Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
22
වාහන රකින පිටතින් සවි කළ ‘එයාර් බෑග්’

- වාහන රකින පිටතින් සවි කළ ‘එයාර් බෑග්’Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,731 Views
කරත්තයෙන් ඇ‍රැඹි ප්‍රවාහන ක්‍රම දිනෙන් දින දියුණු වී අද වන විට දියෙන් මෙන් අහසින් ද ගමන් කළ හැකි යානා නිපදවීම දක්වා ශීඝ්‍ර දියුණුවක් ලබා ඇත. 
 
මේ අතර, මෝටර් රථ සඳහා සඳහා හිමි වන්නේ විශේෂ තැනකි. 
 
නවීන මාදිලියේ හැඩවලින් මෙන්ම එන්ජින් ධාරිතාවලින් යුත් රථ නිපදවීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. 
 
කෙසේ වෙතත් මෝටර් රථවල දියුණුව හේතුවෙන් වර්තමානය වන විට සිදු වන අනතුරුවල ද වැඩි වීමක් පෙන්නුම් කරන අතර, මිනිසුන්ගේ නොසැලකිලිමත්කම ද ඊට බලපා ඇත.

මෙලෙස සිදු වන අනතුරුවලින් මෝටර් රථවල ගමන් කරන මිනිසුන්ගේ ආරක්ෂාවට එයාර් බෑග් තාක්ෂණය විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ අතර, ඉන් ඇතුළත ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව යම් දුරකට තහවුරු විණි. 
 
මෝටර් රථය ඇතුළතින් සවි කර තිබෙන මේ එයාර් බෑග් අනතුරකදී පිම්බෙන අතර, සිදු වන අනතුරින් ඇතුළත සිටින පුද්ගලයන් ඉදිරිපස වීදුරුවේ වැදීම වළකාලයි. 
 
මින් ඇතුළත ගමන් කරන්නන්ගේ ජීවිත පිළිබඳ අඩු අවදානමක් පවතී. 
 
එබැවින් මිය යෑමට පවතින ඉඩකඩ බොහෝ සෙයින් අඩුය. 
 
මේ කියන්නට යන්නේ වාහනවලට සවි කර ඇති අලුත්ම එයාර් බෑග් වර්ගයක් ගැනය. 
 
External airbag system යනුවෙන් හඳුන්වන මේ පද්ධතිය මෝටර් රථයේ පිටතින් සවි කර ඇති අතර තම මෝටර් රථය මෙන්ම, තම මෝටර් රථයේ ගැටෙන වෙනත් වාහනයක් හෝ දෙයක් ආරක්ෂා වනු ඇත. 
 
බෙහෙවින්ම තම මෝටර් රථයට අනතුරකින් සිදු වන හානිය අඩු කර ගැනීමට මේ External airbag system පද්ධතිය සොයාගෙන ඇති අතර, ඇතුළත ගමන් කරන පුද්ගලයන් ද ආරක්ෂාකාරී වෙයි. 
 
External airbag system පද්ධතිය සම්පූර්ණ වාහනය ආවරණය වන පරිදි පිටතින් එයාර් බෑග් විවෘත වන අතර, වාහනයක් හෝ යම් දෙයක් ගැටීමට ආසන්න වන මොහොතේදීම ක්ෂණිකව ක්‍රියාත්මක වන පරිදි නිපදවා ඇත. 
 
පාපැදියක, යතුරුපැදියක ගමන් කරන කෙනකු හෝ පයින් ගමන් කරන පුද්ගලයකු හදිසියේ මෝටර් රථයක ගැටීමෙන් ඔවුන්ට සිදු විය හැකි අනතුර අවම කර ගැනීමට External airbag system මඟින් හැකිය. 
 
මේ හේතුවෙන් බාහිර පුද්ගලයන්ගේ ආරක්ෂාව ද තහවුරු වන අතර, තම මෝටර් රථයට අනතුරකදී සිදු වන හානිය මෙන්ම තමන්ව ද ආරක්ෂා වනු ඇත. 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top