පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක සමත් වී ඇතැයි '' ද ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් '' පවසනවා.
2021 වසර සදහා ද ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා දස දෙනා අතරින් පළමුවැනි ස්ථානය දිනා ගැනීමට ෂෙමාරා වික්‍රමනායක සමත් වී ඇති අතර ඒ අනුව ඇය මීට පෙර 2019 වසරේදීත් , 2020 වසරේදීත් ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් '' කියා සිටී.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෂෙමාර වික්‍රමනායක මහත්මිය මේ වන විට රට මැකියුරී සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙස සේවය කරන්නීය.
ඇය පසුගිය ජූනි මාසයෙන් අවසන්වූ එරට මුදල් වර්ෂය තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක් වන බවද '' ද ඔස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් '' වාර්ෂික ලේඛනයේ වැඩිදුරටත් සදහන් වේ.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වසර හා සැසඳීමේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිළධාරීන් ලබන වැටුප සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම් හි වාර්ෂික වාර්තාවල සඳහන් මුළු වැටුප මත පදනම්ව එරට ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 10 දෙනා පෙළගස්වනු ලබන අතර එම ලැයිස්තුගත කිරීමේදී ඇයට ප්‍රථම ස්ථානය හිමි වීමද විශේෂත්වයකි.