ජීවිතේ කියන්නේ අවිනිශ්චිත දෙයක්. අවසනාවකට වගේ අපි නොහිතන, නොපතන විදිහට ජීවිතේ වෙනස් වෙනවා.
අපේ ලෝකේ අපි අදහන්න ගන්න මිනිස්සු අපෙන් ඈත් වෙන්න හදනවා. (එක්කෝ ඒක දෛවය හිතාමතා කරන දෙයක්.)
මේ කතාව අපිට හමුවුණේ මුහුණු පොතෙන්. ඒ තාත්තා කෙනෙක්. ජීවිතේ ප්රාණ සමව ආදරය කරන දූ පැටියා ගැන තාත්තා මේ කතාව කියනවා. ඒ දෝණිට සිද්ධ වෙලා තියෙන දේ තාත්තාගේ හඬින්ම කිව්වේ මෙහෙමයි..
"මගේ දුවගේ නම රන්මිණි ධනංජනා. එයාට තාම අවුරුදු 10යි.. පුංචි මල් කැකුළක්. ජීවිතේ දකින්න පටන් ගත්තා විතරයි.. ඒත් අවාසනාවකට එයාගේ ජීවිතේ බේරගන්න නම් ඇටමිදුලු බද්ධයක් කරන්න වෙනවා. මේ සැත්කම කරන්න ලක්ෂ ගාණක් වැය වෙනවා."