ශානරයන් ඔස්සේ සාර්ථක නිර්මාණ කළොත් පමණයි අපට චිත්‍රපට කර්මාන්තය රැකගන්න පුළුවන් වෙන්නෙ.
 
සිනමාව ඇතුළේ හිට් කැරැක්ටර් එකක් වෙන එක ලේසි නැහැ නේද?
ඔව්. ඒක ඉතාම අමාරු වැඩක්. මම සිනමා රංගන ශිල්පිනියක් ලෙස නමක් හදාගන්න, දක්ෂතා පෙන්වන්න නිතරම උත්සාහ කරනවා. කවුරුහරි කියනවා නම් මම එහෙම හිට් එකක් කියලා එකට හේතුව කැපවීම. අපි කරන වැඩේට මහන්සි වෙලා වැඩ කළොත් හිට් එකක් කෙසේ වෙතත් වැඩේ හරියට කළා කියලා අහගන්න පුළුවන් වෙයි. මම මේ ගමන යන්නේ සිනමාව ගැන අධ්‍යයනය කරමින්. ඉගෙන ගනිමින්. ඒ වගේම මම හැමෝම එක්ක හොඳීන් කතාබහ කරලා සුහදව ඉන්න උත්සාහ කරනවා.
 
චුලක්ෂි රංගනය ගැන හදාරලා තියෙනවද?
මම ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ රංගන පාසලෙන් සහ කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ රංගන පාසලෙන් රංගනය ගැන හදාරලා තියෙනවා.
 
සිනමාවට විතරක් රාමුගත වෙන්නද බලාපොරොත්තු වෙන්නේ?
දැනට සිනමා රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් සිනමා කර්මාන්තය මූණදීලා තියෙන අවාසනාවන්ත තත්ත්වය නිසා මට ඒ තීරණය වෙනස් කරන්න වෙයිද කියලා අවිනිශ්චිතයි. මම නිතරම වෙනස් චරිත තෝරගෙන වෙනස් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් අතරට යන්නයි උත්සාහ කරන්නේ. ඒ වගේ හොඳ වෙනස් චරිතයක් ලැබුණොත් මම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් එයි. දැනට සිනමාවේ විතරයි රැඳෙන්නේ.
 
වත්මන් පරපුර නියෝජනය කරන රංගන ශිල්පිනියක් ලෙස තරුණ පරපුර සිනමාවට සමීප කරන්න කළ යුත්තේ මොකක්ද?
වර්තමානයේ ඉන්න යෞවන යෞවනියන්ගෙන් අපි සිනමා කර්මාන්තය ගැන ඇහුවොත් ඔවුන් නිතරම හොලිවුඩ්, බොලිවුඩ් සිනමාව සමඟ අපේ සිනමාව සංසන්දනය කරන්න උත්සාහ කරනවා. ඒ අය කියන්නේ අපේ සිනමාවේ විදේශීය සිනමාපටවල තියෙන යථාර්ථය නැහැ කියලා. බොලිවුඩ් චිත්‍රපටයක් ගත්තොත් එහි කතා තේමාව හරි ප්‍රබලයි. සටන් ජවනිකා, තාක්ෂණය මේ හැමදෙයක්ම සාර්ථකව පාවිච්චි කරලා තියෙනවා. රූපරාමු හරිම තාත්විකයි. දැන් ඉන්න සමාජයට බොරු කරන්න හරි අමාරුයි. ඒකෙන් මම අර්ථ දක්වන්නේ නැහැ හිටපු අයව රවට්ටන්න පුළුවන් කියලා. නමුත් දැන් අන්තර්ජාලය සමීප නිසා මිනිස්සු නිතරම විදේශීය චිත්‍රපටි බලලා ඒවා සමඟ අපේ නිර්මාණ සන්සන්දනය කරනවා. ඒ නිසා අපේ සිනමාවට හොඳ ප්‍රබල කතා තේමා සහිත පිටපත් අවශ්‍යයි. කැමරාකරණයේ සිට සංස්කරණය දක්වා උසස් තාක්ෂණයක් අවශ්‍යයි. ඒ වගේම තරුවක් තරුවක් විදිහටත් වීරයන් වීරයන් විදිහටත් පෙනෙන රංගන ශිල්පීන් චිත්‍රපට සඳහා තෝරාගන්න ඕනේ. අපේ සිනමාව මේ තත්ත්වයට වැටෙන්න ප්‍රධාන හේතුව පිටපත්වල අසාර්ථකකම කියලා මට හිතෙනවා. මේ අඩුලුහුඬුකම් නිසා තමයි අපේ සිනමාවට මේ තරම් විවේචන එන්නේ.
 
