Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
"මං කුඩා කාලයේ බාප්පා හිටියෙත් අපේ ගෙදරමයි, බාප්පා හැදී වැඩුණේ මගේ පියාගේ සෙවණෙ..." - ජීවන් කුමාරතුංග

- "මං කුඩා කාලයේ බාප්පා හිටියෙත් අපේ ගෙදරමයි, බාප්පා හැදී වැඩුණේ මගේ පියාගේ සෙවණෙ..." - ජීවන් කුමාරතුංගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,804 Views
පසුගිය දිනවල පැවැති අයහපත් තත්ත්වය තුළ මඟහැරුණු හා අතපසුවුණු වැඩකටයුතු නැවත නිරාකරණය කර සුපුරුදු ලෙස වැඩ කටයුතු කරනවා. දේශපාලන වැඩ කටයුතු කරන අතරතුර චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිම කර හමාරයි.

අපි ජීවා චිත්‍රපටය ගැන කතා කරමු?
ජීවා කියන්නේ මගේ කුලුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි. එය වාණිජ චිත්‍රපටයක්. නැවත සිනමා ශාලා විවෘත වි මිනිසුන් චිත්‍රපට නැරඹීමට යොමුවන විට එය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
 
කලාත්මක සිනමාවට සාපේක්ෂව වාණිජ සිනමාව ඇද වැටෙන යුගයක ඔබ වාණිජ චිත්‍රපටයක් සිදු කරන්නේ යුගයේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්නද?
ඔව්. වාණිජ සිනමාව පමණක් නොවෙයි සමස්ත සිනමාවම ඇද වැටෙන යුගයකයි ජීවා චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කළේ. එයින් සිනමාවට යම් තල්ලුවක් ලැබේ යැයි මං විශ්වාස කරනවා. වාණිජ සිනමාවේ තිබෙන යම් යම් ගුණයන් වගේම අපේකම එයින් ගිලිහීම තුළ ඉස්සර නැරඹූ චිත්‍රපටයක් බලන්නේ නැහැනේ කියන කතාව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා. එයින් ලැබුණු උත්තේජනය මතයි අපේ අනන්‍යතාව රැඳි ජීවා චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කළේ.
 
මලයාලම් හා බටහිර චිත්‍රපටවල කාබන් කොපි නිර්මාණය වීම තුළ අපේ සිනමාවේ හැඩය අහිමි වෙනවා නේද?
ඔව්. එය සත්‍යයක්. ආරම්භයේ පටන්ම දකුණු ඉන්දියානු චිත්‍රපට ආභාසය අපේ චිත්‍රපටවල දක්නට ලැබුණා. නමුත් ඒ යුගයේ අධ්‍යක්ෂවරු චිත්‍රපටයක අපේකම හා අනන්‍යතාව ආරක්ෂා කිරීමට ප්‍රවේසම් වුණා. පසුකාලීනව එය කාබන් කොපි බවට පරිවර්තනය කිරීමට අධ්‍යක්ෂවරුන් පෙලඹුණා. මුල් කාලයේ ඒ සඳහා හොඳ ප්‍රේක්ෂක ග්‍රහණයක් තිබුණත් ටික කාලෙකින් එකී ප්‍රවණතාව ප්‍රේක්ෂකයන්ගෙන් ගිලිහුණා. ඉන්දියාවේ තිරගත වන චිත්‍රපටයේ කාබන් කොපිය පසුව ලංකාවේ තිරගත වන නිසා ඔරිජිනල් චිත්‍රපටය ඒ වෙන විට බොහෝදෙනෙක් නරඹා හමාරයි. ඒ නිසා ලංකාවේ සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන්ගේ ඒම අඩු වුණා. යම් නිර්මාණයක කතා තේමාව පමණක් විදේශ චිත්‍රපටයකින් උකහා ගෙන අපේ සංස්කෘතික රාමුව තුළ නිර්මාණය කළ හැකිනම් එය යම්තාක් දුරකට සාර්ථකයි.
 
