Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
"මම අවුරුදු 31ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා, මම ඉන්නේ හිතේ අමාරුවෙන්.." - ලොවම දිනූ මිලින නොවන මල මංගල

- "මම අවුරුදු 31ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා, මම ඉන්නේ හිතේ අමාරුවෙන්.." - ලොවම දිනූ මිලින නොවන මල මංගලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,024 Views
දිවංගත මංගල සමරවීරගේ තෙමස් පූර්ණ අනුස්මරණය අදට යෙදී තිබේ. මෙරට දේශපාලන බිමෙහි රැඩිකල් විප්ලවකාරී දැවැන්ත චරිතයක් ලෙස මංගල සමරවීර නම සටහන්ව තිබේ.

රුහුණු පළාත විවිධ වකවානුවල මෙරට දේශපාලනයට විවිධ දේශපාලනඥයන් දායාද කර තිබේ. ඒ අතර සුවිශේෂී අනන්‍යතා සහිත නායකයකයෙක් වශයෙන් මංගල සමරවීර හැඳින්විය හැකිය. මංගලගේ වියොවින් කම්පා වූ බොහෝ පිරිස් වඩාත් සංවේදී වූයේ ඇතැම් සමාජ කාරණා සම්බන්ධව මංගල අනෙක් බොහෝදෙනාට වඩා කල් ඇතිව අවදි වී සිටි නිසාය. එහෙත් ගෝලීය වසංගතය විසින් ඔහුව අපෙන් උදුරා ගනු ලැබීය.
 
මංගලගේ අභාවයෙන් ඉනික්බිතිව ගෙවුණු කාලය අපට පසක් කළේ ජීවත් සිටි මංගලට වඩා මියගිය මංගල වඩාත් ප්‍රබලව සමාජයේ නැඟී සිටින බවය. ඔහුගේ කියමන්, වදන් ඉකුත් මාස තුන තුළ සමාජයේ විවිධ ස්තර තුළ වියතුන් සභා මැද ‍ෙදා්ලනය වූ අයුරු අපි දුටුවෙමු. මංගලගේ මරණය විසින් ජීවත්ව සිටි මංගලගේ ප්‍රතික්ෂේපිත සංකල්පවලට නව වලංගුතාවක් ඇතිකර තිබේ. මෙයින් පසක් වන්නේ ජීවත් වූ මංගලට වඩා මියගිය මංගල බලවත් බවය.
 
මංගලගේ අඩුව ලාංකේය සමාජයට තදින් දැනෙන නිසා මංගල ගැන බොහෝදෙනා බොහෝ දේ ලියා තිබූ අයුරු අපි දුටුවෙමු. මංගලගේ පියා මහානාම සමරවීර දේශපාලනය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්ෂයෙනි. ඔහු දකුණේ ප්‍රකට රත්තෙක් වූයේය. ඔහු පසුව දකුණට ගමන් කොට එජාපයට එක්විය. නමුත් මෙරට වාමාංශික දේශපාලනය මංගල පින්සිරි සමරවීර වම් ඉවුරේ එකකු ලෙස සැලකුවේ නැත.
 
රුහුණේ උපන් මංගල දේශපාලන පෙළපතක දරුවකු වුවද මංගල දේශපාලනයට පිවිසියේ පියාගේ සමීප ආභාසය ඇතිව නොවේ. එයට හේතුවූයේ ඔහු කුඩා කලදීම පියා ජීවිතය හැර යෑමය.
 
මංගලගේ ජීවිතය ගොඩනැඟුණේ ඛේමා පද්මාවතී අමරවීර නම් වූ සිය මවගේ උණුසුමෙහිය. නීතිඥ මහානාම සමරවීරට දරුවන් තිදෙනෙකි. වැඩිමල් පිරිමි දරුවා ජයමිණී සමරවීරය. මද්දුමී ජයන්ති චාන්දනීය. බාලයා මංගල පින්සිරි වූයේය. වියපත් මංගල බොහෝ ඇලුම් කළ කියමනක් වූයේ ඛේමාගේ කොලුවා ලෙස තමා හැඳින්වීමය.
 
