Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
01
"දැරියගේ කුස මත පිලිස්සුම් තුවාල කැළැල් තියෙනවා.." - බාලවියේ දැරියකට පොලිසියේදීම ගර්භනී පරීක්ෂණයක් කර පොසිටිව් බව කියයි

- "දැරියගේ කුස මත පිලිස්සුම් තුවාල කැළැල් තියෙනවා.." - බාලවියේ දැරියකට පොලිසියේදීම ගර්භනී පරීක්ෂණයක් කර පොසිටිව් බව කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

87 Views
බාලවයස්කාර දැරියකට පොලිසිය තුළදී ගර්භණී පරීක්ෂණයක් පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තා හා ළමා අපයෝජන නිවාරණ කාර්යාංශය මඟින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වාර්තා වන පරිදි මෙම සිදුවීම වී ඇත්තේ මාතර පොලිසියට අනුයුක්ත ළමා හා කාන්තා අපයෝජන ඒකකයේදීයි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මාතර බලා පිටත්ව ගොස් ඇතැයි කාන්තා හා ළමා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසා සිටිනවා. 
 
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇති අතර බාලවයස්කාර දැරිය එම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර ඇත්තේ මාතර කාන්තා හා ළමා ඒකකයේ නිලධාරිනියක් එම ගර්භණී පරීක්ෂණය පැවැත්වූ බවත් ඒ සඳහා තමාව වැසිකිළියකට කැඳවාගෙන ගොස් මුත්‍රා සාම්පලයක් පවා ලබාගත් බවයි. පසුව එම ඒකකයේ එක් නිලධාරිනියක් තමා පොසිටිව් බවත් පැවැසූ බව ඇය සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා. වයස අවුරුදු 15ක මෙම දැරිය මවගේ භාරයෙන් පැහැරගෙන යෑමට උත්සාහ කළ තරුණයකු සමඟ මාතර රෝහල ඉදිරිපිට ඇති වූ සිදුවීමක් සමථයට පත්කරලීම සඳහා මාතර කාන්තා හා ළමා අපයෝජන නිවාරණ කාර්යාංශයට ගොස් සිටි අවස්ථාවකදී එම අංශයේ එක්තරා නිලධාරියෙක් මවගේ දැඩි විරෝධය මත බාලවයස්කාර දැරිය පැහැරගෙන යෑමට උත්සාහ කළ තරුණයා සමඟම පිටත්කර යැවීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශ මත ඇගේ සොහොයුරාගෙන් හා බාප්පා කෙනකුගෙන්ද ප්‍රශ්න කරන බව කාන්තා හා ළමා නිවාරණ අපයෝජන කාර්යාංශය කියයි.
 
 සමාජ මාධ්‍යජාලා තුළ මෙම සිදුවීම මේ වනවිට සංසරණය වෙමින් පවතිනවා. සිද්ධිය පිළිබඳ බාලවයස්කාර දැරියගෙන් ප්‍රකාශ දෙකක් මේ වනවිට ලබාගෙන ඇතැයිද වාර්තා වෙනවා. මේ වනවිට පැමිණිලිකාරියගේ පාර්ශ්වයෙන් ද අඩුපාඩු රැසක් වාර්තා වී තිබෙන බවත් පොලිසිය සම්බන්ධයෙන් කිසියම් වැරැද්දක් වී ඇත්නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය පවසා සිටිනවා.
 
 මෙම දැරියගේ පෙම්වතා සමඟ පිටත්කර යැවූ බවට පොලිසියට චෝදනා එල්ල වුවද මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ දැරිය රෝහල තුළ සිටියදී පෙම්වතා විසින් ඇය රැගෙන ගොස් ඇති බවයි. බාලවයස්කාර මෙම දැරියගේ කුස මත පිලිස්සුම් තුවාල කැළැල් ඇති බවත් ඇගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරද්දී ඇය මාතර පොලිසියට එක් ප්‍රකාශයකුත් කාන්තා හා ළමා කාර්යාංශයට තවත් ප්‍රකාශයකුත් ලබාදෙන බවත් මේ නිසා විමර්ශන ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයිද එම කාර්යාංශය සඳහන් කරයි. කාන්තා හා ළමා අපයෝජන නිවාරණ විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර ගේ උපදෙස් මත එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මියගේ මෙහෙයවීම මත විමර්ශන අරඹා තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top