Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
27
අවධානයෙන් ඉන්න! රියදුරන් සුද්ද කරන අලුත්ම විදිය...

- අවධානයෙන් ඉන්න! රියදුරන් සුද්ද කරන අලුත්ම විදිය...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77 Views
රියැදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වන්නන් හා තුවාල ලබන්නන් එමටය. 
 
එම අනතුරු බොහොමයක් පොලිස් පොත්වල ලියැවුණු  අතර ඇතැම් රිය අනතුරු පොලිසියට වාර්තා වන්නේවත් නැත. 
 
ඊට හේතුව අනතුරට පත් පුද්ගලයා හා අනතුර සිදුකළ රියැදුරු යන දෙපාර්ශ්වය අතර ඇති වන එකඟතාවෙන් පොලිසියට නොගොස් සිද්ධිය සමථයකට පත් කරගන්නා නිසාය.

පොලිසියට ගොස් රස්තියාදු වනවාට වඩා ගොඩින් ප්‍රශ්නය බේරාගන්නා ඇතැම් රියැදුරන් තම රථයේ වැදී අනතුරට පත් පාර්ශ්වයට මුදලක් දී පොලිස් පොත්වල නොලියැවී පිටව යෑමද බොහෝ විට දක්නට ලැබෙන්නකි.
 
වාහන තදබදයත් මිනිසුන්ගේ ඇති කාර්යබහුලත්වයත් නිසා රියැදුරන් බොහොමයක්ම අනතුරක් සිදුවූ සැණින් ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට උත්සුක වුවද මීට මාස කිහිපයකට පෙර සිට කොළඹ ඇතුළු තදාසන්න පොලිසිවලට රිය අනතුරු සම්බන්ධ අමුතුම තාලේ කතාවක් දැනගන්නට ලැබිණි. ඒ පසුපස හඹා ගිය නිලධාරීන්ට අනාවරණය කර ගත හැකි වූයේ එක්තරා සංවිධානාත්මක කල්ලි මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බලෙන් පැන අනතුරින් තුවාල ලැබූවන් සේ හැසිරෙමින් රියැදුරන් බිය ගන්වා මුදල් කඩාගන්නා බවය. පොලිසිය කියන හැටියට මීට සම්බන්ධ කල්ලි අල්ලා ගැනීමට නොහැකිව ඇත්තේ අදාළ රිය අනතුරු පොලිසිවල වාර්තා නොවීම නිසාය.
 
දෙමටගොඩ, බොරැල්ල, මාලිගාවත්ත, පංචිකාවත්ත, වනාතමුල්ල අවට ක්‍රියාත්මක මෙබඳු කල්ලි මේ වනවිට ගල්කිස්ස මොරටුමුල්ල, අඟුලාන, ලුනාව ආදී ප්‍රදේශවලටත් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය හෙළිදරව් කරගෙන ඇත. එමෙන්ම මුලදී මෙබඳු දේ කර ඇත්තේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ය. දැන් ඇතැම් කාන්තාවන්ද ඊට එක්වී ඇතැයි වාර්තා වේ. 
මෙහි මෑතකම සිද්ධිය ඉකුත් දිනක බොරැල්ල පොලිස් වසමෙන් වාර්තා විය. එය පැමිණිල්ලක් ලෙස පොලිස් පොතෙහි ලියැවුණු නිසාදෝ ඊට සම්බන්ධ සැකකරුවන් කොටුකර ගැනීමටද පොලිසියට නොහැකි විය.
 
මේ එවන් එක් සිද්ධියක් පමණි.
 
ඉකුත් දිනෙක කොළඹ පෞද්ගලික රෙදිපිළි ආයතනයක හිමිකරුවකු සිය අනියම් පෙම්වතියද සමඟ රාජගිරිය කළපළුවාව ප්‍රදේශයට යමින් සිටියේ දෙසතියකට පෙර  ඔහු මිලදීගත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති සිය මෝටර් රථයෙනි.
 