මංගල පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1989දීය. එතැන් සිට 2020 දක්වා වසර 31ක් පුරාවට මංගල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. සිය දේශපාලන ප්‍රතිපත්ති අදහස් හා දර්ශනය කිසිවිට ඛණ්ඩනය කර නොගත් ප්‍රායෝගික දේශපාලකයකු ලෙස මංගල හැඳින්විය හැකිය.
 
එතෙක් මෙතෙක් ගෙවුණු කාලය තුළ මෙරට දේශපාලනයේ සෑම සුවිශේෂී සංසිද්ධියක් තුළම මංගලගේ භූමිකාව තීරණාත්මක වූයේය. මෙරට සිදු වූ බල පෙරළි බොහොමයක ප්‍රධාන සාධකය මංගල විය. වාසිය රැ¾දුණු මාවත වෙනුවට යුක්තිය රැ¾දුණු මාවත ඔහු තෝරාගත් නිසාම ඔහුගේ අධිෂ්ඨානය කිසිවකුට අභිභවනය කරන්නට නොහැකි විය. දේශපාලන ලෝකය මංගල හැඳින්වූයේ ඬඪදඨථචඬඥප හෙවත් රජුන් තනන්නා ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යමින් ජනතා හිතවාදී නොවන ආණ්ඩු පෙරළන්නට දක්ෂයකු ලෙස මංගල සැලකූ බොහෝ නායකයෝ ඔහුගේ දේශපාලනයට බිය වූහ.
 
මංගල රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ජාත්‍යන්තර දේශපාලනයේ විශේෂ නමක් දිනාගෙන සිටියේය. මංගලගේ අභාවය නිමිත්තෙන් ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනිය වූ සමන්තා පවර් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඇයගේ සමීපතම මිතුරකු මෙන්ම ඇයට සුවිශේෂී
 
අවස්ථාවන්හිදී උපදෙස් ලබාගන්නට සිටි හිතවතකු අහිමි වූ බවය.
 
මංගල අප හැර ගියේ රට දැවැන්ත දේශපාලන පරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතකය. මංගල සමුගත්තේ නව දේශපාලන ගමන් මඟකට මුලපුරා ගතවූ පළමු නිමේෂයේදීය. මංගලගේ අභාවය විසින් ඇති කරන ලද සමාජ දේශපාලනයේ හිදැස කවදා කෙලෙස සම්පූර්ණ වේ දැයි මේ මොහොතේ කිසිවකුට නිගමනය කළ නොහැකිය.
 
ඔහු මියෙන්නට ඉතා ආසන්න දිනෙක මාධ්‍යයකට පිළිතුරු දෙමින් මෙසේ පවසා තිබිණි.
 
“මම අවුරුදු 31ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ කාලය තුළ මේ රටේ සිදු වූ තීරණාත්මක අවස්ථාවන්ට මම මැදිහත් වුණා. එහෙම බලද්දී 1948 ඉඳලා අද වෙනකම් ගත්තම මේ රට විශාල විනාශයක් අභිමුවට පැමිණ තිබෙනවා. මම හිතේ අමාරුවෙන් ඉන්නෙ වසර 72ක දේශපාලනය තුළ වසර 31ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කෙනෙක් හැටියට මම මේ තත්ත්වය තව තවත් වැඩිදියුණු කරන්න, පෝෂණය කරන්න ඍජුව දායක වෙච්චි කෙනෙක්. මේ නරක යුගයේ මම පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසා මට නිතර හිතෙනවා, මගේ ඔළුවට වධ දෙනවා මමත් අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වයට වග කියන්න ඕන නේද කියලා.”
 
එයින් පෙනෙන්නේ මංගල ඔහු පැමිණි ගමන්මඟ ඉතා නිවැරැදිව අවලෝකනය කොට සිටි බවය. යම් නිශ්චිත දැක්මක් ඇතිව දේශපාලනයේ උත්කෘෂ්ට පරිණත අවධියට ළඟා වන මොහොතේ ඔහු රටට අහිමිව ඇත.
 
