Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
25
“මිහිරාවියේ සිහින කුමරී ඇයයි...” - තරුණියන් අතර උන්මාදය වූ, ගායන ශිල්පී ශිහාන් මිහිරංග - මේ ඔහු හිමිකම් කියූ පාසල් ප්‍රේමයේ කතාවයි.. - Photos

- “මිහිරාවියේ සිහින කුමරී ඇයයි...” - තරුණියන් අතර උන්මාදය වූ, ගායන ශිල්පී ශිහාන් මිහිරංග - මේ ඔහු හිමිකම් කියූ පාසල් ප්‍රේමයේ කතාවයි.. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,232 Views
“ක්ලේන් මාෂ්, කෙනන් යාෂ් සහ කියෝන් අකීෂ් යන
පුතුන් තිදෙනාගේ දයාබර මව ඇයයි !”
 
ශිහාන් මිහිරංග කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්ත ගායන ශිල්පියෙක්. ඔහුටම අනන්‍ය වුණු විලාසිතා වලින් තරුණ තරුණියන්ව වසඟයට ගත් ශිහාන් ආදරණීයම ගී රැසක හිමිකරුවෙක්.
 
“අද තනියෙන් මා“ , “මිහිරාවියේ“ , “ඔබගේ මතකෙන්“ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක හඬ අයිතිකරු වන ඔහු මේ දිනවල ලංකාවේ එකම සහ ප්‍රථම ගායන රියැලටිය වන “හිරු ස්ටාර්“ සීසන් 3 හි විනිසුරුවෙකු ලෙස ද කටයුතු කරනවා.

ඉතින් පසුගිය දවසක (23) ශිහාන්ගේ ආදරණීය බිරිඳගේ උපන්දින සැමරුම යෙදිලා තිබුණා.
 
ඒ වෙනුවෙන් ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මුහුණු පොතේ පළ කළ සටහන පහතින් බලන්න....
 
මිහිරාවියේ සිහින කුමරී ඇයයි ............
ගෙෂ්නි ක්ලෙමන්ටා නැගණියට මිහිරිතම ගී නදින් රාව නැංවෙන උපන්දිනක් ..............................
ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගගේ ආදරණීය බිරිඳ ගෙෂ්නි ක්ලෙමන්ටා සිල්වා අද දින (23) සිය උපන්දිනය සමරන්නීය.
කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබූ ගෙෂ්නි සහ ශිහාන්, පාසල් ප්‍රේමය ජය ගනිමින් 2012 වසරේ ජනවාරි 25 වෙනි දින යුග දිවියට ඇතුළත් වුණු අතර, ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගනු ලැබුවේ ද මවිසින් ය. ක්ලේන් මාෂ්, කෙනන් යාෂ් සහ කියෝන් අකීෂ් යන පුතුන් තිදෙනාගේ දයාබර මව වන ගෙෂ්නි ක්ලෙමන්ටා තම දරුවන්ගේ සහ සැමියාගේ යුතුකම් මැනවින් ඉටුකරමින් ගෘහණියක් ලෙස කටයුතු කරමින් සිටින්නීය.
මට බොහෝ සේ හිතවත් ශනිලාගේ ආදරණීය පියාණන් වන නිහාල් නානායක්කාරගේ, සොයුරියගේ දියණිය ලෙසින් මා ගෙෂ්නිව දැනහඳුනා ගනු ලබන්නේ ඇය ශිහාන් සමගින් විවාහ වීමටත් පෙර සිට ය. විශේෂිත දරුවෙකු වන ශනිලා මගේ ගීතවලට දැඩි සේ ප්‍රියකරන උග්‍ර රසිකාවියක් ද වන අතර, සෑම වසරකදීම මා ඇයගේ උපන්දින සාදයට සහභාගී වීම අනිවාර්ය කටයුත්තකි.
ශනිලාගේ උපන්දින සාදය සංවිධානය කිරීම සඳහා ගෙෂ්නි ද විශාල ලෙස දායක වී කටයුතු කරන්නීය. එහිදී මා හට, ගෙෂ්නිව සහ ඇගේ පවුලේ අයව ද නොවරදවාම වාර්ෂිකව මුණගැසෙන අතර, ඇයගේ ක්ලේන් සහ කෙනන් යන පුතුන් දෙදෙනා මා සමග ගීත ගායනා කිරීමට ද සම්බන්ධ වෙති. එම දරුවන් ද මා සමග අතිශය හෘදයාංගම අතර මට ද ඔවුන් මගේ දරුවන් සේ සෙනෙහසක් හැඟේ.
ගෙෂ්නිගේ පියා වන උපාලි සිල්වා, මැසනඩ් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන අතර, ගුරුවරියක ලෙස සේවය කළ ඇගේ මව රමණී සිල්වා, මේ වන විට එයට සමුදී ඇත. ගෙෂ්නිගේ, වැඩිමල් සොයුරු ශවන්ත ද විවාපත් අතර, ඔහුට ඩිශේන් නමින් එක් පුතෙක් ද සිටී.
තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව ගෙෂ්නිට, සිය සැමියා සහ දරුවන් සමඟ යෙහෙන් සංතෘෂ්ඨියෙන් ජීවිතය ගෙවන්නට වාසනාව උදාවේවායි සුභාශිංසන ගෙන එමි !!!

May be an image of 1 person and flowerMay be an image of 3 people, people standing and text that says May be an image of 2 people, child, people standing and indoorMay be an image of 4 people, child, people standing and indoorMay be an image of 2 people, child, people standing and indoorMay be an image of 2 people, child, people standing and indoorMay be an image of 1 person, child and standingMay be an image of 2 people and people standingMay be an image of 2 people, people standing and indoor
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top