ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ට රුපියල් 30,000 කඩිනම් ප්‍රසාද දීමනාවක් ලබාදීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ලංගම සේවකයන් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිව වුවද ‘කොවිඩ්’ ව්‍යාප්තිය කාලයේ ද ජීවිත අවදානම ද නොතකා සේවය කළ බවත් ලංගම සේවයන්ට ප්‍රසාද දීමනාවක් ලෙස රුපියල් 15000 ක් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා නැවත ගෙවීමේ පදනම මත රුපියල් 15000 ක් ලෙස මෙම දීමනාව ලබාදෙන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.
එම සංගමයේ ඉල්ලීම මත පසුගිය වසරේ රුපියල් 23,500 ක මුදලක් ලබා දුන්න ද වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව අවධානය යොමු කර මෙවර කිසිඳු වර්ගීකරණයකින් තොරව රුපියල් 30,000 ක සම්පූර්ණ මුදල සියලුම ලංගම සේවකයන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ද වැඩි දුරටත් ඉල්ලා සිටියි.