බොරැල්ල ඩී.ඇස්. සේනානායක හන්දිය අසල මාර්ග සංඥා අසල දැඩි වාහන තදබදයක් තිබූ හෙයින් මාර්ගයේ වාහන ගමන් කළේ ඉතා සෙමිනි. ඉදිරිපස අසුනේ හිඳ සිටි ඇය සමඟ කතාබහේ යෙදෙමින් රිය පැදවූ ඔහු මාර්ග සංඥා පද්ධතියේ රතු බල්බය නිවී යද්දීම වාහනය ඉදිරියට ධාවනය කරන්නට සූදානම් වූවා පමණි. එකවරම වාහනය ඉදිරිපසින් පැමිණි පුද්ගලයකු රිය ඉදිරිපිට වැටෙන අයුරු ඔහුට හොඳින් දිස්විය. ඔහු වාහනය නතර කර රියෙන් බැස්සේය. බිම වැටුණු පුද්ගලයා මහ හ¾ඩින්  කෙඳිරි ගාමින් සිටියේය. ඔහු අත තිබූ කිසියම් පාර්සලයක් එතැනම විසිරී ගොස් තිබූ අතර එහි තිබූ වියළි සලාක හා සහල් තැන තැන වැටී තිබිණි. 
 
“අනේ මහත්තයා මට අමාරුයි” තුවාලකරු හීන් හඩින් කීය. ඒ සමඟම ඇති වුණේ දැඩි වාහන තදබදයකි. පසුපස වූ වාහනවල රියැදුරෝ නළාව හඬවමින් ඉදිරිපස වාහනය ඉදිරියට ගන්නා ලෙස කෑ ගසන්නට වූහ.
 
“ඇයි මොකක්ද වුණේ?”
 
රෙදිපිළි ආයතනයේ හිමිකරු  බිම වැටී සිටි පුද්ගලයාගෙන් විමසීය. රිය තුළ සිටි අනියම් පෙම්වතිය මින් බියට පත්ව වාහනය තුළම රැඳී සිටියාය. රෙදිපිළි හිමිකරු මුහුණ දුන්නේ බරපතළ ගැටලුවකටය. ඒ සමඟම දෙතුන් දෙනෙක් එතැනට කිට්ටු වූහ.
 
“මහත්තයා අයියෝ මේ මොකක්ද කළේ? අහිංසක මිනිහා! මේ මනුස්සයට අමාරුයි! මහත්තයා මෙයාව ඉස්පිරිතාලෙටවත් ගෙනියමු!” පැමිණි දෙතුන් දෙනා රෙදිපිළි ව්‍යාපාරිකයාට  එසේ කියමින් බිම වැටී සිටී පුද්ගලයා ඔසවා පදික වේදිකාවට රැගෙන ගියහ.
 
“මහත්තයා පාර බ්ලොක්නේ වාහනේ අයින් කරගන්න!”
 
ඔවුනට අවනත වූ රෙදිපිළි ආයතන හිමිකරු වාහනය මාර්ගයේ පැත්තකට කර නතර කළේය. ඒ අතර ඔහු සිය පෙම්වතිය සනසන්නටද උත්සාහ කළේය. 
 
“සල්ලි කීයක් හරි දීලා අපි ඉක්මනට යමු. මෙතැන හිටියොත් විනාසයි!”ඇය ඔහුට කීවාය. ඔහුද ඊට එකඟ වූයේ පොලිස් නිලධාරියකු ඒමට පෙර එතැනින් පැන ගන්නටය. 
 
“දැන් මොකක්ද ඔයාලට කරන්න ඕන”. ව්‍යාපාරිකයා පිරිස අතරට ගියේය. “මහත්තයා කරදර වෙන්න  එපා. පොලිසි ගානේ යන්න ඕන නැහැ. මහත්තයා කීයක් හරි දෙන්න අපි මෙයාට බෙහෙත් ටිකක් දාලා ගෙදරට ගෙනිහින් දාන්නම්.” 
ඒ සමඟ රුපියල් දහසේ නෝට්ටුවක් සිය පසුම්බියෙන් ගත් රෙදිපිළි ආයතන හිමියා එය ඔවුන්ට දුන්නේය. 
 
“පිස්සුද මහත්තයා රුපියල් දාහෙන් බෙහෙත් දාගෙන මේ මනුස්සයව ගෙදර ගිහින් දාන්න පුළුවන්ද. රුපියල් හාර පන්දාහක්වත් යයි වැඩේට.” පෙම්වතියද  ඔහුට කතාකර කීවේ ඉල්ලන ගාණක් ඔවුනට දී ඉක්මනින් යමු! කියාය. අවසානයේ රුපියල් පන්දහසේ නෝට්ටුවක් ඔවුන් අත තබන්නට රෙදිපිළි ආයතනයේ හිමිකරුට සිදුවිය. 
 
