Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
28
''මගේ සීමාවන් නිසා හොඳ චිත්‍රපට මඟහැරුණා'' - හිමාලි සිරිවර්ධන

- ''මගේ සීමාවන් නිසා හොඳ චිත්‍රපට මඟහැරුණා'' - හිමාලි සිරිවර්ධනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,532 Views
කොහොමද ජීවිතය?
 
දැනට මාස 06කට පමණ පෙර සිටම Hiru Super Dancer Programme එකත් සමඟ එක දිගට මහන්සි වුණා. ඒ අතර මගේ තව teledrama 2කත් රූගත කීරීම් කළ නිසා කාර්යයබහුල වෙලා සිටියා. දැන් නම් පුතාගෙ වැඩකටයුතුත් කරගෙන නිදහසේ නිවෙසට වෙලා ඉන්නවා.
 

රියැලිටි තරග තුළ තරු ගුණය ප්‍රගුණ කිරීම මඟින් සංස්කෘතියට, සභ්‍ය්‍යත්වයට මෙන්ම දරුවන්ගේ හැදියාවට හානි වෙනවා යැයි කතාවක් පවතිනවා නේද?

ඇත්තටම එහි වගකීම තරග පවත්වන නාළිකාවන්ට, දරුවන්ට, ඔවුනගේ ගුරුවරුන්ට මෙන්ම දරුවන්ගෙ මවුපියන්ටත් හිමි වෙනවා. නර්තන නිර්මාණයක් කරන විටදී වයසට සුදුසු පරිදි නිර්මාණය බිහි කිරීමට සියලුමදෙනා වග බලාගත යුතුයි. පුංචි දරුවන්ගෙන් එවැනි සංස්කෘතිය රැකගැනීම, සදාචාරය ආරක්ෂා කරගැනීම වැනි දේ බලාපොරොත්තු වන අපේම වැඩිහිටියන්ගෙන් ඒ දේවල් ආරක්ෂා වෙනවාද කියන ගැටලුවත් මට තිබෙනවා. දරුවන්ටම ඇඟිල්ල දිගු නොකර ඔබ ඔය කියන රාමුව තුළ හිඳිමින් දරුවන්ගෙ ආත්ම ගෞරවයත් රැකෙන ආකාරයට ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ඔපමට්ටම් කිරීමයි අප කළ යුත්තේ. බහුතරයක් දරුවො එහෙම තමයි මේ ගමන යන්නේ.

වෘත්තීමය රංගනය තුළ රංගන ශිල්පීන්ට තෝරා බේරා සිදු කළ හැකිද?

මෙහෙමයි. වෘත්තීමය නර්තන ශිල්පිනියක් විධියට තමයි මා ක්‍ෂේත්‍රයට ආවේ. මගෙ නර්තන කණ්ඩායම පවත්වාගෙන යන අතරෙ මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙන් මා රංගනයට සම්බන්ධ වුණේ නැහැ. 

එදා සිටම තෝරා බේරා ගැනීමක් සමඟ හොඳ ප්‍රමිතියක් සහිත සීමිත නිර්මාණ ප්‍රමාණයකට පමණක් සහභාගි වුණේ ඒ නිසයි. නමුත් කොරෝනා ගැටලුව පැමිණීමත් සමඟ නර්තන කණ්ඩායමේ කටයුතු නතර කරන්නට සිදුවුණා. දැන් මා වෘත්තීය මට්ටමින් මේ ක්‍ෂේත්‍ර දෙකෙහිම නියැළෙන්නේ නැහැ. 

ඒ කියන්නේ දීර්ඝ නාට්‍යය කලාව තුළ ඔබ ඔය කියන ගුණාත්මක නිර්මාණ බිහිවන්නේම නැද්ද?

මෙහෙමයි. ක්‍ෂේත්‍රය තුළ පරිණත වීම මත ලද අත්දැකීම් සහ දැන් මා මවක් නිසාවෙන් මට යමක් කළ හැකි, දක්ෂතා හොඳින් පෙන්විය හැකි සුදුසු හොඳ නිර්මාණවලට පමණක් ඉදිරියේදීත් දායක වෙනවා. නමුත් අද එවැනි නිර්මාණ බිහිවීමේ අඩුවකුත් ඇති නිසා ආරාධනා ලැබෙන්නේත් අඩුවෙන්. එනිසා හොඳ වැඩක් නම් දීර්ඝ ගණයට අයත් වුවත් මා එය භාර ගන්නවා. දැන් මේ ක්‍ෂේත්‍රය යන විධියත් සමඟ යම් යම් තැන්වලදී කලකිරීම් ඇති වුවත් ක්‍ෂේත්‍රය තුළ ඉදිරියටත් හොඳ වැඩවලට දායක වෙන්න ලොකු ආසාවකින් ඉන්නවා.

ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයට සාපේක්ෂව සිනමාව තුළ ඔබට සාර්ථක ගමනක් යෑමට හැකි වුණාද?

ඇත්තටම මගේ නර්තන හැකියාවෙන් හොඳ සිනමාපටවලට සම්බන්ධ වෙන්න දැඩි ආසාවක් තිබුණා. ගොඩක් දුරට මා සම්බන්ධ වුණේ කමර්ෂල් චිත්‍රපටවලටනේ. ඒ තුළ මගේ නර්තන දක්ෂතාව උපරිමයෙන්ම පෙන්වීමට නොහැකි වුණා කියන කනගාටුව මට තිබෙනවා. සම්භාව්‍ය ගණයෙ හොඳ චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් මා තුළ තිබූ යම් යම් සීමාවන් නිසාවෙන් එම අවස්ථාවන් මඟහැරුණා.

වාරණයන්වලට යටත්ව නිර්මාණවලට දායක වීම මත රංගනයේ උපරිමය දක්වා ගමන් කළ හැකිද?

හොඳ පිටපතක් සමඟ ඔය  තත්ත්වය වෙනස් විය හැකියි.  පිටපතට අදාළව ඒ ඒ දර්ශනයන් අත්‍යවශ්‍ය විය හැකියි. නමුත් ඒ හේතුව මතම හොඳ චරිතයක් කිරීමට මට ලැබුණු අවස්්ථාවන් අත්හැරීමට සිදුවුණු තැන් තිබෙනවා. මා සෑම විටම මගෙ සීමාවේ හිඳගෙනයි නිර්මාණ තෝර ගත්තේ.  උදාහරණයක් ලෙස නිරුවත් දර්ශනයක පෙනී සිටීමෙන් පසුව මගේ පවුලට, අන් අයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් මට නැහැ. ඇත්තටම එවැනිදේට මම කැමැතිත් නැහැ. ඉතින් හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ එවැනි හොඳ චරිත කිහිපයක්ම මට මඟහැරුණා. නමුත් කවදාවත් මා ඒ ගැන පසුතැවෙන්නෙ නැහැ. මොකද මේ ක්‍ෂේත්‍රය තුළ මගෙ ආත්ම ගෞරවය, හොඳ නම තියාගෙන හැමදාම වැඩ කරගනෙ යනවා. ඒ ගැන ඇත්තටම ආඩම්බරයි.

ලිංගික දර්ශනවලට හෝ නිරුවත් දර්ශනවලට පෙනී සිටීමෙන් පෞද්ගලික ජීවිතයට හානියක් වෙනවා කියන අදහසේද ඔබ ඉන්නෙ?

මෙහෙමයි. එය ඒ ඒ අයගෙ කැමැත්ත සහ පෞරුෂත්වය මත සිදුවන දෙයක්. එයට කාටවත් දොස් කියන්න බැහැ. එවැනි රංගන ශිල්පිනියනුත් මේ ක්‍ෂේත්‍රය තුළ සිටිය යුතුයි. ගණිකාවකගෙ චරිතයක් නිරූපණය කරන විට ලිංගික දර්ශනයන් ඇතුළත් නම්, අදාළ රංගන ශිල්පිනිය ඒ දේවලුත් රඟ දැක්විය යුතුයිනෙ. මොකද රංගන ශිල්පිනියකගේ රංගනය පුළුල් පරාසයක් දක්වා විහිදෙන දෙයක්. මා කියන්නේ අදාළ කෙනාගේ කැමැත්ත - අකැමැත්ත මත එය සිදුවේවි. නමුත් සුළුතරයකගේ තෘප්තිය හෝ ලාභ ප්‍රයෝජන තකා අදාළ නිර්මාණයෙන් ඔබ්බට එහි ඇතුළත් යම් යම් කොටස් පමණක් මාර්කට් කරන්න ගියොත් තමයි ගැටලුව ඇති වෙන්නේ.

දිනුෂා මනෝරි

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top