රොෂාන් පිලපිටිය කියන්නේ පුංචි තිරයේ කාගෙත් ආදරය දිනාගත්තූ රංගන ශිල්පියෙක්.
ඔහු විවාහ වෙලා ඉන්නේ රිද්මා එක්ක යි. ඉතින් මේ දෙන්නගේ කැදැල්ල හැඩ කරන පුංචි සුරතලා තමයි රාහුල්. පසුගිය දවසක රිද්මාගේ මුහුණු පොතේ අපූරූ සටහනක් එක්ක වීඩියෝවක් පළ කරලා තිබුණා.
ඒ, “හොස්පිට්ල් ගිහින් ගෙදර යන ගමන්...!“ කියන සටහනත් එක්ක..
ඇත්තටම මේ පුංචි රාහුල් පුතාට “වැක්සින් එක“ දෙන්න යන ගමනක් කියලයි රිද්මා කියන්නේ.
ඔය අතරේ ළඟ ළඟ එන නත්තලටත් රොෂාන් - රිද්මා කැදැල්ල කල් තියා සුදානම් වෙනවලූ.
ඡායාරූප කිහිපයක් පහතින් බලන්න..