Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
25
“මම කවදාවත් පොලීසියටවත් උසාවියකටවත් ගිහිල්ලා නෑ. මාවත් මේවට පටලවලා!” - ප්‍රසන්න රණතුංගගේ බිරිඳ කඳුළු සළමින් කියපු කතාවක් එළියට - “සර් තෙමෙන්න එපා අපි තෙමෙන්නම්”, සජිත් කුඩේ අල්ලපු බලවතා කවුද ? මේ සතියේ උණුසුම් වූ දේශපාලනයේ රහස් මෙන්න [Exclusive]

- “මම කවදාවත් පොලීසියටවත් උසාවියකටවත් ගිහිල්ලා නෑ. මාවත් මේවට පටලවලා!” - ප්‍රසන්න රණතුංගගේ බිරිඳ කඳුළු සළමින් කියපු කතාවක් එළියට - “සර් තෙමෙන්න එපා අපි තෙමෙන්නම්”, සජිත් කුඩේ අල්ලපු බලවතා කවුද ? මේ සතියේ උණුසුම් වූ දේශපාලනයේ රහස් මෙන්න [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,165 Views
“මේ බලන්නකෝ ඔයාලගේ අය මම පුටුවෙන් පොඩ්ඩක් නැගිටලා
ගියාම කෑ ගහනවා කෝ මේ මුදල් ඇමතිතුමා කියලා”
 
මෙරට දේශපාලන ක්‍රියාවලියේ තවත් උණුසුම් දින කිහිපයක් ගෙවී ගියේ විවිධ මාතෘකා මවමින්.
 
අගමැතිගේ දුරකතනය කාර්ය කාර්ය බහුල වුණු හැටි
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වන ජන්ම දිනය යෙදී තිබුණේ ඉකුත් 18 වැනිදාටයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දුරකථනයට මෙදින කිසිදු ඉස්පාසුවක් ලැබුනේ නැහැ .ඒ පක්ෂ විපක්ෂ බොහෝ දෙනා මහින්දට සුබ පතන්න කටයුතු කල නිසයි.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අලුයම සිට ම අගමැති වරයාට දුරකථනය මගින් එක දිගට සුබ පැතුම් එක්කරන්නට වුනා.අගමැතිවරයා ඒ සියලු ඇමතුම් වලට කතාකර සුබ පැතුම් බාරගෙන තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සිදුකරන කිරිඅම්මාවරුන් සඳහා වූ දානය මෙවරත් පැවැත් වුනා.ඒ නාරාහෙන්පිට අභයාරාමයේදී යි. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහි මූලිකත්වය ගෙන සිටියා.කිරිඅම්මා දානය අවසාන වූ පසු පැමිණ සිටි පිරිස සමඟ මද වෙලාවක් කතාබස් කරමින් සිටි අගමැතිවරයා පිටව ගියේ ඉල්පොහෝ දින ධර්මදේශනය සඳහා සහභාගී වීමටයි .
 
කහ හිඟය නැතිවුණු හැටි ජනාධිපති පවසයි
 
උසින් රුවන් වැලි සෑ රජුන්ට පමණක් දෙවැනි වන සඳහිරු සෑය සම්බුද්ධ ශාසනය සඳහා පූජා කිරීමද මෙදින සිදුවූ තවත් සුවිශේ සිදුවීමක්.අගමැතිවරයා ද ඒ සඳහා සහභාගී වීමට අනුරාධපුරය බලා පිටත්ව ගියා .ජනාධිපතිවරයා ඒ සඳහා සහභාගි වීමට ඊට පෙර දිනම පිටත්ව ගොස් තිබුණා.
 
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු විශාල පිරිසක්ද ද මෙම උත්සවය සඳහා සහභාගී වීමට කල්තියාම අනුරාධපුරය බලා පිටත්ව ගොස් සිටයා. මහා සංඝරත්නයේ විශාල පිරිසකගේ මූලිකත්වයෙන් අගමැතිවරයාගේ සුරතින් සඳහිරු සෑ රජුන් සම්බුද්ධ ශාසනය වෙත පූජා කෙරුණා.
 
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත් වාගෙන යනු ලබන කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථානයක් නැරඹීම සඳහා ජනාධිපතිවරයා මෙදින සහභාගී වුනා . අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශ්යේ එම ඇසුරුම් මධ්‍යස්ථානය ඉදි කර තිබෙනවා. ඉඩම් අමාත්‍ය එස් .එම . චන්ද්‍රසේන ද මේ සඳහා සහභාගි වුණා.
 