කාලෙන් කාලෙට හැදෙන කටකතා ගැනත් යමක් කියන්න ඇති.
කලා ක්ෂේත්‍රයට එන විටම නිරායාසයෙන් අපේ පෞද්ගලිකත්වය නැති වෙනවා. කටකතා කියන දේවල් සමහරු කැමැත්තෙන් හදාගන්නවා. සමහරු ඒවාට අකැමැතියි. අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බැහැ. හරි වැරැද්ද මොකක්ද කියල තෝරා බේරා ගැනීමේ බුද්ධියක් ප්‍රේක්ෂකයන්ට තියෙන්න ඕනේ. කටකතා හැදෙන එක සාමාන්‍යයි කියලා වටහාගෙන මම හරිම අවබෝධයෙන් ජීවත් වෙන්නේ.
 
තනියම හිටියා ඇති කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම ඇත්තටම හිතෙන්නේ නැහැ. මම තනිකමට කැමැතියි. අවශ්‍ය කාලයේදී දෙන්නෙක් වෙන්න හිතුණොත් දෙන්නෙක් වෙයි. දැනට පෙම්වතෙක් නැහැ. හමුවෙන කාලයේදී හමුවෙයි කියලා මම හිතනවා. එතෙක් මම මගේ ගමන යනවා.
 
විවාහය ගැන චූලක්ෂිට තියෙන්නෙ තියෙන්නේ කොයි වගේ අදහසක් ද?
විවාහය කියන්නේ නිසි අවබෝධයක් ඇතිව දෙදෙනෙක් එකතුවෙලා ජීවිතේ ඉදිරියට යන ගමනක්. බොරුවට ලෝකයට පේන්න උත්සව අරගෙන ඉතාම කෙටි කාලයකින් ඉවත් වෙන එකට නෙමෙයි විවාහය කියන්නේ. මුළු ජීවිත කාලෙම තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් අයට වගේම මටත් විවාහ වෙන්න, සහකාරයත් එක්ක සතුටින් ජීවත් ජීවත්වෙන්න දරුවෝ හදන්න හීන තියෙනවා. මම කොහොමත් ගොඩක් කල් සිනමාවේ රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. විවාහ වෙන කෙනා අකමැති වුණොත් මම සිනමාවෙන් ඉවත් වෙයි. දැනට එහෙම තීරණයක් නැහැ.
 
අලුතෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න අයට කියන්නේ මොකක්ද?
මේ විෂයට ආදරය කරනවා නම් විෂය ගැන හැදෑරීමක් ඇතිව කේෂ්ත්‍රයට එන්න ඕනේ. කැප කිරීම් කරලා මහන්සි වෙලා වැඩ කරන්න. ක්ෂේත්‍රයට පිවිසි ගමන්ම ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට ලැබෙන ඉතාම පුංචි චරිතය පවා සාර්ථකව කරන්න උත්සාහ කරන්න. එතකොට තමන්ට අවශ්‍ය ඉලක්කවලට යන්න පුළුවන්.
 
 
 
නිර්මාණි බණ්ඩාරනායක
සරසවිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top