Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
22
දෛවයට වෛර කරමින් මියගිය පෙම්වතිය, පෙම්වතා සොයා මැදියම් රැයේ පැමිණෙයි...

- දෛවයට වෛර කරමින් මියගිය පෙම්වතිය, පෙම්වතා සොයා මැදියම් රැයේ පැමිණෙයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82 Views
සිරිදාසගේ සිත තවමත් ඇත්තේ දැඩි ලෙස නොසන්සුන්වය. 
 
දෙගිඩියාවෙන් පෙළෙන තම සිත අස්වසා ගැනීම කළ යුත්තේ කෙසේ දැයි පැහැදිලි බවක් සිරිදාසට තිබුණේ නැත.

බටනළාව අතට ගත් සිරිදාස එක අරමුණක නොසිටියත් වත්ත පහළට ගියේය. එය පුරුද්දට ගිය ගමනක් මිස හිතේ ඇතිවූ සතුටට ගිය ගමනක් නම් නොවේ.
 
සිරිදාස බටනළාවේ සිදුරට දෙතොල උල්කොට මුව තබා පුරුද්දට මෙන් නළාව පිඹින්නට පටන් ගත්තේය. ඒ අතර නළාවේ සෙසු සිදුරු අතර දෑතේ සෙසු ඇඟිලිද එහා මෙහා ගියේය.

ඒත් අද.. සුජාතා කොහේද? එතෙක් බටනළාවට ශෝකීය පදමාලා එක්කළ සිරිදාසට එකවර සිතිනි. අනේ දෙවියනේ… සුජාතායි… මහ හයියෙන් කෑගැසුවත් සිරිදාසගේ හඬ වචන බවට පෙරළුණේවත්… එය පිටතට ඇසුණේවත් නැත.
 
හදවත පිරීගිය ශෝකයෙන් සිරිදාසගෙ මුළු සියොලඟම දැවෙන්නා සේ දැනුණි. ගල්තලාවෙන් නැඟී සිටි ඔහු දෙවැට පැනවිත් බොරලු පාර අද්දරට පැමිණියේය. සුදුවතින් සැරැසුණු උවැසි උවැසියෝ මෙන්ම ළමා තරුණ වයසේ සිටින උන්ද ගම්සභා පාර දිගේ පන්සල දෙසට ශාන්තව පියනඟන අයුරු සිරිදාස දුටුවේය.
 
පසුගිය පුර පසළොස්වක පොහෝ දිනය සිහිපත්වූ සිරිදාසට සිතුවම්පටක් සේ එදින සිදුවුණු සිද්ධි දාමයන් සිහිපත් වන්නට විය.

තම වැඩිහිටියන් කෙසේ වෙතත් සුජාතාගේ වැඩිහිටියෝ, ඔවුනොවුන් දෙපළගේ ප්‍රේම සබඳතාවට තහංචි දැමූහ. එකිනෙකාට හමුවීමට තිබූ ඉඩකඩ පවා වසා දැමූ ඔවුන්, සිරිදාස සමඟ තිබූ ඇයි හොඳයිය නතර කරන ලෙස සුජාතාට තරවටු පවා කළහ.
 
ඒත් සුජාතා – සිරිදාසට තම කුලුඳුල් පෙම පුද කළේ පණ ඇරලාය. සිරිදාස තමන්ට අහිමි වුණොත් දිවි හිමියෙන් තමන් තනිව සිටිනවා යැයි සුජාතා – සිරිදාසගේ මුහුණටම කිහිප විටක්ම කීවාය.
 
යළිත් සිරිදාසට ඉකුත් පුර පසළොස්වකදා සිහිපත් වුණේය. සෙසු තරුණ ප්‍රේමවන්තයන් අතිනත අල්ලා තෙල්, මල්, සුවඳ කූරු රැගෙන පන්සල් යන අයුරු එදා සිරිදාස බලා සිටියේ හූල්ලමිනි.

සුජාතාගේ වැඩිහිටි අයගේ ආශීර්වාදය අප දෙදෙනාට ලැබී තිබුණේ නම් අපටත් එසේ පන්සල් යෑමට තිබුණා නොවේදැයි සිරිදාසට සිතිණි.

තමන්ගේ දුප්පත්කම, දෛවය දෙකම තමාගේත්, සුජාතාගේත් ඇසුරට තහංචි දමා ඇති අයුරු සිරිදාස සිහිපත් කළේ තම දෛවයටද වෛර කරමිනි.
 
