Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
"බලවතුන්ට බිය නොවී ලොවට සත්‍ය හෙළිදරව් කරන්න තම ජිවිතයම කැප කළා.." - විවාහ වීමේ අයිතිය දිනා ගත් ජුලියන් අසාන්ජ්

- "බලවතුන්ට බිය නොවී ලොවට සත්‍ය හෙළිදරව් කරන්න තම ජිවිතයම කැප කළා.." - විවාහ වීමේ අයිතිය දිනා ගත් ජුලියන් අසාන්ජ්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,744 Views
ජූලියන් අසාන්ජ් ගැන දැන් ගොඩක් දෙනෙකුට මතක නැහැ. ඇත්තටම ඔහු ගැන මතකය වළ දමලා කිව්වොත් හරි. එහෙත් එක් යුගයක ඔහු ලෝකයට කළ සේවය අමතක කරන්න බැහැ. ඒවගේම අමතක කර දැමිය යුතු නැහැ. අද වන විට පැන්ඩෝරා පේපර්ස් වගේ ලෝකයේ දැවැන්ත මුල්‍ය වංචා හෙළිදරව් කෙරෙන්නේ ජුලියන් අසාන්ජ්ගේ අඩි පාරේ ගිහින් කිව්වොත් නිවැරදියි.

ඉතා විධිමත් ලෙස ලිඛිත ලේඛන ද සමඟින් දේශපාලනඥයන්ගේ, ප්‍රකෝටිපතියන්ගේ ලේ තැවරුණු කළු සල්ලි ගැන, වංචා, දූෂණ අල්ලස් ගැන වගේම රටරටවල් පීඩාවට පත් කළ මහා යුද්ධ සහ ඒවායේ යටි පෙළේ දේශපාලනය ගැන, ඒවායේ මුල්‍ය අක්‍රමිකතා ගැන ලෝකයට මුල්වරට මහා පරිමාණ වශයෙන් අන්තර්ජාලය තුළ හෙළිදරව් කිරීම් සිදු කළේ ජුලියන් අසාන්ජ්. ඒ ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවි හරහා.
 
මේ හෙළිදරව් කිරීම් නිසා මුළු ලෝකයම කැලඹී ගියා. ඒ විතරක් නෙමෙයි ඇතැම් හොරුන්ට දඬුවම් පවා ලැබුණා. ඒ මොනවා වුණත් ඔවුන් ලැබූ ලොකුම දඬුවම තමයි ලෝකය හමුවේ තමන්ගේ වෙස් මුහුණු ගැලවී යෑම.
 
ජුලියන් අසාන්ජ්ට ලෝකයෙන් පැසසුම් ලැබෙනකොට ඒ වගේම ඉතා ම බලවත් තරහකාරයන් රාශියක් ඔහු ඇති කරගෙන තිබුණා. ඒ අතරින් ප්‍රධාන ප්‍රතිවාදියා වුණේ ඇමරිකාව. ඒකට හේතුව අසාන්ජ්ගේ විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඔහු ඇෆ්ගන් සහ ඉරාක යුද්ධවලට අදාළව ඉදිරිපත් කර තිබූ හෙළිදරව් කිරීම්. ඇමෙරිකාව තමා මාරා දමාවි කියන සාධාරණ සැකය මත අසාන්ජ් කාලයක් ඉතා සාර්ථකව සීඅයිඒ ඔත්තුකරුවන් සමඟ හැංගිමුත්තම් කළා. අවසානයේදී අසාන්ජ්ට දඬුවම් දෙන්න ඉක්වදෝර ආණ්ඩුව පෙරළා දැමීම තරම් දීර්ඝ දේශපාලන ක්‍රියාදාමයක් කරා යෑමට ඇමෙරිකාවට සිදුවුණා.
 
