Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
23
‘මං ගුරුන්නාන්සෙට ගහන්න මාර පොල්ල උස්සගෙන ඉස්සරහට යද්දී හඳ එළියට මගේ ඉස්සරට හෙවණැල්ලක් වැටුණා' - බැඳගෙන වැඩ ගත්තු ගුරුන්නාන්සේගේ කොට යකා...

- ‘මං ගුරුන්නාන්සෙට ගහන්න මාර පොල්ල උස්සගෙන ඉස්සරහට යද්දී හඳ එළියට මගේ ඉස්සරට හෙවණැල්ලක් වැටුණා' - බැඳගෙන වැඩ ගත්තු ගුරුන්නාන්සේගේ කොට යකා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,710 Views
හෙතෙම අනුරාධපුර ප්‍රදේශයේ අතිශය ජනප්‍රිය චරිතයකි. 
 
නම කියූ සැණින් ප්‍රදේශයේ පමණක් නොව රටේම ජනයා අතර යම් හුරුපුරුදු බවක් සිහියට නැගෙන තරමට හෙතෙම රට තුළ ප්‍රසිද්ධව සිටියේය. 
 
ඔහු කළ ගුරුකමක් වැරැදී නැතැයි යන අදහස කාගේත් සිත් තුළ තදින්ම තැන්පත්ව තිබුණේය. 
 
මේ නිසාම බොහෝ පිරිසක් තම තමන්ගේ දුක් කරදර කම්කටොලු කියන්නට ගුරුන්නාන්සේ සොයාගෙන ආහ.

කාලයක් ගුරුන්නාන්සේ යම් යන්ත්‍ර මන්ත්‍ර කටයුත්තකට යැයි කියා කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිටියේය. ඒ කාලය නිම කර ආපසු එද්දී හෙතෙම පැමිණියේ තවත් අමුත්තකු කැඳවාගෙනය. ඔහු උසින් අඩු කුරු මිනිසෙකි.
 
‘මට හොඳ ගෝලයෙක් හම්බවුණා…’
 
ඔහු නිතරම ගමේ මිනිසුන්ට පැවැසුවේ එලෙසිනි. ගමේ අයටද මේ අමුත්තා ගැන සිතුණේ ගුරුන්නාන්සේටම හරියන ගෝලයකු ලැබී ඇතැයි කියාය. ගෝලයා ගුරුන්නාන්සේට එතරම්ම කීකරුව වැඩපළ කළේය. නිතරම කඩිසරව දුවපැන ඇවිදිමින් බොහෙත් කොටන, අඹරන මේ අමුත්තා නිතරම ගුරුන්නාන්සේ යන එන තැන්වලට ගියේය. සෙත් ශාන්ති ආදියටද මේ අමුත්තා අනිවාර්යයෙන්ම සහභාගි වූයේය. ඒ සෑම තැනකම ගුරුන්නාන්සේ අසලින්ම හිඳ කටයුතු කරන අමුත්තා හිටි හැටියේ අතුරුදන් වන බවට කතාවක් පැතිර ගියේ අනුරාධපුර අවටම තැනක ශාන්ති කර්මයකට ගිය අවස්ථාවේය.
 
එදින ගුරුන්නාන්සේ මතුරමින් සිටියදී වචන පැටලුණු බවත්, එක් වරම අතුරුදන්වූ ගෝලයා විනාඩි කිහිපයකින් නැවත එම ස්ථානයේ සිටි බවත් සිද්ධිය දුටු අය පවසන්නට විය. ඇතැමුන් පැවැසුවේ මේ අමුතු ගෝලයා ගුරුන්නාන්සේ සමග පිටවී යනු දුටුවද ඊට සුළු මොහොකට පසුව වෙද ගෙදර සිටි අයුරු දකින බවකි. තවත් සමහරුන් පැවැසුවේ විටින් විට කොහේ සිටිනවාදැයි කියන්නට බැරි ආකාරයට අමුත්තා අතුරුදන් වන බවකි. තවත් පිරිසක් කියා සිටියේ ගුරුන්නාන්සේ සමග කොළඹ යනවා යැයි කියා පිටව යන ගෝලයා ඊට මොහොතකට පසු වෙද ගෙදරත්, නැවත වන ලැහැබ තුළ බෙහෙත් හොයමිනුත් ආදී ලෙස සිටිනු දකින බවකි. එලෙස නොසිතූ වේගයකින් කටයුතු කිරීමේ හැකියාවක් අමුත්තා සතු වන බවකි.
 
