අංකුඹුර පොලිස් වසමේ රඹුකේවෙල ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා.
ඊයේ (26) වැනි දින අංකුඹුර ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා මෙම අනතුර සිදු වී තිබෙනවා.
සිද්ධිය සිදු වෙන අවස්ථාවේ නිවස තුළ මියගිය කාන්තාව, ඇයගේ සැමියා සහ දියණිය සිට ඇති අතර, අනතුරින් රෝහල්ගත කිරීමෙන් පසු, අදාළ කාන්තාව මිය ගිය බවයි වාර්තා වෙන්නේ.
පියා සහ දියණිය බොක්කාවල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මියගොස් ඇත්තේ, රඹුකේවෙල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක කාන්තාවක්. මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය බොක්කාවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අංකුඹුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.