Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
29
‘‘ඇයි මහ රෑ දෙගොඩ හරියේ බෙරිහන් දෙන්නේ” “අන්න බලන්න අර සාරිය මුදුන් යට ලීයේ එල්ලිලා’’ ආගන්තුකයන්ට මගපෙන්වන මියගිය පාසල් ගුරුවරිය...

- ‘‘ඇයි මහ රෑ දෙගොඩ හරියේ බෙරිහන් දෙන්නේ” “අන්න බලන්න අර සාරිය මුදුන් යට ලීයේ එල්ලිලා’’ ආගන්තුකයන්ට මගපෙන්වන මියගිය පාසල් ගුරුවරිය...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

92 Views
මරණය කාහටත් පොදු ධර්මතාවය වුවත් සමහර අය තමාගේ ජීවිතයෙන් සමුගත්තද වත්මන් ආත්මය අතහැර නොයන තත්ත්වයක් පවතී. 
 
විශේෂයෙන් මෙලොවදී තමා සතු කරගත් භෞතික වස්තූන්වලට ඇලුම් කළ අය ඒවා අත්හැරීම ප්‍රතික්ෂේප කරණ නිසා කලක් ගත වන තුරු නොපෙනෙන ආත්ම වශයෙන් මිනිසුන් ඉදිරියේ ජීවමාන ස්වරූපයෙන් ඔබ මොබ සැරිසරමින් භූතයින්, යක්ෂයින්. කුම්භාණ්ඩයින් ආදී වශයෙන් සජීවී ලෝකයා ඉදිරියේ පෙනී සිටි අවස්ථා බොහෝ ඇත. 
 
ඒවා මිනිස් ලෝකයේ ජීවත්ව සිටින අය දැක තම ජීවිතයේ නීරස අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථා බොහෝමයක් සමාජයේ කතිකාවතක් වශයෙන්ද නොනැසී පවතී.  

මීට කලකට ඉහතදී සිදු වූ මෙම ක්‍රියාව පෙර සඳහන් කළ කරුණුවලට නිදසුනක් සේ දැක්විය හැකිය. ජීවිත කාලයේදී අත්දකින්නට නොලැබුණු කටුක අතීතයක් පසු කරමින් තමන්ගේ බුද්ධියට සරිලන රැකියාවක් ලැබී රාජ්‍ය අනුග්‍රහයන් ලබාගෙන ඉහල තනතුරුවලට පත් වූ මෙම තැනැත්තා දැහැමින් සෙමින් ජීවිතය ගෙන යන අයෙක් විය. හැත්තෑව දසකයේ මුල් භාගයේදී සාමාන්‍ය ලිපිකරු තනතුරකින් ආරම්භය ගත් ඔහු පසු කාලීන කඩඉම් විභාග සමත් වෙමින් විධායක තත්ත්වයට පත්වූවා යැයි පැවසුවහොත් නිවැරදිය. ඉන් පසු රජයේ නොයෙකුත් ඉහළ ස්ථානවල සහ ආයතනයන්හි අංශවලට මාරු වී තැන තැන රාජකාරි කිරීමට අකමැත්තෙන් හෝ ඔහුට සිදු විය. 
 
මෙසේ කලක් ගතවීමෙන් පසු තමා සේවය කරන් ආයතනයේම සුන්දර යුවතියක් සමඟ අතිනත ගෙන උසස්වීමක්ද ලබා ඉතා දුෂ්කර ප්‍රදේශයකට තම තරුණ බිරිඳත් සමඟ ස්ථාන මාරු වී ගියහ.  
 
නව සේවා ස්ථානයට යාමට සතියකට පමණ පෙර එම පළාතේ හිතවතකු මාර්ගයෙන් දෙදෙනාට පදිංචියට තාවකාලික නවාතැනක් සොයාගත්හ. ආගන්තුක සත්කාර ඉතා ඉහලින්ම ඉෂ්ඨ කරන එම පළාතේ හිතවතා නවාතැන්පල සුද්ධ පවිත්‍ර කර ඔවුන්ට සුවසේ විසීමට අවශ්‍ය වටපිටාව සකස්කර දුන්නේය. ඔහුගේ නව සේවාස්ථානයට සැතපුමකට පමණ එපිටින් පිහිටා තිබූ මෙම නිවස ඉතාම පැරණි තාලයේ එකක් විය. අගනුවර සිට ඉතා වෙහෙසකර ගමනකින් පසු රාත්‍රි නවයේ කණිසම පසුවනවාත් සමඟ ඔවුන් දෙදෙනා නවාතැන් පළට සේන්දු විය. නිවසේ හිමිකාරිය ඔහුන් පිළිගෙන ඔවුන්ට පිළියෙල කර තිබූ කාමරය වෙත කැඳවාගෙන ගියාය. වැඩි කතාබහක් නොකළ ඇය ශෝක බරිත මුහුණේ මද සිනාවක්වත් නොමැති රාත්‍රියට පළඳින ඇඳුමකින් සැරසී සිට ඇත. අමුත්තන්ට කාමරය පෙන් වූ ඇය එම නිවසේ වෙනත් කාමරයකට ගොස් දොර වසා ගත්තාය.  
 

