Alexia Putellas කියන්නේ කාන්තා පාපන්දු ලෝකයේ කාගෙත් කතාබහට ලක් වූ සුරූපී ක්රීඩිකාවක්. 27 හැවිරිදි ඇය ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.
ඇය 2021 වර්ෂයේ බැලන් ඩි ඕර් ( Ballon d'Or ) වසරේ විශිෂ්ඨතම පාපන්දු සුරුපිණිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම පාපන්දු කියූ සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන Lionel Messi ත් මෙම සම්මානයට හිමිකම් කිව්වා. ඔහුට මෙම සම්මානය හිමි වෙන්නේ හය වෙනි වතාවටයි. "මම ආඩම්බර වෙනවා නැවත වතාවක් මෙම සම්මානය මට හිමි වීම ගැන, මෙම සම්මානය මට හිමි වෙන්නේ නැහැ මගේ කණ්ඩායම නැති නම්, ඒ නිසා මගේ කණ්ඩායමේ සියලුම ක්රීඩකයින්ට හා මගේ පවුලේ හැමෝටමත් යහළුවන්ටත් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.."යනුවෙන් ඔහුද සම්මානය අතට ගත් පසු පවසනවා.