Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
28
“....මම ගියා බලන්න... තාත්තේ **** කිව්වා.. වෙන මුකුත් කිව්වේ නෑ අප්පා මගෙ දුව !” - ගෑස් සිලින්ඩරය පිපිරුවාද ? සියදිවි හානි කරගත්තා ද? රටම කතාවෙන වැලිකන්දේ 19 හැවිරිදි අයේෂාගේ මරණය ඇත්තටම වුණේ කොහොම ද ? පියා හැඬූ කඳුළින් මාධ්‍යයට කියූ කතාව - සියලු විස්තර මෙන්න

- “....මම ගියා බලන්න... තාත්තේ **** කිව්වා.. වෙන මුකුත් කිව්වේ නෑ අප්පා මගෙ දුව !” - ගෑස් සිලින්ඩරය පිපිරුවාද ? සියදිවි හානි කරගත්තා ද? රටම කතාවෙන වැලිකන්දේ 19 හැවිරිදි අයේෂාගේ මරණය ඇත්තටම වුණේ කොහොම ද ? පියා හැඬූ කඳුළින් මාධ්‍යයට කියූ කතාව - සියලු විස්තර මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views
“පොළොන්නරුව ඉස්පිරිතාලෙට තමයි මම ගියේ ලෙඩා බලන්න.
ඊට පස්සෙ...........”
 
''මෑතක දී ගන්නා ලද ගෑස් සිලින්ඩරයක් පුපුරා තම දියණියගේ අවාසනාවන්ත මරණය සිදු වූවා'' යැයි පසුගිය දා වැලිකන්ද ප්‍රදේශයේ සිරුරට ගිනි ඇවිලී මිය ගිය තරුණියගේ පියා ප්‍රකාශ කළ බව අප වාර්තාකරු පවසයි.
 
ඔහු සඳහන් කළේ, දිඹුලාගල පැළෑටියාව අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය නම් මියගිය තරුණියගේ පියා මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළ බව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.
 
මිය ගිය තරුණියගේ පියා:
 
"ගෑස් ලිප පත්තු කරලා තියෙනවා. පත්තු වෙලා නෑ. ඊට පස්සේ ගිනිපෙට්ටිය හොයාගෙන ගිනිකූරක් ගහලා. ඊට පස්සේ ගිනි අරගෙන තියෙන්නේ. එච්චරයි මම දන්නේ. වැලිකන්දට තමා එක්කගෙන ඇවිත් තිබ්බේ. ඊට පස්සේ පොළොන්නරුවට එව්වා. පොළොන්නරුව ඉස්පිරිතාලෙට තමයි මම ගියේ ලෙඩා බලන්න. ඊට පස්සේ තාත්තේ ගෑස් ලිපට පිච්චුණා කිව්වා මට. වෙන මුකුත් කිව්වේ නෑ අප්පා මගෙ දුව. මූණට ඇවිලිලා තිබුණා."
 
නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීමට යාමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින් එය දැල්වීමට උත්සාහ දැරීමත් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි අප වාර්තාකරු පැවසීය.
 
අප වාර්තාකරු කළ විමසීමකදී වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, මේ සම්බන්ධ විමර්ශන අවසන් කර ඊයේ (නොවැ. 26) දින අදාළ තරුණියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා පවුලේ ඥාතීන්ට දේහය භාරදුන් බව ය.
 
මේ සම්බන්ධයෙන් mawbima කළ විමසීමකදී වැලිකන්ද පොලිසිය සඳහන් කළේ, අදාළ තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගෑස් කාන්දුවකින් සිදුවූ පිපිරීමකින් බව අනාවරණය වූ බව ය.
 
කෙසේ නමුත් ඊයේ රාත්‍රියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ පිපිරීමකින් නොවන බව ය.
 
සිරුරට ගිනි තබා ගැනීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව එම කාර්යාලය අදාළ නිවේදනයේ සඳහන් කර ති‍බිණි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේදී ගෑස් ලිප හෝ ගෑස් සිලින්ඩරය පුපුරා යාමක් සම්බන්ධයෙන් වාර්තා කර නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබිණි.
 
පසුගිය 13 වන දා මෙම අනතුර සිදු වී ඇති අතර අදාළ තරුණිය ඉන් පිළිස්සුම් තුවාල ලැබීම හේතුවෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.
 
අප වාර්තාකරු සහන් ක‍ළේ, අනතුර සිදුවන අවස්ථාවේ එම නිවසේ වෙනත් කිසිවෙකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන් මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ බව ය.
 
ඉන් පසුව පොළොන්නරුව රෝහලට ත් පසුව ජාතික රෝහලට ත් ඇතුළත් කර දින 12ක් ප්‍රතිකාර ලබමින් සිට ඇති ඇය පසුගිය 24 වන දා ජීවිතක්ෂයට පත්ව තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
 
කෙසේ වෙතත්, mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී වැලිකන්ද පොලිසිය සඳහන් කළේ, නොවැ. 25 වන දා අදාළ තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබුණු බව ය.
 
අප වාර්තාකරු සඳහන් ක‍ළේ, මිය ගිය තරුණියගේ අවසන් කටයුතු ඊයේ (නොවැ. 26) දින පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කළ බව ය.
 
අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද, සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනී නම් 19 හැවිරිදි විවාහක තරුණියකි.
 
නිමල් ජයරත්න - මනම්පිටිය
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top