වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග තීරණය කර තිබෙනවා.
ඔහු විසින් පක්ෂ නායකත්වය වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බවට හැගී යන බවයි.
පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ දැවැන්ත පරාජයක් බව ස්වයං විවේච්චනාත්මකව පිළිගත යුතු බවයි අර්ජුණ රණතුංග මහතා අවධාරණය කරන්නේ.
වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් ඇතිවන බවක් පක්ෂය තුළ පෙනෙන්නට නොමැති බැවින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බව ඔහු යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.