කාබනික පොහොර නිෂ්පාදන හා ඇසුරුම් මධ්‍යස්ථානය නැරඹීමෙන් පසු ජනධිපතිවරයා සතුටු සිතින් ප්‍රදේශයේ ජනතාව සමඟ ද කතා බහක නිරත වුණා.ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් සමඟ ද ජනාධිපතිවරයා අදහස් හුවමාරු කරගත්තා.
 
''මොන තරම් අමාරු උනත් අපි කාබනික වගාව දියුණු කරන්න ඕනේ'' දැන් බලන්නකෝ රටේ කහ හිගයක් ඇති වුණා.අපි කහ ගෙන්වීම නතර කළාම.නමුත අද වන විට හැමෝම වගේ කහ වගා කරනවා.දැන අපිට ඕන තරම් කහ තිබෙනවා.'' අන්න ඒ වගේ මුං ඇට කව්පි අපි වගා කරනවා. ඒ නිසා අපි ටිකක් ඉවසගෙන ඉන්න ඕනේ. කාලයක් ගතවෙනකොට ගොවින්ගේ අත මිට සරු වෙයි.'' එහෙම කියපු ජනාධිපතිවරයා ටික වෙලාවක් එම ස්ථානයේ ගම්වැසියන් සමග කාලය ගතකලා.
 
උඩින් බැරිනම් බිමින් යන්න ඕනේ
 
මෙවර රාජ්‍ය කඨින මහා උත්සවය සංවිධානය කර තිබුණේ කුරුණෑගල කොළඹගම මියුගුණාරාම රාජමහා විහාරස්ථානය මුල් කරගෙනයි. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ සඳහා මූලිකව ක්‍රියා කළා . නමුත් එදින පැවති අයහපත් කාලගුණය පින්කමට දැඩි බාධාවක් එල්ල කළා . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිංකම සඳහා යාමට සූදානම්ව සිටියේ ගුවන් මගිනුයි. අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ ගුවනින් කුරුණෑගල බලා පිටත්ව යාම සුදුසු නැති බව ජනාධිපති වරයාට ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන් දැනුම් දුන්නා.
 
''මට උඩින් යන්න බැරිනම් පාරදිගේ හරි යන්න ලෑස්ති කරන්න '' ජනාධිපතිවරයා දැනුම් දුන්නා.
 
ඒ අනුව ජනාධිපතිවරයාට උඩින් නොව බිමින් කුරුණෑගල බලා යන්න සිදුවුණා . රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනාධිපතිවරයා පැමිණෙන තුරු මග බලාගෙන සිටියා. ජනාධිපතිවරයාගේ මෝටර් රථය විහාරස්ථානය වෙත ලගාවෙන අයුරු දුටු දයාසිරිගේ මුහුණ සතුටින් ඉපිලී ගියා.
 
''සර් පරක්කු වෙලා හරි ආපු එක ලොකු දෙයක් . එක මට කරපු ලොකු ගෞරවයක්.'' දයාසිරි එහෙම කිව්වේ ජනාධිපතිවරයා පිළිගන්න ගමිනුයි . කඨින පිංකම සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා මහා සංඝරත්නය උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව සඳහා ද එක්වුණා.
 
ප්‍රසන්නගේ බිරිද කදුළු සලයි
 
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා .ඒ ඔහු මහ ඇමතිවරයාව සිටියදී සිදු කල බව කියන ඉඩම් පවරාගැනීමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහායි. එහිදී ප්‍රසන්න රණතුංග විශේෂ ප්‍රකාශයක් උසාවිය හමුවේ කළා .යහපාලන රජයට එරෙහිව අපි එදා මහින්ද සුළගට නායකත්වය දෙමින් ක්‍රියා කල නිසයි අපිට මේ වගේ බොරු නඩු දාලා තියෙන්නේ.මෙය පළිගැනීමක්. ප්‍රසන්න රණතුංගගේ බිරිඳද නඩුව සඳහා කැඳවා තිබුණා. ඇයද උසාවිය හමුවේ ප්‍රකාශයක් කරන්නට වුණා .''මම කවදාවත් පොලීසියටවත් උසාවියකටවත් ගිහිල්ලා නෑ.මගේ ස්වාමියාගේ දේශපාලන කටයුතු වලට සහයෝගය දීම නිසා මාවත් මේ වට පටලවලා තියෙනවා''. ඇය එසේ කියන විට දෙනෙතින් කඳුලළු කඩා වැටුනා.
 
