නමුත් එහි තිබෙන ගුණ ගැන දන්නවා නම් කිසි දිනෙක පොල් වතුර විසි කරන්නේ නැහැ.
අපේ රටේ එහෙම වුණාට පිට රටවල උදවිය පොල් වතුර ටින් කරලා බෝතල් කරලා ගෙන්නාගෙන බොනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයත් වටිනා පානයක් ලෙස පිළිගෙන ඇති පොල් වතුර, සිරැරේ අභ්‍යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය ඇත්තක්.
විටමින් බී, සී, ඊ, යකඩ, කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන වැනි පෝෂක හා ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි, දිව්‍යමය ඖෂධීය පානයක්.
එය ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වනු ලබනවා.
පොල් වතුරවල පොටෑසියම් බහුලයි.
කෙසෙල්වලට වඩා ප්‍රබල බවත්, දොඩම් වීදුරුවකටත්, එළකිරි වීදුරුවකටත්, වඩා ගුණයක් පොල්වතුර කෝප්පයක ඇති බවත් සඳහන්.
දෙවැනි ලෝක යුද්ධ සමයෙහි මෙම ඖෂධීය දියරය සේලයින් ලෙස යොදා ගැන්මෙන් 50000 ක් පමණ පිරිසක් සුවපත් කරගත් බවට වාර්තා වෙනවා.
පොල්වතුරවලින් මුහුණ සේදීමෙන් පිළිස්සුම් සුව වනවා.
සමෙහි ඇති කුරුලෑ ලප කැළැල් මැකී යනවා.
වියළි බව දුරු වී සමේ වියපත් වීම පමාවී, තෙත් බව හා කාන්තිමත් බව ඇතිවෙනවා.
තරුණ පෙනුම දිගු කාලයක් රැඳෙනවා.
පොල්වතුර ගල්වා හිස සම්බාහනය කිරීමෙන් දිලීර නාශක ගුණ ඇති ලෝරික් අම්ලය ස්වාභාවික කන්ඩිෂනරයක් සේ ක්‍රියාත්මක වනවා.
ඉන් හිසෙහි දිලීර උකුණු බිබිලි තුවාල සුව වී කෙස් වැටීම වැළකී, නිල්වන් කෙස් කළඹක් වැවෙනවා.
හදවතට හිතකර මේද අම්ල ඇති පොල්වතුර හර්දයාබාධ, හා අධි රුධිර පීඩනය පාලනය කර දීමෙන් තවත් වටිනා මෙහෙයක් ඉටුකරනවා.
රුධිර සංසරණ පද්ධතියට හිතකර සේවයක් ලබා දී කොලෙස්ටරෝල් පාලනය කරමින් රුධිර වාර්තා යහපත් තත්ත්වයට පත් කරනවා.
පොල්වතුරෙහි ඇති සෝඩියම් පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවත් සමඟ, මද සරුභාවය දුරුකර ලිංගික සක්රීයත්වය ඇති කිරීමට එයට හැකියි.
ඇසට හිතකර පොල්වතුර ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා වැනි රෝග ඈත් කරමින් ඇස්පෙනීම ද වර්ධනය කරනවා.
මස්පිඩු ශක්තිමත් කර කෙණ්ඩ පෙරළීම් වැනි තත්ත්වයන් වළකනවා.
මෙවැනි වටිනාකමක් ඇති පොල් වතුර මිලදී ගැනීම සදහා ඕස්ට්‍රේලියානු සමාගමක් ඉදිරිපත්ව සිටිනවා.
ඒ පොල් සංවර්ධන අධිකාරිය සමගයි.