බොහොමයක් රංගන ශිල්පීන් දුෂ්ටයා, ප්‍රේමවන්තයා යන ද්විත්ව භූමිකාවන්ගෙන් එක් කොට්ඨාසයකට පමණක් සීමා වෙනවා. ඔබ එකී රාමුවෙන් පිට පැන්නෙ කොහොමද?
එය සිනමාකරණයේ පොදු ලක්ෂණයක්. මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ දුෂ්ට චරිතවලට පණ පෙවිම තුළින්. ඒ නිසා මං කිහිප වරක්ම ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ප්‍රතික්ෂේප වුණා. හිත හොඳ චණ්ඩියෙක් කියන චිත්‍රපටය නිෂ්පාදනය කර එහි පෙම්වතාගේ භූමිකාව මං නිරූපණය කළා. එකී චිත්‍රපටය සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත්වූ නිසා දුෂ්ටයාගේ රාමුවෙන් පිට පැන විරයා ලේබලය මට ඇලවුණා. මං බොහෝවිට වාණිජ චිත්‍රපටවල පෙනී සිටි නිසා කලාත්මක චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණෙ නැහැ. ඇතැම්විට කලාත්මක චිත්‍රපට වටා එක්වූ ප්‍රේක්ෂකයන්ගෙන් මම ප්‍රතික්ෂේප වේවි යැයි අධ්‍යක්ෂවරු සිතන්නට ඇති.
 
ජීවන්-අනෝජා යුවළ තිරයේ අවසන් පෙම් යුවළ ලෙස බොහෝ විචාරකයන් හදුන්වනවා. ඒ සොදුරු මතකය අලුත් කළොත්?
අනෝජා විරසිංහ හා මම එකදිගට චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුණා. මම චිත්‍රපට සීයකට අධික ප්‍රමාණයක් රඟපා තිබෙනවා. නමුත් අනෝජා විරසිංහ සමඟ රඟපෑ චිත්‍රපට එකදිගට සිනමා මණ්ඩල පහේම මාස 6ක් හෝ 7ක් එකදිගට ප්‍රදර්ශනය වුණා. ඉස්සර චිත්‍රපටයක් තිරගත කරනවිට විජය - මාලනී - ජීවන් - අනෝජා රඟන ලෙස ප්‍රචාරණය කරනවා. එකී ප්‍රචාරණයන් තුළ අප වටා එක් රොක් වූ ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නැරඹීමට පැමිණෙනවා. වර්තමානයේ එසේ යුගලයන් පිළිබඳව කතා බහට ලක් නොවන්නෙ ප්‍රේක්ෂකයන් වර්තමාන රංගන ශිල්පීන් බොහොමයක් නමින් හදුනන්නෙ නැති නිසයි. ඒ වගේම එසේ නම් සඳහන් කළත් එයින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් බලාපොරොත්තු විය නොහැකියි.
 
ඔබ ව්‍යංගයෙන් පවසන්නේ නවකයන්ගේ තරු ගුණය ගිලිහිලා කියලද?
තරු ගුණය ගිලිහිලා කියන සත්‍ය අප පිළිගත යුතුයි. එය රංගන ශිල්පීන්ට පමණක් සීමා වූවක් නොවෙයි. එය සමස්ත සමාජයේම ඇතිවූ විප්ලවකාරී වෙනසක්. කිසිම ක්‍ෂේත්‍රයක විශේෂ පුද්ගල නාමයන්ගෙන් ජනප්‍රිය වූ චරිත අද දක්නට ලැබෙන්නේ නැහැ.
 