අ… ආ… අන්න අද සුජාතත් ඇගේ මවත්, නැඟණියක සමඟ සුදුවතින් සැරැසිලා පන්සල පැත්තට යනවා… අනපේක්‍ෂිතව එකවර දුටු දසුනෙන් සියුම් සතුටක් සිරිදාසගේ යටි හදවතේ මෝදු වන්නට විය.
 
පිරිස මැදට වී පන්සල පැත්තට යමින් සිටි සුජාතා එකවරම ගෙල හරවා දෙවට දෙස බැලුවාය. දෙ… දෙ… දෙවියනේ… සුජාතාත් අද පන්සල් යනවා. මට කොහෙද ඒ පිරිසට එකතුවෙලා පන්සල් යන පිනක්. 
 
එසේ සිතමින් පිරිස දෙස බලා සිටින විට සුජාතාගේ නෙතයි… සිරිදාසගේ නෙතත් එකට හමුවිය. ඔවුනොවුනට එය තරමක සතුටක් වුවද, ඒ සතුට ඔවුන් අතර වැඩි වේලාවක් රැඳී තිබුණේ නැත. සුජාතාගේ අම්මා… ඇයගේ අතින් ඇදගෙනම පන්සල දෙසට ගමන් කරනු දුටු සිරිදාසගේ හිත කීරි ගැහුණේය.
 
ඇත්තටම ඒ සිද්ධිය වෙලා අදට හරියට මාසයයිනෙ. මේ දින තිහ ඇතුළත කොතෙක් ක්‍රියාකාරකම් සිදුවුණාද? සිරිදාසට තදින් හිසබර ගතියක් දැනුණේය.

අද පුර පසළොස්වක පොහොය වුණත්, අදට සති තුනකට පෙර සුජාතා කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි ජීවිතය හැර ගියාය. සිරිදාස ඒ පුවත දැන සිටියත් සුජාතා දිවිහැර ගිය පුවත සිහිකරන්නටවත් හෙතෙම නොකැමැති විය.
 
සුජාතා තමා තනිකර දමා ජීවිතය හැරගොස් නැහැ. එහෙනම් අර හවස පන්සල් යන පිරිස අතරින් හැරි හැරී දෙවට දෙස බැලූ යුවතිය සුජාතාම නොවේ දැයි සිරිදාසට සිතුණේ ඇය තමාට ඉඟි මැරූ සෙයක්ද සිරිදාස දුටුවේය.
 
මෙම සිද්ධි දාමය සිතිවිලි අතර, පොරබදමින්, තම සිතද සුජාතා කෙරෙහි යළි යළිත් බැඳීයමින් තිබෙන බව සිරිදාසට සිතිනි.
 
වසා ඇති ජනෙල් පලු දෙක අතරින් මෝදු වෙමින් තිබූ සඳරැස් තීරුවක් තමා නිදා සිටින ඇඳ ඉහත්තාවේ බිත්තියට වැටී… එහා මෙහා යනු සිරිදාස බලාගෙනය. මඳ වේලාවකින් තම කාමරයේ ජනෙල් පළුවට කිසිවකු සිහින් තට්ටුවක් දමන හඬ සිරිදාසට ඇසුණේය. ඒ සමඟ සිරි… සිරි… යැයි තමාට සිහින් හඬකින් අමතනු ඇහුණද, සිරිදාස අහගෙනය. ඒ හඬ නම් මගේ ආදරණීය සුජාතාගේ තමා යැයි’ අවබෝධ කරගත් සිරිදාස යළි යළිත් පිටතින් එන හඬට සවන් දුන්නේය.
 
ඒ අතර මහ හඬින් කිසිවකු ජනේලයෙන් පිටත සිට තදින් හුස්ම ගන්නා හඬත් සිහින් හඬින් ඉකිබිඳින හඬත් සිරිදාසට ඇසුණේය.

තමා හමුවන්නට අද සුජාතා නිවෙසටම ඇවිත් යැයි සිතූ සිරිදාස… මගේ සුජාතා… සුජාතායි… හඬගෑවේය. නිවෙසේ මවුපිය දෙපළත් සිරිදාසගේ සහෝදරයත්, සහෝදරියත් වහ වහා සිරිදාසගේ කාමරයට දිව ආවෝය.
 
මොකද පුතේ… ඇයි…? ඇයි…? මව ප්‍රශ්න කරමින්ම සිරිදාසගේ නළල අත ගෑවාය. දෙවියනේ ඇඟ ගැහෙනවා. දාඩියත් දාලා. ඇයි, පුතේයි… මව යළිත් විමසූ විට… සුජාතා ඇවිත්… මගේ සුජාතා… මාව බලන්න ඇවිත් යැයි සිරිදාස මහා හඬින් සිනාසුණේය.