“හරි. මහත්තයා බොහොම ස්තුතියි පරිස්සමින් යන්න”. 
පන්දාහේ නෝට්ටුව අතට ගත් පුද්ගලයා එසේ කියමින් බිම වැටී සිටී තුවාලකරු ඔසවන්නට උත්සාහ කරද්දී රෙදිපිළි ආයතන හිමිකරු සිය වාහනයට නැඟුණේය. 
 
“ඔයා දැක්කේ නැද්ද ඒ මිනිහා හැප්පෙනවා” පෙම්වතිය ඔහුගෙන් ඇසුවාය.
 
“අපි කතා කර කරනේ ආවේ. ඒ නිසා මම දැක්කේ නැහැ. ඒත් මට සැකයි උෟ මගේ කාර් එකේ හැප්පුණාද කියලා”
 
“නැහැ ඒ මිනිහා කාර් එකේ වැදිලා තමයි වැටුණෙ  මම දැක්කනේ.”
 
“නැහැ අපි කෝකටත් ආයෙත් හරවාගෙන ගිහින් බලාගෙන යමු”
 
“එපා අනේ අපිට දැන් පරක්කු වෙනවනේ. මම ඔෆිස් යන්නත් ඕන.”
 
“පොඩ්ඩක් ඉන්නකො”
 
එසේ කී රෙදිපිළි ආයතනයේ හිමිකරු සිය රථය කනත්ත පිටුපස ඇති හතර මං හන්දියෙන් යළි බොරැල්ල දෙසට ධාවනය කරන්නට විය. මාර්ග තදබදය හා විදුලි සංඥා නිසා වාහන ගමන් ගත්තේ ඉතා සෙමින්ය. ටික දුරක් යද්දී තමන් වටකරගත් තිදෙනා ඔහුගේ නෙත ගැටිණි. බිම වැටුණු තුවාලකරුද  ඒ අතර සිටියේය. ඔවුන් මහ හ¾ඩින් සිනහවෙමින් සිටින අයුරු ඔහුට දිස්විය. ඔහුට ඇතිවුණේ තදබල කෝපයකි.
 
“මුන් අපිට බොරුව කළේ! දැක්ක නේද?” හිමිකරු සිය පෙම්වතියට කීවේ දත්මිටි සපමිනි. “මම ඔයා නැත්නම් ඕකූන්ට” ඇතිවූ කෝපය නිසාම ඔහු සිය ජංගම දුරකථනයෙන් හිතවත් පොලිස් නිලධාරියකු ඇමැතුවේය.
 
“ඔහොම සෙට් එකක් ඔය හරියේ ඉන්නවා. උන් බොරුවට වාහනවල හැප්පෙනවා. ඉන් පස්සේ සල්ලි ඉල්ලනවා. මිනිස්සු බයට සල්ලි දෙනවා. උන් හරියට බලලා ගෑනියෙක් එහෙම ඉන්න  වාහනවල තමයි හැප්පෙන්නේ. ඕක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක. අපරාදේ පොලිසියට යන්න තිබ්බනේ. පොලිසියට යමු කිව්වම උන් බයවෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඇවිල්ලා බොරැල්ලේ පොලිසියට පැමිණිල්ලක් දාන්න. මම ඕ.අයි.සී.ට කියන්නම්” පොලිස් මිතුරා කීවේය. 
 
එහෙත් පැමිණිල්ලක් දැමීමෙන් නැති ප්‍රශ්නත් ඇතිවන බව දත් රෙදිපිළි ආයතන හිමිකරු රුපියල් පන්දහසේ අලාභයද විඳ දරාගෙන පෙම්වතියද ඇගේ කාර්යාලයට ඇරලවා සිය නිවෙසට ගියේය. 
 
කොළඹ රථවාහන පොලිසියක රාජකාරි කරන පොලිස් නිලධාරියකුටද පසුගියදා මෙවන් සිද්ධියකට මුහුණ දීමට සිදුවිය. ඔහු පොලිස් නිලධාරියකු බැවින් එම කල්ලියට ඔහු ගොනාට ඇන්දවීමට නොහැකි විය. ඔහු ගමන්ගත් මොටෝරිය ඛෙත්තාරාමය ප්‍රදේශයට ඇතුළු වූවා පමණි. කොහේදෝ සිට පැමිණි අයකු ඔහුගේ මොටෝරියේ වම්පස ගැටිණි. කලබලයට පත් ඔහු වහා වාහනයේ තිරිංග තද කොට රථය නතර කර ගත්තේය.
 
