පන්සලට ගිය අවස්ථාවේ, කතුරක් පෙන්වා බිය ගන්වා වසය අවුරුදු 08ක පිරිමි දරුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ ඇබිත්තයෙකුට වසර 10ක බර වැඩ සහිත සිර දඩුවමක් හිමි වී තිබෙනවා.
මීට අමතර ව රුපියල් ලක්ෂ 05ක වන්දියක් හා රුපියල් 50,000ක දඩයක් ගෙවන ලෙසත් හම්බන්තොට මහාධිකරණ විනිසුරු පෙරේ දා (24) සවස නියෝග කළා. මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ, සූරියවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇබිත්තයෙකු ලෙස කටයුතු කළ ගෝතමීගම - කතරගම ප්‍රදේශයේ පදිංචි මදවන් ආරච්චිගේ මහේෂ් මදුෂංක නැමති 27 හැවිරිදි චුදිතයෙකුටයි.