ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මුදල් මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 5 මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 6 මට්ටමේම තවදුරටත් පවත්වාගෙන යාමටයි. එමෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 4ක මට්ටමේම නොවෙනස්ව පවතින බවද මහ බැංකුව ප්‍රකාශ කළා.