අනපේක්ෂිත සිදුවීම ගැන පොලිස් නිලධාරියාගේ මනසට කිසියම් සැකයක් ඇතිවිය. එහෙත් වහා ක්‍රියාත්මක වූ  ඔහු රියෙන් බැස වාහනයේ ගැටුණු පුද්ගලයා ළඟට ගියේය. 
“අයියෝ මහත්තයෝ මගේ දණහිස කැඩිලද කොහේද? මට නැඟිට ගන්නවත් බැහැ! අයියෝ සර් අපි එදාවේල සොයාගෙන කන අය. කුලී වැඩක් කරලා තමයි සර් කියක් හරි හොයාගෙන ළමයින්ටයි ගෑනිටයි කන්න දෙන්නේ” බිම වැටී සිටි මිනිසා එලෙස කියාගෙන ගියේය. ඒ අතරතුර ඔහු අස්වැසූ පොලිස් නිලධාරියා තුවාලවලට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යෑමට කතා කළේය. 
 
අපි යමුකො බෙහෙත් ටිකක් දාගන්න. ඔහුට කීමට හැකිවුණේ එපමණකි. එතැනට පැමිණි තවත් දෙතුන් දෙනෙක් පොලිස් නිලධාරියා වටකරගෙන ‍ෙදාස් නඟන්නට වූහ. 
 
“අයියෝ සර්, මොකක්ද මේ කරපු අපරාදෙ? සර්ලා මොනවා හරි කියලා පැනලා යයි. මේ අහිංසක මනුස්සයා තමයි දුක් විඳින්නේ!”
 
“දැන් මට මොනවද කරන්න කියන්නේ? මෙයාව බෙහෙත් දාගන්න ගෙනියන්න එපාද?”
 
“සර්, අපි මෙයා ගැන බලාගන්නම් අපි බෙහෙත් ටිකක් අරන් දෙන්නම්. සර් මෙයාට සල්ලි කීයක් හරි දෙන්න” සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියා ඔවුන් දෙස තියුණු බැල්මක් හෙළීය
 
“සර්. දැන් සර් ආපු ගමන යන්න! පොලිසියට ගියොත් එතැනත් චාටර් වෙනවා. සර්ටත් පරක්කු වෙනවා. සර්ගේ අතේනේ වැරැද්ද! ඒ නිසා මෙයාට කීයක් හරි දීලා යන්න, ඒ අතර බිම වැටී සිටි පුද්ගලයා තුනටිය රිදෙන බව පවසමින් නොනවත්වාම විලාප දුන්නේය. එය රඟපෑමක් බව පොලිස් නිලධාරියාට සිතිණි.
 
“අඩෝ, උඹ හිතුවද මම?”
 
නිලධාරියා හොඳවයින් දෙක තුනක් පිරිසට කීවේය. සත පහක් දෙන්නේ නැහැ. 
 
වරෙන් හොස්පිට්ල් එකට යන්න නැත්නම් වරෙන් පොලිසියට යමු! යකෝ මමත් පොලිස්.....”
 
බිම වැටී සිටි පුද්ගලයා  එකවරම නැඟිට දිව්වේය. ඔහු වෙනුවෙන් හඬ නැඟූ සෙසු දෙතුන් දෙනාද හෙමිහිට මාරු වූහ. අත්දැකීම් ඇති පොලිස් නිලධාරියාට කප්පම් කල්ලියෙන් බේරීමට හැකි විය. 
 
