විදෙස්ගත ව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන, රත්මලානේ අංජු ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වී තිබෙනවා.
ඊයේ (01) වන දින ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
විදෙස්ගත ව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිංහාරගේ අමල් චමින්ද සිල්වා නොහොත් රත්මලාන කුඩු අංජුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සමීපතමයෙකු වන එදිරිමුණි ඉන්දික සුරංග සොයිසා නොහොත් ලංසියාවත්තේ සුද්දා හා පල්ලගේ කිත්සිරි ප්‍රේමලාල් සිල්වා යන අයයි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ. මෙම සැකකරුවන්, මනුෂ්‍ය ඝාතන පහක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමි සිදු කිරීම හේතු කොටගෙන රක්ෂිත බන්ධානාගාරගත කර ඇපමත මුදා හැර සිටින රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34, 39 පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. අත් අඩංගුවට ගන්නාවිට සැකකරුවන් සතු ව හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 110ක් හා කේරළ ගංජා ග්‍රෑම් 46යි මිලි ග්‍රෑම් 400ක් තිබී සොයාගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් මෙහෙයවෙනු ඇති.