වටපිටාවේ මූසල නිහැඬියාව බිඳ දමමින් මද සීතල සුලඟක් හමා යන්නට විය. නිසල රාත්‍රිය හා අමුතිත්ත කළුවර ස්වභාවයක් ගෙන තිබුණි. පරිසරය ගැන නොදන්නා සීතල සුළඟ අතරින් කොහේදෝ යන බස්සෙකුගේ හඬ නිසා ඔවුන් දෙදෙනා තරමක තිගැස්සීමකට ලක්වූයේ ද වෙහෙස කර දීර්ඝ ගමනක් නිසා ජීවිතයේ පළමු වතාවට ලැබූ අත්දැකීම නිසාවෙනි. ලහි ලහියේ මූලික පිරිසිදුවීම් වලින් පසු නිවසෙන් රැගෙන ආ රාත්‍රි ආහාරය සප්පායම් වී ඉතා දැඩි වෙහෙසකර ගමනක් නිසා පසු ද‌ා නව සේවා ස්ථානයේ වැඩභාර ගැනීමට අවශ්‍ය හෙයින් කලට වෙලාවට අවදි වීමේ අදහසින් ඔවුන් දෙදෙනාම නින්දට ගියහ.


මධ්‍යම රාත්‍රි පසුවනවාත් සමඟම මරුවිකල්ලෙන් මෙන් බිරිඳ මරලතෝනි දුන්නාය. තද නින්දේ පසු වූ ස්වාමියා ද තිගැස්සී අවදි විය. ඇති වූ බිය පහව යන්නටත් පෙර බිරිඳ අවසිහියෙන් මෙන් සැමියාගෙන් පුදුමසහගත ප්‍රශ්නයක් ඇසුවාය. උදේ අගනුවර සිට ඇඟලාගෙන ආ සාරිය කාමරයේ ඇඳුම් රඳවනයේ දැම්මාද යන්නයි ‘‘ඔව් දැම්මා’’ ඉන් පසු ඇය කීවේ එම සාරිය දවටාගෙන වහළයේ යට ලීයේ තරුණ කාන්තාවක් එල්ලී සිටිනු දුටු බවකි ‘‘ඔයාට විකාර’‘ මහ රෑ දෙගොඩ හරියේ හීනයක් දකින්න ඇති ‘‘අනෙක ඉතින් ගමන් වෙහෙසනේ’’ සාරිය තියෙන්නේ අනේ නිදාගන්න’’

අධික වෙහෙස නිසාත් නුපුරුදු ස්ථානයක් නිසාත්, කිසියම් විකාර හීනයක් දකින්ට ඇතැයි පවසමින් ඔහු තම බිරිඳව අස්වැසූ අතර දෙදෙනාම නින්දට වැටුණි.  

පසු ද‌ා නව සේවා ස්ථානයට ගොස් වැඩ භාරගෙන පළමු දිනය නිසා ටිකක් රෑ බෝවී තම නවතැනට පැමිණ දෙදෙනා මූලික වැඩ අවසන් කර නින්දට වන්හ. එදිනද ඔහු අවදි වූයේ බිරිඳගේ මර ලතෝනිය නිසයි ‘‘ඇයි මහ රෑ දෙගොඩ හරියේ බෙරිහන් දෙන්නේ” “අන්න බලන්න අර සාරිය මුදුන් යට ලීයේ එල්ලිලා’’ ඔහුන්ගේ නිදන ඇඳට ඉහලින් තම බිරිඳගේ සාරිය එල්ලී එහාට මෙහාට පැද්දෙනු දුටු ඔහු ද තිගැස්සී ඇත. දැන්නම් එය හීණයක් කියා බැහැර කළ නොහැකිය. 

බිරිඳට යම් බොරුවක් පවසා ඇය අස්වැසීමටද නොහැකිය. ඔහු වහ වහා නැගිට විදුලි බුබුල දැල්ලුවේය. ඒ අවස්ථාව වන විටත් එල්ලෙන සාරිය අතුරුදන් වී තිබුණි. නැවත වරක් තමන්ගේ ඇඳුම් රඳවනය දෙස සෝදිසියෙන් බැලූ විට බිරිඳ ඇඟලාගෙන ආ සාරි රෙද්ද ඒ අයුරින්ම තිබුණි. ඉන්පසු මුලු රැයම නොනිද‌ා පහන් කළ ඔවුන් දහවල් කාලයේ තරමක විවේකයක් ගැනීමට නිවාඩුවක් ගෙන නිවසට පැමිණීමට සිතා සිටියත් දහවල් කාලයේ දී නිවසේ රැඳී සිටීමට අකමැත්ත දක්වන ලදී. එම නිසා එදින දෙදෙනාම තමන්ගේ කාර්යාලය වෙත ගොස් දවසේ රාජකාරි නිමාවෙන් පසු නිවස සොයාදීමට මූලිකත්වය ගත් තම මිතුරා හමු වී සියලු තතු ඔහුට පවසා සිද්ධ වුණු ඇබැද්දිය සැල කර සිටියහ.