ගමේ කෙනකු මේ බව ඇසූ දිනෙක ගුරුන්නාන්සේ කියා සිටියේ මිනිහා හපනා යනුවෙනි. මේ අමුතු ගෝලයා ගැන ගම පුරා කටකතා පැතිර යද්දී දිනක් ගමේ පන්සලේ උත්සවයකදී ඇතිවූ ගැටුමකට මැදිහත් වන්නට ගුරුන්නාන්සේට සිදුවූයේ නොසිතූ මොහොතකය. ගමේ කවුරුත් කියන දෙයක් නොඅසන පන්සලේ හාමුදුරුවන්ටත් මෙල්ල නොවූ පුද්ගලයකු එදින ගුරුන්නාන්සේ සමග වෛර බැඳ ගත්තේය. කීප වතාවක් ගුරුන්නාන්සේට පහර දෙන්නටද උත්සාහ කළේය. ගම්වාසීන් මැදිහත්ව එය වැළැක්වුවද එම පුද්ගලයා ගුරුන්නාන්සේට පහර දෙන බවට පාරම්බාමින් සිටියේය. පන්සලේ උත්සවය අවසන් වන තුරුම මේ පුද්ගලයා ගුරුන්නාන්සේට බැල්ම හෙළාගෙන සිටියේ කෙසේ හෝ තම වෛරය පිරිමසා ගන්නට සිතමිනි.
 
මේ බව ගම්මුන් කිහිප දෙනකුම ගුරුන්නාන්සේට දැනුම් දුන්නද ඒ සෑම මොහොතකම ගුරුන්නාන්සේ කළේ යන්තමින් හඬනගා සිනාසීමය. මේ සෑම තැනකම ගුරුන්නාන්සේගෙ අමුතු ගෝලයා සියල්ල අසාගෙන නිහඬව සිටියේය. අවසානයේ ගුරුන්නාන්සේ නිවෙසට යන්නට පිටව ගියේ පාන්දර යාමයේය. අතරමඟදී ගුරුන්නාන්සේ සමග කේන්තියෙන් සිටි පුද්ගලයා ගුරුන්නාන්සේට පහර දීමට පිටුපසින් පැමිණියේ කාටත් රහසිනි. එහෙත් ඔහු ගුරුන්නාන්සේට ළංවත්ම හිටි හැටියේ පිටුපසින් වැදුණු පහරකින් බිම ඇදගෙන වැටුණේය. මේ ආරංචිය පන්සලේ සිටි පිරිසද දැන එම ස්ථානයට දුව ආවෝය. ගම්වැසියාව වෙද ගෙදරට ගෙන ගියේත් ගම්වැසියන්මය. ඔහුගේ සිරුර පරීක්ෂා කළ ගුරුන්නාන්සේ ඇප නූලක් දමා තෙල් සාත්තුවක් කර යළි සිහිය ගත්තේ එම පුද්ගලයාගේ පිට මැද තිබූ තද නිල් පැහැ ඇඟිලි පහරවල් පහක් අන් අයට පෙන්මිනි. ‘පේනවනේ යකා ගහලා තියෙන්නේ’. ගුරුන්නාන්සේ පැවැසුවේ ඔහුටත් ඇසෙන පරිද්දෙනි.
 
‘මොකද වුණේ?’ සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාගෙන් ඇසුවේය.
 
‘මං ගුරුන්නාන්සෙට ගහන්න මාර පොල්ල උස්සගෙන ඉස්සරහට යද්දී හඳ එළියට මගේ ඉස්සරට හෙවණැල්ලක් වැටුණා. එකසැරේම ලොකු වුණා. ඊට පස්සේ මගෙ පිටට ගිනි සැරට පාරක් වැදුණා. එතකොටම මං දැක්කා… නෑ නෑ මං ඊට පස්සේ මොකුත් දැක්කෙ නෑ…’
 
ඔහු කතාව නවතා ගත්තද, පසු කලෙක ඔහු කියා සිටියේ ගුරුන්නාන්සේගෙ ගෙදර සිටින කුරු මිනිසා එදින තමන්ට පිටුපසින් සිට ඉදිරියට ආ බවත්, තමන් ගුරුන්නාන්සේට පහර දෙන්නට යද්දී ඔහු සිටියේ ගුරුන්නාන්සේ අසල බවත්ය. තමන් සිහිමඳ ගතියෙන් වැටෙද්දී කුරු මිනිසා විශාල වී පෙනුණ බවත් ඔහු පැවැසුවේය.
 
‘ගුරුන්නාන්සේගෙ ගෙදර ඉන්නෙ යක්ෂයෙක්. ගුරුන්නාන්සෙ ඌව මන්තර බලෙන් බැඳගෙන වැඩ ගන්නේ…’
 
මේ කතාව ගම පුරාත් අහල පහළ ගම්වලත් පැතිර යද්දී කවුරුත් අමුත්තා දෙස අමුතු විදියට බලන්නට ගත්තේය. පසු කලෙක අමුත්තා අතුරුදන්ව තිබූ අතර ගුරුන්නාන්සේ පැවැසුවේ, ‘මං මිනිහව ගමේ යැවුවා ටික දොහකට…’ යනුවෙනි.
 
එහෙත් ගෝලයා ඉන් පසු නොආවද, ගුරුන්නාන්සේ යකකු බැඳ වැඩගත් කතාව තවමත් එම ගමේ වැසියන් අතර නිතර නිතර කියැවෙන්නේය.
සත්‍ය කතාවකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි.
කුමාර රත්නායක
 
 
 
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top