කොහොම වුණත් මේ වන විට අසාන්ජ් ඉන්නේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවේ. බෙල්මාර්ෂ් සිරගෙදර. ඒත් ඔහු තම යුක්තිය ලබා ගැනීම සඳහා කරන සටන අත්හැර දමා නැහැ. පසුගියදා ඔහු සත්‍ය තොරතුරු ලෝකයට හෙළිදරව් කිරීම සඳහා වන මානව අයිතිය තමාටද එකසේ භුක්ති විඳීමේ ඇති ඉඩකඩ වෙනුවෙන් සටන් කිරීමේ ප්‍රධාන පියවරක් තැබුවා. ඒ මෙතෙක් තම සහකාරිය ලෙස සිටි තම පෙම්වතිය විවාහ කර ගැනීමේ අයිතිය දිනා ගැනීමෙන්.
 
ඇය ස්ටෙලා මොරිස්. වෘත්තියෙන් ඇටර්නිවරියක්. නීතිය කියන්නේ මේ මහා හෙළිදරව් සිදු කරන ජුලියන් අසාන්ජ්ගේ වෘත්තියත් සමඟම අවියෝජනීයව බැඳී පවතින ක්ෂේත්‍රයක්. ඉතින් ඔහුට ඔහුගේ ජීවන සහකාරියට නීතිඥවරියක් තරම් සුදුසු තවත් කෙනෙක් නැති තරම්.
 
ස්ටෙලා මොරිස් අසාන්ජ් සමඟ එක්ව කටයුතු කිරීම අරඹන්නේ 2015 තරම් ඈතදී. පසුව ඇය ඔහු හා 2017 වසරේදී විවාහ ගිවිස ගන්නවා. ඒ අතර ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනක් ලැබෙනවා. 2019දී අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. එදා සිට ඔහු බ්‍රිතාන්‍ය අත්අඩංගුවේ.
 
ඉතින් අසාන්ජ් සහ ස්ටෙලා බ්‍රිතාන්‍ය නීතිය හමුවේ ඉල්ලා සිටින්නේ සිරගතව සිටින ඔහුට සහ නිදහස් ඇයට විවාහ වීමේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින්. ඒ සඳහා ඔවුන්ට සෑහෙන කලක් සටන් වදින්නට සිදු වුණා.
 
එහෙත් පසුගියදා ඔවුන්ගේ දීර්ඝකාලීන සටන මල්ඵල ගන්වමින් ඔවුන්ට විවාහ වීමේ අවස්ථාව බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ලබා දුන්නා. මේ තීරණය ගොඩක් දේ ලොවට පැහැදිලි කරනවා. ඒ අතරින් එක් ප්‍රධාන කරුණක් වන්නේ පැරණි හෙළිදරව් කිරීම් ගැන ඇමෙරිකාව තවදුරටත් වද නොවනා බව. අසාන්ජ් සිරගත කිරීමේ ඇමරිකානු ප්‍රධාන අවශ්‍යතාව වුණේ ඔහු ඇෆ්ගන් සහ ඉරාක යුද්ධ පිළිබඳ රහසිගත තොරතුරු ලොවට හෙළිදරව් කිරීම. දැන් මේ යුද්ධ දෙක ම ඉතිහාසයට එක් වෙලා. වත්මන් ඇමෙරිකානු ආණ්ඩුවට ඒ වෙනුවට මැදිහත් විය යුතු කරුණු රාශීයක් තිබෙනවා. ඉතින් අසාන්ජ් තවදුරටත් ඔවුන්ට වැදගත් පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා ඔහු සම්බන්ධ තීරණවල යම් ලිහිල් කිරීමක් සඳහා බ්‍රිතාන්‍ය බලධාරීන්ට අවස්ථාව හිමි වුණා වෙන්නත් පුළුවන්. මේ වන විට අසාන්ජ්ට එල්ල වී තිබුණු චෝදනාවලත් යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙනවා.
 
කොහොම වුණත් බලවතුන්ට බිය නොවී ලොවට සත්‍ය හෙළිදරව් කරන්න තම ජිවිතයම කැපකරපු ජුලියන් අසාන්ජ් කියන්නේ ලෝකය ම අගය කළ යුතු වීරයෙක්. ඉතින් ඔහුටත් ස්ටෙලාත් සුබ මංගලම්.
 
ටිරෝනි වෑවලගේ
රසඳුන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top