Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
26
“කට වහනවා ! ඔහේලා වදකාරයෝ..! මේකේ අවසානයක් තියෙන්න ඕනි...!!” - රෝගීන් 20කට වැඩි පිරිසක් නොඑන ගමන් යැවූ සුරූපී හෙදිය, “මරණයේ දෙව්දුව”ගේ අදහාගන්න බැරි කතාන්දරය මෙන්න

- “කට වහනවා ! ඔහේලා වදකාරයෝ..! මේකේ අවසානයක් තියෙන්න ඕනි...!!” - රෝගීන් 20කට වැඩි පිරිසක් නොඑන ගමන් යැවූ සුරූපී හෙදිය, “මරණයේ දෙව්දුව”ගේ අදහාගන්න බැරි කතාන්දරය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,404 Views
හදිසියේම එළියට ආ රහසිගත වාර්තාව...
 
ඉකුත් නොවැම්බර් මස නම වැනි දින ජපානයේ යොකොහමා දිස්ත්‍රික් අධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. යොකොහමා රෝහලේ හෙදියක් ලෙස කටයුතු කළ අයුමි කුබොකි එම නඩු තීන්දුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරනු ලැබුවා.
 
වෛද්‍ය නොසැලකිල්ල, සිවිල් නීතිය යටතේ ඇති තෝරන නීතිය යටතේ මෙන්ම අපරාධ නීතිය යටතේ ද වරදක් වනවා.

කිසියම් රෝගීයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාම සායනික දෝෂයක් නිසා සිදුවූවාද නැතහොත් නොසැලකිල්ල නිසා සිදුවූවක් ද යන්න නිශ්චය කිරීම අසීරු කාරණයක්.
 
ඒ නිසා රෝහල්වල සිදු වන මරණ නොසැලකිල්ල නිසා සිදුවූවක් ද යන්න නිගමනයට විද්‍යාත්මක ක්‍රම භාවිතා කෙරෙනවා.
 
යොකොහමා රෝහලේදී අයුමි කුබොකීට පැවරුණු වගකීම වුණේ විපයත් පුද්ගලයින්ට සාත්තු කිරීමයි. හෙදියක ලෙස පත් වීම ලද මුල් කාලයේදී අයුමි මැනවින් රාජකාරි කළත් ඇය පිළිබඳ කිසිදු විවේචනයක් තිබුණේත් නැහැ.
 
නමුත් කෙටි කාලයක් ඇතුළත කුබොකිගේ රාජකාරි කටයුතු සම්බන්ධ පැමිණිලි ලැබුණා.
 
වියපත් පුද්ගලයින් රැකබලා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන අතර ජීවිතයේ සැදෑ සමයේදී එවුන් වඩාත් මුරණ්ඩු යි.
 
අසූ එක් හැවිරිදි සොසෝ සහ හැත්තෑ අට හැවිරිදි අසේ බලාගැනීමේ වගකීම පැවරී තිබුණේ කුබොකිටයි.
 
එහෙත් මොවුන්ගේ ඇතැම් ක්‍රියා කුබොකිට හිසරදයක් බවට පත් වුණා.
 
තමා යටතේ සිටි මේ පුද්ගලයින් තිදෙනා සම්බන්ධව තමාට වගකීම අයුම් ඉටු නොකළ අතර ඔවුන් පාලනය කිරීමට විවිධ උත්සාහ ගත්තා.
 
ඇය මේ පුද්ගලයින් තිදෙනාගේම ධමනිවලට විෂබීජනාශකයක් එන්නත් කළා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ ඔවුන් දෙදෙනා ජීවත් වුයේ සතියක කාලයක් පමණයි.
 
මේ පුද්ගලයින් අතරින් ඔකිට්සුට අයුමි පහර දීම නිසා තුවාලද සිදු වුණා. ඇය දින කීපයකට පසු මිය ගියා.
 
සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අයුමි කුබොකි අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව අනාවරණය වූයේ අයුමි කුබොකිගේ භාරකත්වය යටතේ සිටි තවත් පුද්ගලයින් විස්සක් පමණ මියගොස් ඇති බවයි.
 
මෙලෙස පුද්ගලයින් මිය යෑම පිළිබඳව රෝහලට සැකයක් ඇති වූයේ නැහැ. නමුත් යොකොහමා රෝහලේ වෙනත් හෙදියක් විසින් රහසිගත වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
 
මෙම වාර්තාවෙන් සියලු දේ තහවුරු වුණා.
 
කෙසේ වෙතත් අයුමි ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් සියල්ල අනාවරණය වුණා. ඇය ද්වේශ සහගත ලෙස මේ අපරාධ සියල්ල සැලසුම් කර ඇති බවයි තහවුරු වූයේ.
 
මෙලෙස සිදුකරන ලද මනුෂය ඝාතනය අනියම් මිනීමැරුම් ලෙස සලකා අයුමි කුබොකිට එරෙහිව අධිචෝදනා ගොනු කළා.
 
නඩුව විභාග කළ විනිසුරු ප්‍රකාශ කළේ හෙදියක විසින් සිදු කළ මේ අපරාධය ඉතා බරපතළ ඒවා බවයි.
 
නයිටිංගේල් ප්‍රතිඥාව දී හෙද සේවයට බැඳුනු තැනැත්තියක් මෙවැනි අපරාධවලට යොමු වීම ඉතා බැරුරූම් බවයි විනිසුරු අවධාරණය කළේ.
 
මරණ දඬුවම් නියම කිරීමට පැමිණිලි පාර්ශවය දිගින් දිගටම ඉල්ලීම් කළත්, ඇගේ මානසිකත්වය සළකා එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්වුණා.
 
ඇය ඒ අනුව ජීවිත කාලයම බන්ධනාගාරය තුළ පුනරුත්තාපනය වෙමින් ගත කළ යුතු බවයි.
 
නීතිඥ එස්. එම්. ජයසූරිය විසින් මාංචු පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

Nurse Who Killed Patients sentenced to life in prison in Japan | WorldJapanese police search home of nurse suspected of poisoning at least 2  patients
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top