‘‘මම ඇත්තටම රාලහාමි මහත්තයට කීවේ ගේ ඇතුලේ කාමර දෙන්න එපා කියලා. මම එයාට දිගින් දිගටම කීවේ සාලයට අල්ලපු පිට කාමරය ලෑස්ති කරලා දෙන්න කියලා’’ ‘‘ ඔය දෙපලට ඒක හොඳයි’’ කියලාත් මම කීවා. මහත්තයලා අඩුම ගානේ ස්තෝප්පු කාමරයවත් ඉල්ලා ගන්න එපායැයි මිතුරා එවර කීවේ අප සියලුම දෙනා වික්සිප්තභාවයට පත් කරවන වචන කීපයකි. ‘‘අපි ඉතින් නිවස ඇතුළු කාමරයක් ගන්නේ වැඩි ආරක්ෂාවට. නමුත් වුණේ තවත් නොසිතූ දෙයක්’’ ඉතින් අපි නිවසේ ඇතුලු කාමරයක් ගත්තු එක වරදක්ද? ‘‘නැහැ වරදක් නැහැ’’ එන්නකො යැයි කියා යුවල පසෙකට කැඳවා මහත්තයෝ. නෝන මහත්තයෝ, ඔයාලට දීපු කාමරයේ තමයි සුදු ඉස්කෝල හාමිනේ එල්ලීලා මැරුණේ. අදට මාස නවයක් වෙනවා තවම අවුරුද්දක්වත් නැහැනේ.

ඇත්ත වශයෙන්ම මෙය පුදුමසහගත කතාවකි. අරුමය දනවන එකකි. දිවිනසාගත් සුදු ඉස්කෝල හාමිනේ නිවස අයිතිකාර මහත්තයාගේ බිරිඳයි. යුවලගේ පෞද්ගලික මත ගැටුමක් දුරදිග යාමෙන් තමන්ගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවක සාරියකින් සැරසී සාරියකින්ම ගෙල වැලලාගෙන මිය ගොස් ඇත. 

‘‘ඉතින් ඒ හන්ද‌ා තමයි මහත්තයාලට ඒ කාමරය දෙන්න එපා කීවේ’’ එයින් පසු ඔවුන්ට සත්‍ය විස්තරය වැටහුණි. ඔවුන් නිවසට ආ මොහොතේ සිට මඟපෙන්වීම කර ඇත්තේ මියගිය කාන්තාව බවත් එද‌ා සිට මේ මොහොත වනතුරු එම කාන්තාව නොදුටු බවත් පැවසූහ. නිවසේ හිමිකරු දින කීපයකට දුර ගමනක් ගොස් ඇති බව මිතුරා පැවසුවෙන් ඔවුන්ගේ බිය තව තවත් දෙගුණ තෙගුණ විය.

නිවසේ පදිංචියට පැමිණීමට පෙර තම මිතුරාට නොදන්වා පැමිණීම. නිවසේ හිමිකරු නොමැති අවස්ථාවක පැමිණි හෙයින් තමන් ලොකු කරදරයක පැටලී ඇති බව වටහා ගත්තේය. ඔවුන්ගේ බය වැඩි වූයේ මිය ගිය කාන්තාව ඔවුන්ට මග පෙන්වීමට පෙරමුණ ගත් නිසයි.  

එහි මොහොතක්වත් නොසිට ඔවුන් දෙදෙනා එදිනම රාත්‍රි දුම්රියෙන් කොළඹ බලා පිටත් වූහ. එද‌ා සිට විශ්‍රාම යන තුරුම එම පැත්ත බලාගෙන ආහාරවත් නොගත්ත බව පැවසේ.  


මෙවැනි සිදුවීම් අප සමාජයේ නිතරම අසන්නට ලැබේ. නමුත් මෙම කතාවේ මිය ගිය තැනැත්තිය කෙසේ නම් ඔවුන් දෙදෙනා අතරට පැමිණියේද? යන්න සැකය උපදවන කරුණකි. ඇය මිය ගොස් වසරකට කිට්ටු කාලයක් ගෙවී ගොස්ය. තම ස්වාමියාට නොපෙනී ආගන්තුකයින්ට පමණක් ඔවුන්ගේ නෙත ගැටීමට සැලැස්වූයේ කෙසේද? මෙම සිද්ධිය නොපෙනෙන ලෝකයේ යම් බලවේගයක දොරගුලු විවරවීමක්ද? මෙහි ගුප්ත ස්වභාවය අතිශය භයානක එකක් බව නම් සැබෑය. මිනිස් සමාජය තුළ සිටින අතිශය දුර්වල සිත් ඇති අය අතර නොපෙනෙන බලවේග සැරිසරන බව සනාත වන්නේ මෙවැනි ගුප්ත කරණා නිසා වන්නට ඇති.          


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top