විජය කුමාරතුංග හා පැවැති ඥාතිත්වය ඔබගේ රංගන ජීවිතයට ආශීර්වාදයක් වුණේ කොහොමද?
මං කුඩා කාලයේ බාප්පා සිටියේත් අපේ නිවෙසේමයි. බාප්පා හැදී වැඩුණේ මාගේ පියාගේ සෙවණෙයි. ඒ නිසාම බාප්පා හා අප අතර බෙහෙවින් සමීප සම්බන්ධතාවක් තිබුණා. බාප්පා චිත්‍රපටවලට සම්බන්ධ වෙලා ජනප්‍රිය වූ කාලයේ මං පාසල් නාට්‍යවලට වගේම ගමේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වි රඟපෑවා. ඉන් පසු රඟපෑමට ඇති ආසාව අම්මගෙ මාර්ගයෙන් මම බාප්පට ප්‍රකාශ කළා. මම අතින් ඇදගෙන යන්නේ නැහැ.
 
මම හදපු මාර්ගය ගිහින් දස්කම් පෙන්වන්න යැයි බාප්පා මට අවවාද කළා. නමුත් ඔහු අධ්‍යක්ෂවරුන් කිහිපදෙනකුට මාව හදුන්වලා දුන්නා. ඒ අනුවයි මමයි රජා, ජය අපටයි, නැවත හමුවෙමු වැනි චිත්‍රපටවලට සම්බන්ධ විමට මට අවකාශ ලැබුණේ. ඔහු මියගියත් මගේ දේශපාලන ගමන තුළ වගේම රංගන ගමන තුළ හැමදාම දැවැන්ත සෙවණැල්ලක් බවට පත් වුණා. මගේ වගකීම වුණේ ඔහුගේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කිරීමයි.
 
බොහොමයක් කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වීම තුළ කලාව හා දේශපාලනය යන දෙඅංශයම ඔවුන්ගෙන් ගිලිහෙනවා. ඔබගේ නිහැඩියාව එකී කුලකයට අයත් බව අඟවන්නක්ද?
සිනමා නිර්මාණවලට මං සක්‍රියව දායක වෙනවා වගේම මගේ දේශපාලන ගමන තුළත් මං ක්‍රියාකාරීව ගතකරනවා. මගේ දේශපාලනය ගිනියම් වූවක්වත් වාචාල වූවක්වත් නෙමෙයි. එය මගේ නිහඬතාවක් නෙමෙයි. නමුත් කැමරාව ඉදිරියේ මාධ්‍ය සන්දර්ශන දැමීම මට හුරු නැහැ. හැම මැතිවරණයක්ම මම ජයග්‍රහණය කළා. විශාල වශයෙන් මුදල් වැය කළේත් නැහැ. මගේ දේශපාලන ගමන ජනතාව තුළ සිටිමින් නිවැරැදිව කිරීම ඊට හේතුවක්.
 
අසූ තුනේ කළු ජූලියේ සිට කොරෝනා සමය වන තෙක් සිනමාවේ ප්‍රගතියක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ රතු එළි කවදා නිවෙයිද?
එය අවාසනාවන්ත තත්ත්වයක්. අසූ තුනේ කළු ජූලියේ සිනමා ශාලා 150ක් පමණ ගිනි තිබ්බා. ඒ වගේම චිත්‍රපට නැරඹීමට වාරණයක් පැනවූවා. එයින් ජනතාවට ගිලිහුණු සිනමාව මේ වන තෙක් තවමත් එලෙසමයි. රජයට සිනමාව වෙනුවෙන් වැය කළ හැකි මුදල සීමිතයි. ඒ වගේම කලාවට ළැදියාවක් ඇති පිරිස දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දක්නට ලැබෙන්නේත් නැහැ. සහන ණය ක්‍රමය තුළ මිනි සිනමා ශාලා ගොඩනැඟීමට මං නිතරම යෝජනා කළා. එකී ඉල්ලීම්වලට ඇහුම්කන් දුන්න මදි කියා මට හිතෙනවා. ඉදිරියේ හෝ දේශපාලනය තුළ සිනමාවට වැඩි අවධානයක් ලබාදිය හැකි නම් එය ගොඩනඟාගත හැකියි කියා මම විශ්වාස කරනවා.
 
විශ්මි ජයනිකා
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top