Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
23
“මුල්ගල තිබ්බේ ලන්සා ! මේක ඇත්තටම මිනී මැරුමක් !! නිළධාරිනුයි, මන්ත්‍රීවරුයි බම්බු ගහනවද ?” - ජීවිත 6ක් බිළිගත් කින්නියා ඛේදවාචකයේ මෙතෙක් හෙළි නොවූ ඇත්තම කතාව මෙන්න - මන්ත්‍රී කෙනෙක්ගේ නිවසත් කුඩු වෙයි - පාර්ලිමේන්තුවත් උණුසුම් - Video

- “මුල්ගල තිබ්බේ ලන්සා ! මේක ඇත්තටම මිනී මැරුමක් !! නිළධාරිනුයි, මන්ත්‍රීවරුයි බම්බු ගහනවද ?” - ජීවිත 6ක් බිළිගත් කින්නියා ඛේදවාචකයේ මෙතෙක් හෙළි නොවූ ඇත්තම කතාව මෙන්න - මන්ත්‍රී කෙනෙක්ගේ නිවසත් කුඩු වෙයි - පාර්ලිමේන්තුවත් උණුසුම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,629 Views
“මුදවා ගැනීමේ කණ්ඩායම් ආවේ අපි බේරගත්තට පස්සේ..”
ප්‍රමිතියක් නෑ කියලා
මිනිස්සු සැරින් සැරේ කිව්වා...”
 
ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ - කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරලීමෙන් මියගිය 6 දෙනාගෙන් පස්දෙනෙකුම පවුල් දෙකකට අයත් පුද්ගලයන් බව පොලීසිය පවසනවා.
 
මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ සමගි ජනබලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස් තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට ප්‍රහාරයක්ද එල්ල වුණා.

කින්නියා කලපුව හරහා ඇති පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙනුයි ප්‍රදේශවාසීන් කළපුව හරහා ගමන් කිරීමටයි මෙම පාලම් පාරුව යොදාගෙන ඇත්තේ.
 
අද උදෑසන 7.30 ට පමණ පාලම් පාරුව අනතුරට ලක්වූ අතර, එම අවස්ථාව වනවිට එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
අනතුරෙන් කුඩා දරුවන් හතරදෙනෙකු, කාන්තාවක් සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මියගිය කාන්තාව 30 හැවිරිදි වියේ පසුවූ අතර, ඇගේ 6 හැවිරිදි දරුවා සහ අවුරුදු තුනහමාරක් වයසැති දියණියද මියගොස් තිබෙනවා.
 
එමෙන්ම වයස අවුරුදු අටක සහ හයක එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුද පාලම් පාරුව පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
20 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගතකරනු ලැබුවා. ඉන් හතරදෙනෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
 
බැරල් සහ ලී යොදා ගනිමින් මෙම පාලම් පාරුව සකස් කර ඇති අතර, ගමන් කිරීමේ ආධාරකයක් ලෙස දෙපසින් කේබල් යොදා තිබෙනවා.
 
එම කේබලයක් කැඩී යාම නිසා පාලම් පාරුව පෙරළී ඇති බවටයි පොලීසිය දැනට සැක කරන්නේ.
 
කෙසේ වෙතත් නාවික හමුදාව තවදුරටත් අදාළ ස්ථානයේ මෙහෙයුමක් දියත් කර ඇත්තේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුට අතුරුදන්වී ඇති බවට ප්‍රදේශවාසීන් සිදුකර ඇති ප්‍රකාශ සමඟයි.
 
පාලම් පාරුව පෙරළීමෙන් පසු ප්‍රදේශවාසීන් කින්නියා නගරයේ බුහාර් මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරතවූ අතර, එහිදී ඔවුන් ටයර් ගිනි තබමින් විරෝධය පළ කළ බවද හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.
 
එමෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස් තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසටද ප්‍රහාරයක් එල්ල කළේ මොහු නව පාලම පිළිසකර කිරීම සඳහා මුල් ගල තැබීමට එක්වූ බවට පවසමින්.
 
එසේම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියට නියෝග කළ බවයි.
 
මේ අතර පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ද පළාත්පාලන කොමසාරිස් එන් මනිවන්නන්ට අද නියෝගයක් කර තිබෙනවා.
 
පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳවද තමාව දැනුවත් කරන ලෙසයි ඇය නියෝග කර ඇත්තේ.
 
මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ද සිදුකරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top