දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය, අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගත ව පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවට යි වාර්තා වෙන්නේ.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහමධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.