මෙම සිදුවීමෙන් පසු සිරිදාස රෝගියකු බවට පත්විය. නිවැසියෝ වෙදැදුරන්ගෙන් බේත් හේත් ලබා දුන්නද සිරිදාසට සනීපයක් ලැබුණේ නැත. හිත මිතුරන්ගේ කීමට බටහිර වෛද්‍ය ප්‍රතිකාර කළද සුවයක් නොවීය.
 
පසුව ගමේ වැඩිහිටි කිහිප දෙනකුගේ උප දෙසකට අනුව කට්ටඩියන් කිහිපදෙනකු ගෙන්වා තොවිල් නැටූහ. සෑහෙන වියපැහැදමකින් පසු සිරිදාස යළි පෙර තත්ත්වයට පත්විය.
සිරිදාස තනි කරන්න නරකයි. සුදුසු තැනකින් කටයුත්තක් කර දෙන්න ඕනෑ. ගමේද වැඩිහිටි කිහිපදෙනකු කළ යෝජනාව මවුපියවරු දෙපළද පිළිගත්හ.
 
මවුපිය දෙපළ අසල ගමක වෙසෙන යුවතියක පිළිබඳ යෝජනාවක් සිරිදාසට ගෙන ආවේය.අනේ මට… බෑ.. මට සුජාතව අමතක කරන්න බැහැ… ඒ සෑම විටෙකම සිරිදාස කීවේය.
දිගින් දිගටම නිවෙසේ පිරිසත්, ඥාතීනුත් සිරිදාසට කළ පෙරැත්ත කිරීම නිසාම අන්තිමේදී සිරිදාස නිවෙසෙන් ගෙන ආ යෝජනාවට කැමැති විය.
 
තරමක් වෙහෙසකාරීව සිටි සිරිදාසට කෙටි වේලාවකින් නින්ද ගියේය. පැයක් හමාරක් ගතවන විට කාමරය තුළම ඇති වූ වීදුරු බිඳෙන හඬකින් සිරිදාස උඩගොස් බිම වැටුණේය.
තමා ළඟ තිබූ කුඩා විදුලි පන්දම දල්වා බලන විට සිරිදාස දුටුවේ මේසය මත තිබූ තමාගේ සේයාරුව බිම ඇදවැටී එහි වීදුරුව බිඳී ගොස් ඇති අයුරුය.
 
එය ගණනකට නොගත් සිරිදාස බිත්තිය දෙසට හැරී යළි නිදන්නට විය. ඔහුට අඩ නින්ද ලැබෙමින් තිබිණි. එකවරම සිහින් හඬින් උගුර පාදා.. ඒයි… ඒයි… සිරි…දා…ස නැඟිටිනවා… ඔහේ මාව අමතක කර කරකාර බඳින්නද හදන්නේ… ඔහේ මෙච්චර ආදරෙන් හිටපු… සුජාතා… අමතක කළාද? සිරිදාස මෙහෙ බලනව ඔහේව කාටවත් අයිති වෙන්ට මේ සුජාතා ඉඩ දෙන්නෙ නැහැ.. තේරුණාද?
 
බිත්තිය පැත්තට හැරී අඩ නින්දෙන් සිටි සිරිදාස වහාම අනෙක් ඇලයට හැරුණේය.
‘ම්…ම්… ආ… මේ… සු..ජා…තා ඇවිත්… යැයි… සිරිදාසට… යටිගිරියෙන් කෑගැසුණේය.’
සිරිදාසගේ කෑගැසීම අසා පවුලේ අය ඔහුගේ කාමරයට දිව ආහ. ඇ… ඇයි… පුතේ…යි මවුපිය යුවළ කළ විමසුමට… සිරිදාස කීවේ…,
 

ඔයාලා දැක්කද සු…ජා…තා මාව බලන්ට ආවා…යි කියමින් සිරිදාස මහා හඬින් සිනාසුණේය.
සිරිදාසගේ ඇඟ දාඩියෙන් තෙමී තිබිණි. ඔහුගේ ඇඟ ගැහෙන්නට විය. මවුපියවරු මෙන්ම නිවෙසට පැමිණ සිටි පිරිස මුහුණෙන් මුහුණ බලාගත්හ.

සත්‍ය කතාවකි. නම්, ගම් පමණක් මනඃකල්පිතය
නන්දන ශ්‍රී දොරකුඹුර

 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top