බැසිල්ට හමුවුනු පරණ මිතුරා
 
ඇමරිකාවට සහ යුරෝපයට අපනයනය කිරීම සඳහා වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන දැවැන්ත සමාගමක් බණ්ඩාරගමදී විවෘත කෙරුණා. .උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂයි. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් තුමිය ද මෙම උත්සවය සඳහා සහභාගි වී සිටියා.බැසිල් රාජපක්ෂ උත්සවය සඳහා පැමිණෙන විට මද වේලාවක් ගත වී තිබුණා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද උත්සවයට එක්ව සිටියා. බැසිල් රාජපක්ෂ උත්සවය සඳහා පැමිණෙන අයුරු දුටු රාජිත සේනාරත්න ඈත සිටම සිනහසෙමින් ඔහුව පිළිගතා .රාජිතව දුටු බැසිල් ''කොහොමද කොහොමද රාජිත'' කියා ඇසුවා.''වරදක් නැහැ ඇමැතිතුමා හොදීන් ඉන්නවා'' .රාජිත කිවුවා .බැසිල් නැවතත් කතාකලා. ''මේ බලන්නකෝ ඔයාලගේ අය මම පුටුවෙන් පොඩ්ඩක් නැගිටලා ගියාම කෑ ගහනවා කෝ මේ මුදල් ඇමතිතුමා කියලා ''. රාජිත ඊට කිසිවක් කීමට උත්සාහ කළේ නැහැ සිනාසුනා පමණයි .
 
හොර රහසෙම මහවිරු සැමරුම්
 
සෑම වසරකම නොවැම්බර් 21 වැනිදා සිට උතුරු නැගෙනහිර පුරා සතියක් පුරාවට මහවිරු සැමරුම ක් පැවැත්වෙනවා.කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ඉතා ඉහලින් කොටි හිතවාදීන් මෙම සැමරුම පැවැත් වූවා.මෙවරත් කොටි හිතවාදීන් මහ විරු සැමැරුමක් සදහා මේ දිනවල සූදානම් වෙනවා.මේ පිළිබඳව උතුරු නැගෙනහිර ආරක්ෂක අංශවල විශේෂ ඇස යොමුවී තිබෙනවා. ඒ අනුව මහවිරු සැමරුම පුදුකුඩු ඉරුප්පු පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලමින් පොලිසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණා .
 
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ සංවිධානයේ මියගිය සාමාජිකයින්ගේ සොහොන් වල ඉටිපන්දම් ,පහන් දැල් වීම. වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ සංවිධානයේ මියගිය නායකයින්ගේ ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම . එම සංවිධානයට අයත් කොඩි එසවීම, ගීත ගායනා කිරීම, මෙමගින් තහනම් කර තිබෙනවා.
 
කෙසේ වෙතත් උතුරේ බල අරගලයක නිරත වන දෙමළ ජාතික සංවිධානයේ ඊළඟ නායකත්වයට මාන බලාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන්, දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් උතුරු නැගෙනහිර මහ විරු උළෙලක් සංවිධානය කිරීමටද සූදානම්ව සිටින බවට ආරක්ෂක අංශ තොරතුරු වාර්තා කරනවා. දෙමළ නිජබිම් ආරක්ෂා කිරීමට ගොස් ජීවිත පූජා කළ මිනිස්සු මිහිදන් කොට ඇති සුසාන භූමිය වෙත ගොස් පහන් ,ඉටිපන්දම් දල්වා මල් පූජා කරන බව ඔවුන් දෙමළ ජනතාව වෙත දැනුම් දී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
 
සජිත් කුඩේ චම්පිකට ඉහලයි
 
ආණ්ඩුව පෙරලීමට මාන බලා සිටින සමගි ජන බලවේගය පසුගිය සතියේ දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී සංවිධානය කරන්නට යෙදුනා. දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් ජනතාව මේ සඳහා සහභාගි කරවීමටයි සමගි ජනබලවේගයේ නායකයින් තීරණය කර තිබුණේ .ඒ අනුව ඔවුන් බස් මගින් ජනතාව කොළඹට ගෙන ඒමට කටයුතු කර තිබුණා.
 