“ඇත්තෙන්ම මේක ජාවාරමක්. දැන්  ඕක ගෑනු කට්ටියකුත් කරනවා. ගෑනියෙක් වාහනයක බලෙන් හැප්පිලා බිම වැටිලා කෑ ගහනකොට ඕනම රියැදුරෙක් බයවෙනවනේ. අහල පහළ අයත් වැටුණු ගෑනුකෙනා ගැන අනුකම්පාවක් ඇතිව කතා කරනවනේ. පස්සේ ඉස්පිරිතාලෙට යන්න කතා කරනකොට “එපා මහත්තයා  මගේ ළමයි මම එනකම් බලාගෙන ඉන්නවා. මට බෙහෙත් ටිකක් ගන්න සල්ලි දෙන්න” කියලා කීයක් හරි කඩාගන්නවා. නැත්නම් පොලිසි යමු කියලා බොරුවට කියලා රියැදුරා බය කරලා ගාණක් ගන්නවා. ඒත් පොලිසියකට යන්න එන්නේ නැහැ. අනික කිසිම තුවාලයකුත් නැහැ. ඒ නිසා බොරුවට කොන්ද අමාරුයි ඔළුව රිදෙනවා වගේ දේවල් තමයි කියන්නේ.
 
මේක දැන් සංවිධානාත්මකව කරන දෙයක්. කොළඹින් පිට ගල්කිස්ස, මොරටුව පැත්තෙත් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොළඹ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් කීවේය.  “ඔහොම වාහනවලට පැනපු සිද්ධීන් අපිටත් දැනගන්න ලැබුණා. මගේ මිත්‍රයකුත් ඔය වගේ සිද්ධියකට මුහුණ දුන්නා. අන්තිමට  ඒ මනුස්සයා රුපියල් විසිදාහක් දීලයි බේරිලා ඇවිත් තිබුණේ. 
 
අනික ඔහොම බස් එකකට පැනපු පුද්ගලයෙක් බොරැල්ල හන්දියේදී මැරුණා!
 
මුලින්ම ඔය පුද්ගලයෝ පැන්නේ මගීන් ලෝඩ් කරගෙන එන බස්වලට. එතකොට බස් එකේ රියැදුරා, කොන්‍ෙදාස්තර එකතුවෙලා බෙහෙත් දාගන්න කියලා පන්සියයක් දාහක් දීලා යනවනේ. නැත්නම් ලෝඩ් එක බස්සලා බස් එක පොලිසියට ගෙනියන්න සිද්ධ වෙනවනේ. දවස් දෙක තුනක් පොලිසියේ තියාගෙන බේ්‍රක් ටෙස් කරලා රියැදුරාගේ ලයිසන් එකත් පොලිසියෙන් අරගෙන අනතුරක් වළක්වා ගැනීමට නොහැකිවීම, නැත්නම් රිය අනතුරක් කියලා දඩ කොළයකුත් දීලා ලොකු ප්‍රශ්න ගොඩක් වෙනවනේ. ඒ නිසා ඔහොම දෙයක් වුණාම ඔය ඩ්‍රයිවර්ලා තුවාලකාරයාට කීයක් හරි දීලා ෂේප් වෙනවා. තුවාල කාරයාත් බොරුවටනේ ඉන්නේ. ඒත් සමහරු ඔහොම වාහනවලට පැනපුවාම තුවාල වන අවස්ථාත් තියෙනවා.  ඒ වගේම මේ අය බොරු කරලා සල්ලි ඉල්ලනවා කියලා දැනගත්තම බඩකට පුරා ගුටි කන්නත් මේ පුද්ගලයන්ට සිද්ධ වෙනවා.”
 
බලහත්කාරයෙන් රථවාහනවල ගැටී අනතුරක් වූ බව හඟවමින් රියැදුරන් බියකර මුදල් කඩාගන්නා මෙවැන්නන්ගෙන් පරෙස්සම් වන ලෙස පොලිසිය මහජනතාවට කියයි. ඔබේ වාහනයක කිසියම් පුද්ගලයකු ගැටුණහොත් ඒ මොහොතේම 119 හදිසි ඇමැතුම් අංශයට හෝ ළඟම ඇති පොලිසියට දන්වන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරයි. කොළඹ හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල මාර්ග සංඥා පුවරු අසල හා මාර්ග දෙපස සිට වාහනවලට එකවර පනින මෙවන් පිරිස් මේ දිනවල බහුල බැවින් මොවුන් ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙසද පොලිසිය වාහන රියැදුරන්ගෙන් ඉල්ලයි.
 
රිය අනතුරක් සිදුවූ සැණින් සිද්ධිය පොලිසියට අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවත් මෙවන් වංචාකරුවන්ගෙන් බේරීමට හැකි හොඳම මාර්ගය එය බවත් ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් කියා සිටියේය.
කීර්ති මෙන්ඩිස්
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top