විවිධ මත දැරූ දේශපාලන බලවේග සමඟ වැඩ කිරීමේ අපූරු ශක්‍යතාවක් ඔහුට තිබිණි. චන්ද්‍රිකා, මහින්ද, රනිල් සමඟ මෙන්ම ජවිපෙ සමඟද වැඩ කිරීමට මංගල සමත් විය. මෙරට දේශපාලන අංශ මෙන්ම ලෝක රාජ්‍ය නායකයන්ද මංගල සමරවීර අවංක මිනිසකු බව දැන සිටියේය. රටට අහිමි කොට තිබූ ජී.එස්.පී. සහනය නැවත ලබාදුන්නේ විදේශ ඇමැති මංගල කෙරෙහි යුරෝපා සංගමය එදා තැබූ විශ්වාසය නිසාය.
 
මංගල පින්සිරි සමරවීර වරෙක තවදුරටත් මෙසේද පවසා තිබේ.
 
“මම හිතන්නේ නිදහසින් පස්සේ මේ රටට විවිධ කණ්ඩායම් විසින් ආගම්වාදී ජාතිවාදී කල්ලිවාදී යල්පැනගිය සංකල්ප ගෙනාවා. විශේෂයෙන් 1956 බණ්ඩාරනායක ප්‍රතිපත්ති හරහා ගෙනාපු පංච මහා බලවේගය නමැති සංකල්පය තමයි මේ රට ගෝත්‍රවාදී තැනකට තල්ලු කළේ. ඒ මතවාදය කොච්චර වර්ධනය වුණාද කියනවා නම් 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තනි සිංහල ආණ්ඩුවක් දක්වා ඒ තත්ත්වය වර්ධනය වෙලා ආවා. දැන් අපිට තේරෙනවා මේ යල්පැනගිය මතවාදවලින් තවදුරටත් රටක් හැටියට අපට ඉස්සරහට යන්න බෑ කියලා. 1948 නිදහස ලැබුණත් ලංකාව කියන මාලිගාව හදන්න ගත්තෙ අත්තිවාරම නැතුව. එන එන ආණ්ඩු තම තමන්ට ඕන විදිහට තට්ටු ගැහුවාට හදන හදන තට්ටුව කඩලා ගියා. අන්තිමේ ඉතුරු වුණේ සිහින මාලිගාවක් විතරයි.
 
මගේ හෘද සාක්ෂියට අනුව මේ රට වැටිලා තියෙන තැනින් වෙනස් කරන්න මගේ ජීවිතයේ අවසාන කාලයේදී හෝ උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඒක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන්න මට බෑ. මම හැමෝටම කියන්නේ දැන්වත් අපි මේ රට ගොඩගන්න අත්තිවාරම දාමු. ඒක කරන්න අපි කවුරුවත් අපි බයියො, අපි ටොයියො, අපි ජෙප්පෝ කියලා බෙදිලා නම් බෑ.”
 
මංගල ගතානුගතික දේශපාලන සම්ප්‍රදායයන් දෙදරවාලූ දේශපාලකයෙකි. ඔහු විප්ලවකාරී ලෙස නවීනත්වය දේශපාලනයට රැගෙන ආවේය. ජනප්‍රිය දේශපාලනය තුළ මංගලගේ භූමිකාව ඇති කළේ ප්‍රතිවිරෝධයකි. මංගලගේ මතවාද ජනගත වන දැතිරෝද කැරකුණේ ඉතා සෙමිනි. එහෙත් එහි දැඩි තිරසර බවක් පැවැති බව අපට පෙනෙන්නේ දැන්ය.
 
ඛේමාගේ කොලුවා ස්වකීය භූමිකාවට තිත තබා නික්ම ගොසිනි. මෙරට සාම්ප්‍රදායික දේශපාලන සමාජ සංස්ථාවන්ට දැඩි ලෙස වෛර කරන නූතන තාරුණ්‍යය තවදුරටත් හුදෙකලාවක තනිවී පසු නොවනු ඇත. මනුෂ්‍යත්වය ජයග්‍රහණය කරවීමේ අරගලයේදී ඉතිහාසයේ රෝදය සමාජ ප්‍රගමනය කරා ඉදිරියට පෙරළන්නට අවශ්‍ය ශක්තිය හා ජවය තරුණ පරපුරට ලබාදී මංගල සමරවීර දැයෙන් සමුගත් බව සඳහන් කරන්නට හැකිවීම ඔහුට දක්වන උපහාරයකි.
 
උදේනි සමන් කුමාර
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top