මේ පිළිබඳව කල්තියාම දැන ගත් රජය සෞඛ්‍ය මාර්ගඋපදේශන නීති රෙගුලාසි යටතේ මෙම උද්ගෝෂණය අඩපන කිරීමට කටයුතු කර තිබුණා. ඒ අනුව පොලීසිය විසින් මෙම උද්ඝෝෂණය එරෙහිව අධිකරණය මගින් වාරණ නියෝග ලබා ගැනීමට පියවර ගත්තා. ඒ අනුව මෙම උද්ඝෝෂණය සඳහා සහභාගිවීමට කොළඹට පැමිණෙන ජනතාව ආපසු හරවා යැවීමට පොලිසිය විසින් උත්සාහයක නිරත වුනා. සමගි ජන බලවේගයේ ඇතම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොලිසිය සමඟ මහ මග ගැටුම් ඇති කරගත් අවස්ථා ද දැකගත හැකිවුණා.
 
ආණ්ඩුව මෙවැනි මර්දනකාරී වැඩ පිළිවෙලක් උද්ඝෝෂණය වලකමින් දියත් කරන බව කල්තියාම දැන ගෙන සිටින සමගි ජන බලවේගයේ නායකයෝ සමගි ජනබල වේගයේ ප්‍රධාන කාර්යාලයේ සිට බස් රථ මගින් සෙනඟ ගෙන එන සංවිධායකවරුන්ට දුරකථන මගින් උපදෙස් ලබාදෙමින් ඔවුන්ව විකල්ප මාර්ග ඔස්සේ කොළඹට ගෙන්වාගැනීමට කටයුතු කර තිබුණා.
 
''අපි සෙනඟ එනකන් බලාගෙන ඉන්නෙ නැතුව කොළඹ ඉන්න අපේ සෙනග දාලා පෙළපාලිය පටන් ගමු ''එහෙම කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්.එය අනුමත කල තරුණ මන්ත්‍රීවරු පෙළපාලිය ආරම්භ කරන්නට වුනා. මරදාන, මාලිගාවත්ත , කොළොන්නාව,ආදී ප්‍රදේශවලින් සෙනඟ ඒකරාශී කර ගනිමින් පෙළපාලිය ආරම්භ කරා. රාජිත, චම්පික, සජිත් පෙළපාලියේ පෙරමුණට පැමිණියා .''අපි එක තැනක ඉන්නේ නැතුව ඉදිරියට යමු''.රාජිතගේ විදානය හමුවේ සියල්ලෝම සටන්පාට කියමින් ඉදිරියට ඇදුනා .
 
ඔවුන්ට පෙළපාලිය ලිබර්ටි වට රවුම වෙත ගෙනයාමට අවශ්‍ය වුවත් පොලිසිය කල්තියාම එම මාර්ගය අහුරා තිබුණා . සජිත් පෙළපාලියේ ගමන්මග වෙනස් කිරීමට උපදෙස් දුන්නා. ඒ සමගම ධාරානිපාත වර්ෂාවක් ඇද වැටෙන්න පටන් ගත්තා. ''සර් තෙමෙන්න එපා අපි තෙමි තෙමි හරි ඉදිරියට යන්නම්''. තරුණ මන්ත්‍රීවරුන් සජිත්ට කිව්වා .
 
ඒ සමඟම සජිත්ගේ ආරක්ෂක අංශ විසින් සජිත් ට කුඩයක් ඇල්ලුවා.කුඩය තමන්ගේ අතට ගෙන සජිත් එය චම්පිකටත් ඇල්ලුවා. සජිත් ගේ උපදෙස් අනුව පෙළපාලිය ගාලුපාර දෙසට හැරුනා. ඒ අනුව දුරකථනය මගින් පෙළපාලියේ පසු පස හිටපු සංවිධායක වරු දැනුවත් කරමි සියල්ලෝම ගාලු මුවදොර පිටිය දක්වා රැගෙන යාමට ඔවුන් කටයුතු කළා . කොරෝනා නීති උපදෙස් පැත්තකට විසිකරමින් සමගි ජන බලවේගය සිය උද්ගෝෂණය ආණ්ඩුව හිතුවට වඩා සාර්ථකව පැවැත්වීමට කටයුතු කර තිබුණු බව බොහෝ දෙනා පවසන්නට වුනා .
 
- පානුක රාජපක්ෂ -
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top